Watch Trailer

Avatar: The Last Airbender [S02 : E06] Sinhala Subtitles | අන්ධ කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

හහ් 😀 හා…! පහුගිය කොටස බැලුවනම් දකින්ඩ ඇති මම කිව්වෙ බොරුද කියලා. අවතාර්තුමා පිස්සු මිනිස්සු වගේකට මැදි වෙලා ආත්ම ගාණකට ඉස්සර කළා කියල හිතාගෙන හිටි වැ‍රැද්දකට දඬුවම් විඳින්ඩ ගිය වෙලාවෙ කලින් කියල තියල වගේ, කල් වෙලා බලලා අග්නි ජාතික ලුහුබඳින්නන් පිරිසක් කඩන් පැනපු එක දෙයියො දුන්න වගේ ඉහේ කඩන් වැ‍ටුණ…

හහ් 😀 හා…! පහුගිය කොටස බැලුවනම් දකින්ඩ ඇති මම කිව්වෙ බොරුද කියලා. අවතාර්තුමා පිස්සු මිනිස්සු වගේකට මැදි වෙලා ආත්ම ගාණකට ඉස්සර කළා කියල හිතාගෙන හිටි වැ‍රැද්දකට දඬුවම් විඳින්ඩ ගිය වෙලාවෙ කලින් කියල තියල වගේ, කල් වෙලා බලලා අග්නි ජාතික ලුහුබඳින්නන් පිරිසක් කඩන් පැනපු එක දෙයියො දුන්න වගේ ඉහේ කඩන් වැ‍ටුණ වාසනාවක් බවට පත්වුණානෙ. ඒකෙන් මේකෙන් අවතාර්තුමාට දඬුවම් කරන්ඩ ගිය උදවිය ඓතිහාසික දඬුවම් උත්සවේ වෙනස් කරල ඒක සත්කාර උත්සවයක් බවට හරෝගත්ත අන්තිමේ… 😀

එතනින් පිටවෙලා යන අවතාර්තුමා ඇතුළු පිරිස තවමත් තමන්ගෙ අරමුණ උදෙසා කරන සෙවිල්ලට යොමුවෙනවා. අවතාර්තුමාට භූමි බන්ධන ගුරුකෙනෙක් හොයාගන්න එක තමයි අරමුණ. මෙච්චර දවස් කොච්චර දුරක් ගියත් තවමත් ඒ කාරණේනම් ඉෂ්ඨ සිද්ධ වුණේ නෑ. එක්තරා ගුරුවරයෙකුගේ පාසලකට ගොඩවැදිච්ච වෙලාවක අහම්බෙන් වගේ කට්ටියට අහන්ඩ ලැබෙනවා නීතිවිරෝධී ලෙස පැවැත්වෙන භූමි බන්ධන තරගයක් ගැන. මේක අසම්මත ලෙසින් පැවැත්වෙන්නක්. ඒ කිව්වෙ මෙහෙම ඒවා තියන්ඩ තහනම්. ජීවිතේ ගැන ආශාව අත්හැරලයි තරගෙට යන්ඩ වෙන්නෙ.

අපේ අවතාර්තුමාට හොඳටම විශ්වාසයි ‘භූමි’ රජු කියපු විදිහේ නියම ගුරුවරයෙක් හොයාගන්ඩ ලැබෙන හොඳම අවස්තාව මේක කියල. ඉතින් කට්ටිය මේක බලන්ඩ යන්ඩයි අදහස.

මේ තරගයේ වාර්තා පිට වාර්තා තියල අඛණ්ඩ ජයග්‍රහණ මාලාවක් සටහන් කරපු ඓතිහාසික ජයග්‍රාහකයා ගැන අහන්ඩත් පුදුමයි. ඔව්. කෙල්ලෙක්! ඒ විතරක්නම් මදෑ පුංචි කෙල්ලෙක්! ඒ විතරකුත්නම් මදෑ. අන්ධ කෙල්ලෙක්! කොහොමද අවුරුදු 12ක අන්ධ පුංචි කෙල්ලෙක් මෙච්චර හරියක් කරන්නෙ? අවතාර්තුමාගෙ කට්ටියත් එක්කම අපිත් තරගෙ බලමු නේද එහෙනම්?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,969 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E06.rar15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,969 downloadsDownload Subtitles15 KB

32 comments

  1. hh

    patta machan

  2. ccnp

    Thanks

  3. elakiri

    එල දෙනකම් උන්නේ බොහොම පින්

  4. chami

    thnxxxxxxxxxxxxxx

  5. wow

    wow...maru :D

  6. lasidu

    මැක්සම කතාව නොබලන උනුත් බලන්න සුපිරිම මම බලපු හොදම කාටුන් එක,.

  7. Sadun

    meka dalada balanna dawasata 10 sarayak vithara site 1ta enawa macho...

  8. quik

    thanks

  9. tharanga

    ජයම වේවා මචෝ

  10. geeth

    තෑන්ක්ස්

  11. rusuru | රුසිරු

    ela ela machan anith awath ikmnatama denna

  12. hasithadn

    thankz.........

  13. Bandula

    maxxa

  14. දිෂාන්

    හරිම ලස්සන 2D කාටූන් එකක් මේක. සබ දෙනකම් බලන් හිටියෙ උදේ ඉදන්ම‍
    බෝම පිං සුපුන් මල්ලි ජයවේවා

  15. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  16. gayan

    thanx

  17. “චූටී මල්ලි”

    elaz

  18. shani

    thanks. man aaasama catoon ekak. digatama sub denna. comments adu unata ganan ganna epa

  19. mudiya / මුදියා

    නියමයි නියමයි පුබුදු.වැඩේ සුපිරියටම නැගල යනව.ඊළඟ එක දෙනකං තමයි දැන් ඉතිං බලන් ඉන්නෙ.දිගටම සබ් ටික ඕනි හොඳේ.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  20. RT

    Anith episode tikata ikmanatama dapan machan....thawa season 1k ehempitinma thiyanawane.ekatath sub dawi kiyala api balaporoththu wenawa.romba thanx bn..

  21. Kibula

    mokada bn anith episode eka parakku mata nikan dawas dekak kawe na wage danenne

  22. hasithadn

    THANKZZZ..............

  23. RT

    anith episode parakku mokada bn.mama hamtissema enawa eka dalada kiyala balannama.....

  24. Dimuth Tharaka

    thank u mchn

  25. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  26. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  27. kamal hasitha

    cartoon eka enna ennama supiri!
    blind girl supiri!!!

    thanx bro

  28. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  29. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  30. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියේ. ☺️☺️

  31. Anonymous

    GG bro ❤

  32. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️