Watch Trailer

Elementary [S01 : E11] Sinhala Subtitles | මළසිරුර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම අලුත් කොටසක් අරගෙන ආවා. මේකතාවනම් රුසියානු ඔත්තු සේවයන් ගැන තමයි කතාව දිව යන්නේ. එත් ඉතින් ඔයගොල්ලන්ට කතාව බලද්දී තේරෙයි මෙය ගොඩක් සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිපලයක් කියලා. කතාව පටන් ගන්නේ ටෙරී පර්සවෙල් කියන කාන්තාවගේ මළ සිරුර හෝටල් ඇඳුම් සේදීමේ යන්ත්‍රයක් තුලින්…

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම අලුත් කොටසක් අරගෙන ආවා. මේකතාවනම් රුසියානු ඔත්තු සේවයන් ගැන තමයි කතාව දිව යන්නේ. එත් ඉතින් ඔයගොල්ලන්ට කතාව බලද්දී තේරෙයි මෙය ගොඩක් සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිපලයක් කියලා.

කතාව පටන් ගන්නේ ටෙරී පර්සවෙල් කියන කාන්තාවගේ මළ සිරුර හෝටල් ඇඳුම් සේදීමේ යන්ත්‍රයක් තුලින් හමුවීමෙන්. මේ කාන්තාව තමයි මේ හෝටලයේ ප්‍රධාන මැනේජර් තනතුර දරන්නේ. ලොකුම ප්‍රශ්නය තමයි පහල මාලයේ මේ සිදුවීම සිදුවූ කොටසෙහි ආරක්ෂක කැමරා ක්‍රියා විරහිත වීම. සැමටම එය පුදුමයක්. මේ අතර වොට්සන් සහ ෂර්ලොක් අතර තිබුන ගිවිසුමේ අවසාන අදියරට පැමිණෙනවා. මේ කතාවෙන් බලන්න පුළුවන් වොට්සන් කතාවේ තවදුරටත් ෂර්ලොක් සමඟ සිටීද නැතිනම් ඇයගේ සුපුරුදු රාජකාරිය සඳහා නව රෝගියකු සොයා ගනීවිද කියන එක. මේ කතාවේ අපිට හැමදාම හම්බෙන ප්‍රධාන චරිත 4ට අමතරව තවත් චරිත 4ක් හමු වෙනවා.. එලෙසම මේ කතාව තුලින් ඇමරිකාව සහ රුසියාව අතර පැවති සිතල යුද්ධය අවසන් වුවත් තවමත් එහි අඳුරු සෙවනැලි දෙපාර්ශවයෙහිම ඇස් වලට වැලි ගසා සක් මන් කරන අයුරු අපිට පසක් කරනවා.

අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවා මේ කොටස ඇමරිකාවේ විකාශය වුනේ 2013 ජනවාරි 3 වෙනිදා, ඒ කියන්නේ දැන් මාසයකට කලින් ඉතින් මම හිතුවා මේ පරණ කොටස් සතියට එක බැගින් ලබා දෙන ගමන් අලුත් කොටසුත් ලබා දෙන්න එත් අවාසනාවට මේ සතියේ Elementary කතාව විකාශය වෙන්නේ නැහැ. මීළඟ කතාව ඒ කියන්නේ 18 වෙනි කතාව විකාශය වෙන්නේ 2013 මාර්තු මස 14 වෙනිදා!ඔයගොල්ලෝ මේ වැඩේ ගැන මොකද හිතන්නේ කියල මට කියන්න. එහෙම නැතිව සුපුරුදු විදිහට පැරණි කොටස් සතියකට 2ක බැගින් ලබා දෙන්නත් පුළුවන්.

තව දෙයක් තියෙනවා මම කලින් ලබා දුන්න සබ් වලට වඩා මේක කියවීමට පහසු වන ලෙස වැඩි වෙලාවක් දර්ශනය වෙන්න සැලැස්සුවා. කලින් දුන්න සබ් වල අඩුපාඩු තිබුනොත් පෙන්නලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. නැවතත් හමුවෙමු!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,596 downloadsDownload Elementary.S01E11.rar92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/buddhitha-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිත ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/03/08

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බුද්ධිත ප්‍රනාන්දු

Subtitles

4,596 downloadsDownload Subtitles92 KB

56 comments

  1. rusuru | රුසිරු

    ඉක්මනටම දෙන ඒකට පින් මචං අනිත් ඒවාත් ලබා දෙන්න ජය

  2. elakiri

    එල එල එලම කතාවක් මචං

  3. ccnp

    Thanks

  4. ishu

    නියමයි නියමයී,, මේක දෙනකන් බලන් උන්නේ,, තැන්කු,,, :D

  5. Isuru

    maxxa meyka denakm unne :)

  6. jeewantha

    Thnx so much

  7. quik

    thanks

  8. dj

    ඔන්න බාන්න දැම්ම මචං මේක නවත්වන්නේ නැතිව දිගටම අරන් යන්න සහෝ :)

  9. tharanga

    පට්ට කතාව අනිවා බලනවා ජය වේවා සහෝට

  10. lasidu

    නියමයි ඔන්න අපිත් ගන්නෝ තුති

  11. chandana

    maru TV kathawak elazzzzz

  12. mihin ලංකා

    ජය වේවා ඔන්න අනිත් ඒවාත් ඉක්මනටම දෙන්න බලන්න සහෝ

  13. thusitha

    thnxxx buddhitha sahota

  14. was

    පට්ට හොදේ ඔන්න මාත් ගන්නවා සබ් එක ටොරෙන්ට් අරන් තියෙන්නේ

  15. vee

    maxxa saho

  16. naleen

    elakiri paharak machan

  17. kalinga

    තුති සහෝ.... ඔන්න ගත්ත‍ පිලිවලට යන එක හොදයි වගේ :) කොහොමත් අපි පිලිවලටනේ බලන්නේ සබ් දෙන

  18. එරංග

    එලස් ඔන්න මමත් මේක දෙනකම් බලාන උන්නේ, අනිත් කොටසත් ඉක්මනට දෙන්න ලැබේවා!

  19. Tharindu

    supiri aa digatama one jaya wewa

  20. bandula

    thnxz

  21. ositha

    ela wadak digatama karamu

  22. Fernando

    patta kathawak ne machan aniwa ikmanata anikwath one piliwalata denna

  23. ngo

    ado fatta bm

  24. Dina

    tanx machan

  25. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිත සහෝ සිංහල උපසිරැසියට. පිළිවෙලටම දුන්නොත් මොකද? පරණ ඒවා ඉක්මනටම දීලා අලුත් ඒවා අල්ලමු :P :P

  26. hh

    maru machan

  27. Gayan Sampath

    thanks machan....
    jaya wewa.....!!!!

  28. “චූටී මල්ලි”

    අනෙ මචන් දෙන එකක් පිලිවෙලට දියන්
    අළුත් ඒවා ගියාට කමක් නෑ
    නැත්තන් මෙහෙම කරහන් මාර්තු 14 වෙන කොට
    පරන ටික ඔක්කොටම දිලා ඉවරයක් කරහන්
    එතකොට හරිනෙ
    ඔය අනික් ඒවායෙ වගෙ තැනින් තැනින් දෙන්න එපා බන්

  29. “චූටී මල්ලි”

    ආ.. දැන්නෙ දැක්කෙ රොයිලිගෙ අදහසත් මගෙ එකමයි

  30. dananjaya prabath

    parana tika dilama aluth ewa denna.nathnam piliwelak nathiwi machan.

  31. me

    Thanks

  32. ශාන් විමුක්ති [වීමා]

    eLa mchan :)

  33. shani

    thanks for sub. feb 28 dipu epi ekath english walinma baluwa. okkoma ikmanata denna puluwan nam hodai

  34. manoj

    Thanks

  35. Rashmika

    old is gold kiyla parna ewa dila alit episodes wlt sub denna yalu...thanks lot

  36. mudiya / මුදියා

    පරන ඒවගෙ ඉඳන් පිළිවෙලටම දුන්නොත් හොඳ බව තමයි මගෙ අදහසත්.කතාවෙන් කතාවට සම්බන්ධයක් නැති වුනාට අපේ ෂර්ලොක්ගෙයි වොට්සන්ගෙයි සම්බන්ධයක් තියෙනවනෙ.අඩුපාඩු ගැන කිව්වොත් ඉතිං ගිය සතියෙ කතාවෙ සබ් එක කියවගන්න අමාරු වුන එක තමයි තිබුනෙ.(ඉක්මනට ගිය නිසා)එතකොට කතාව බලන්න මාර කට්ටක් කන්න ඕනිනෙ.හැබැයි මේ පාර අපේ බුද්ධිත බොක්ක ඒ ගැටළුවත් නිරාකරණය කරලනෙ.නියම වැඩක් කරන්නෙ.ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ කතා මාලාව.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  37. Isuru

    එල එල තෑන්ක් යූ සෝ මච්.

  38. nirosha

    mama hamadama balan inne ilaga kotasa kawadha dawida kiyala balagena.digatama karanna.jaya

  39. දිනුර රන්සික

    සතියකට අඩුම දෙපාරක්වත් මේ විදිහට සබ් දෙන එකනම් නියමයි

  40. chamara

    බොහොමත්ම තුති..

  41. prashanna

    KOLLO PILIWELAKATA YAMU NEDA EKA LESI

  42. N.Warnajith

    Thanks... Piliwelata parana ewa denawanam thama hoda.. ethakota okkoma tika cover wenawa ne...

  43. dhanushka

    piliwelata denna.. sathiyata deka gane dunnoth hondai... aluth ewai parana ewai mix karanna epa.. episode piliwelatama denna...

  44. Tharindu

    බොහොම ස්තූතියි බුද්ධිත සහෝ
    අනේ මචෝ පරණ ටික මුලින් දීලා ඉදපන් බන්
    ජයවේවා !!!!!

  45. sha

    බොහොම ස්තුතියි. නැවතත් හමුවෙමු!

  46. Eranda

    eka digatama balamu kollo.....parana tikath ekka piliwelata karagena yamu (Y) :)

  47. dilan

    well done

  48. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  49. mayura

    pls give next episode. i'm waiting................bro..
    thanks.

  50. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

Load more comments