Watch Trailer

Elementary [S02 : E01] Sinhala Subtitles | පියවර නවය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද දෙන්න යන්නෙ ඔයාලා බලාගෙන හිටපු Elementary කතා මාලාවේ දෙවෙනි කතා සමය. මේක baiscope.lk වෙබ් අඩවියට මං ලබාදෙන පළවෙනි උපසිරැසිය. ශාන් විමුක්ති සහෝ තමයි මට මේකට උපසිරසි දාන්න ලබා දුන්නෙ. මේකට IMDb 8.0/10 වගේ අගයක් ලැබිලා තියෙනවා. අපි කව්රුත් වගේ කියවලා තියෙන ෂර්ලොක් හෝම්ස් කතා පොත් මාලාවට අනු…

Elementary (2012)

ඔන්න මම අද දෙන්න යන්නෙ ඔයාලා බලාගෙන හිටපු Elementary කතා මාලාවේ දෙවෙනි කතා සමය. මේක baiscope.lk වෙබ් අඩවියට මං ලබාදෙන පළවෙනි උපසිරැසිය. ශාන් විමුක්ති සහෝ තමයි මට මේකට උපසිරසි දාන්න ලබා දුන්නෙ. මේකට IMDb 8.0/10 වගේ අගයක් ලැබිලා තියෙනවා. අපි කව්රුත් වගේ කියවලා තියෙන ෂර්ලොක් හෝම්ස් කතා පොත් මාලාවට අනුව තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒත් ඊට හාත්පසින්ම වෙනස් විදිහකට. පොතේ හැටියටනම් ෂර්ලොක් හෝම්ස් ඉන්නෙ එංගලන්තෙ ලන්ඩන් වල බේකර් වීදියෙ. එක්දාස් නවසිය බරගණන් වල. ඒත් මේ කතාවෙ හැටියට එයා ඉන්නෙ ඇමරිකාවෙ නිව් යෝර්ක් වල වර්ථමානෙ. ඒත් ඔහුගෙ උපන්බිම එංගලන්තය කියලා මේ කතාවෙනුත් කියවෙනවා. ඔහුගෙ උදවුකරු දොස්තර වොට්සන් විදිහට මේකෙ ඉන්නෙ ගෑනු කෙනෙක්. පළවෙනි කතා සමය ඔයාලා හැමෝම බලන්න ඇතිනේ, ඒකෙ තිබුනේ වොට්සන් නෝනයි ෂර්ලොක් මහත්තයයි එකතු වෙලා හරි අපූරුවට නවීන තාක්ෂනය යොදාගෙන, විසඳන්න අපහසු අභිරහස් විසඳපු හැටිනෙ. ඔවුන්ට උදව්වට හිටියෙ NYPD එකේ කැප්ටන් ග්‍රෙග්සන් නේ. අයරින් ඇඩ්ලර් කියන ෂර්ලොක් පනදීගෙන ආදරය කරපු කාන්තාවනෙ අන්තිමට බලද්දී මොරියාටි විදිහට හැම ගේමක්ම දීලා තියෙන්නෙ. අවසානයේ බොහොම අමාරුවෙන් ෂර්ලොක්, වොට්සන් දෙන්නා ඇයව පොලිසියට කොටුකරන තැනින් ඒ කතා සමය ඉවර වෙනවා.

දෙවෙනි කතාසමය ගැන කිව්වොත්, මේකෙ සියලුම කොටස් දැනට විකාශය වෙලා අවසානයි. පළවෙනි කතා සමය වගේ මේකෙත් කොටස් 24ක් තියෙනවා. මෙම කොටසෙදී නිව්යෝර්ක් වල අහිරහසක් විසදීමෙන් අනතුරුව ෂර්ලොක්ට එංගලන්තයෙන් ඇමතුමක් ලැබෙනවා, ඒ ආපසු තමන්ගෙ උපන්බිමට ලැබෙන කැඳවීමක්. ඒ මොකටද කියලා කතාව බලලම දැනගන්නකෝ. මේ කතාවෙදි කලින් සඳහන් නොකරපු පොතේ ඉන්න චරිත කීපයක්ම ඉන්නවා. ඒ තමයි ෂර්ලොක්ගෙ සහෝදරයා මයික්‍රොෆ්ට් සහ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකේ ලෙස්ට්‍රාඩ්. තව 221B කියන ෂර්ලොක්ගෙ නිල නිවසත් මේකෙ තියෙනවා.

විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කතාවට උපසිරැසි යොදන එක ලේසි පහසු වැඩක් නෙවේ. අපිට පුරුදු ඇමරිකන් උච්චාරණයට එහා ගිය බ්‍රිතාන්‍ය උච්චාරණය සහිත දෙබස් තමයි මේකෙ ගොඩක්ම තියෙන්නෙ. online ශබ්ධකෝෂ බරගානක් යොදාගන්න වුනා මට මේකට උපසිරසි ගන්වන්න. කොහොම නමුත් සරල සිංහල බසින්, තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් සහ අර්ථයට බාධාවක් නොවන ආකාරයෙන් මං උපසිරැසිය යෙදුවා. ඇත්තම කිව්වොත් චිත්‍රපටයකට උපසිරසියක් යොදනාවට වඩා කාලයක් මේකට වැයවෙනවා. ඒ නිසා දැනට මම හිතන් ඉන්නෙ සතියකට එක කොටස බැගින් උපසිරසි ලබාදෙන්න. හැබැයි ඉතින් ඒ ඔයාලගෙ ප්‍රතිචාර අනුව තමයි. උපසිරසියෙ යම් අඩුපාඩු තියෙනවානම් ඒ ගැනත් මාව දැනුවත් කරන්න.එතකොට මට පුළුවන් ඉදිරියේදී ඒවා මගහැරගන්න. එහෙනම් මීලඟ කතා සමයෙන් මුණගැහෙමු. ස්තූතියි!

Elementary (2012) on IMDb

 

 

125 MB කොපිය මෙතනින් බාගන්න 50d9def2d9574490eb23d8fd41dbf254e24c0614 325 MB කොපිය මෙතනින් බාගන්න e1fe89e57bc035b3f13ea9af58fbec38ad59016c 1.11 GB කොපිය මෙතනින් බාගන්න ef90e7222657eee24d54776128f690ffdcbef8a3 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,674 downloadsDownload ElementaryS02E01.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Kalhara-Prasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st Season                            All Episodes                              Next Episode >>

Subtitles by

කල්හාර ප්‍රසාද්

Subtitles

3,674 downloadsDownload Subtitles111 KB

76 comments

  1. UD

    අම්මෝ දෙනකන් මග බලන් හිටියේ... බොහොම ස්තුති සහෝ...

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! වෙන් වෙන් වශයෙන් ප්‍රතිචාර දක්වන්න බැරි වුනාට සමාවෙන්න.

    2. dilan

      thankz thankazzzzzzzzzzzz saho........

  2. widuranga

    1st
    ekenma thanx....
    digatama denna

  3. UD

    මේක දැනටමත් විකාශය වෙලා ඉවර නම් ඉක්මනට සබ් දෙන්න පුලුවන් වෙයි නේද සහෝ..?

  4. රොෂීන් චාරුත

    පට්ට පට පට. දෙනකං හිටියේ. ස්තුතියි සහෝ

  5. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ මාව මේකෙන් ගලවගත්තට. මේ දෙවෙනි කතා සමයටත් මම උපසිරැසි දාන්න කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් තියෙන වැඩරාජකාරි එක්ක මේ වගේ බරපතල කතා මාලාවකට අතගහන්න අමාරුයි. මම මේකෙ පලවෙනි කතා මා‍ලාවේ කොටස් කිහිපයකට උපසිරැසි දාපු නිසා දන්නවා මේ කතාවට උපසිරැසි දාන එක මොන තරම් කට්ටක්ද කියලා. කොහොම උනත් මුල්ම උපසිරැසියට සුභපැතුම්. අදහස් දැක්වීම් අඩු උනා කියලා මගදි අත්අරින්නෙ නැතුව දිගටම දෙන්න. ජයවේවා!!!

  6. deshan

    balagenama hitapu kathawak machan thankz

  7. Chinthaka

    Ela Ela macho...Thanks dear

  8. ගයාන් රූකාන්ත(ජෝනා)

    මේක දෙනකන් බලාගෙන උන්නේ.
    මාර අමාරුවෙන් ඉවසන් හිටියේ මෙච්චර කල්
    අපේ දිනිදු අයියා මේකට සබ් කරනවා කිව නිසා.
    අනිත් ටිකත් ඉක්මනට දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට :) :)

    1. දිනිඳු සම්පත්

      යාන්තමින් මං මේ මරඋගුලෙන් ගැලඋනා මචං... ;)

    2. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      ඔයා ගැලවුණා මං වැටුනා... :D

  9. විමුක්ති

    thanks macho sub dipu ekata..

  10. D.chamara

    ammo deyak oyanam mama meka danakam balagen hitiya

  11. me

    Thanks

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    S02 සබ එනවා කියල ආරංචිය අව නිසා මේ දවස් ටිකේ S01 බලල ඉවර කරා යන්තම්..
    අනිවා මේකත් බලනවා දිගටම..
    දිගටම සබ් දෙන්න සහෝ...
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. djnirmal

    Tks bro, ikmanta anith tikath denna,,

  14. jani

    meka danakanmai balan hitiye..niyama wadak..

  15. අයේෂ්

    පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!

  16. “චූටී මල්ලි”

    එල මචෝ
    ගොඩක් කල් බලන් උන්නා මේක දෙනකම් කට්ටිය
    දිගටම දෙන්න අනිවා හැමකොටසකම
    720p web dl කොපියටත් සබ්ස් දෙන්න
    සබට තුති
    ඔබට ජය...........

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      දීල තියෙන සබ් එක ඔය කොපියට ගැලපෙන්නෙ නැද්ද?

  17. වරුණ රංගජිත් (වරූ)

    සුභ පැතුම්.. ජය වේවා!

  18. Gayashan

    HOOOOOOOOOOOOOOOO Thnak u bro,

  19. Mathisha

    THANK YOU

  20. අසෙල්

    niyamai sahoo s2 bala thiyene
    habai baluwe na sub nati nisa
    danam aiwa balanawa
    ikmanata demu

  21. Tharindu Perera

    ela vadak machann...
    thanks machan sub ekatahh...

  22. Eranga

    බොහොම ස්තුතියි මචං....

  23. Shan Vimukthi

    නියමයි කල්හාර සහෝ
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    අනිවා බැලිල්ලක් තමා
    වැඩේ දිගටම ඇදන් යමු කොල්ලෝ
    උපසිරසට බොහොම ස්තුතියි

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      ඔන්න ඔයා හින්ද තමයි මේක දෙන්නෙ, කලින් ඉල්ලපු ඒක කරන්න දුන්නෙ නෑනෙ :/

    2. ශාන් විමුක්ති

      හෙහෙ හේ
      දැන් ඉතින් උබ මට බැන බැන ඇති නේ :P

  24. sagaa

    ගොඩාක් පින් මචං...... පුලුවන්තරම් ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ..........................

  25. DSA

    meke season 01 eka man supriyama asawen baluwa. deka awa kiyla danagena godak kal. eth meka sub nathuwa baluwta therum ganda amarui mokda kathawenma ne gema thiyenne. ekai. meka nam lesi pahasu wdak nemei mekata sub danwa kiyanne. film ekata danwa meeta wada hoda athi meke eka episode ekakta danwata wada. man ithuwa baiscope eken denneth naththe meka dena ekak sahenna amarui athi kiyla. kohoma unath thank u very very very much. meka dunnata. aniwa meka iwara wenakan balnwa. apiwa athraman karnada epa magadi nwaththala. kudu gahuwa wage thamai mewa balnda gaththma. jayen jayen ha

  26. Mac

    ගොඩක් ස්තූතියි සහෝ. ගොඩක් කල් බලාගෙන හිටිය සබ් දෙනකම්. මම ආසම කථා මාලාවක්. දිගටම කරගෙන යන්න ඔබට ජය

  27. Deshan

    තැන්කූ අෑ :D

  28. yasiru

    niyamai saho,thanks...

  29. prabhath

    දෙනකන් මග බලන් හිටියේ ගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යන්න පුලුවන්තරම් ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබට ජය

  30. Buddhi

    බලන් ඉදල පිස්සු හැදිලා හිටියේ. thanks මචෝ.

  31. Dhananjaya

    අමමෝ මේකට sub දාන එක පට්ටම අමාරුයි.
    මාත් මගේ යාලුවෙක්ට support එකක් දුන්නා 1 st season එකට sub දාන්න. ඒ හින්ද අමාරුව හොඳට දන්නවා.
    මං මේකේ කොටස් 24ම බැලුවට අයෙත් මුල ඉඳන් බලන්න යන්නේ
    තැන්ක්ස් මචං............

  32. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ.....

  33. shani

    ස්තුතියි සබ් එකට.
    සීසන් 2 බැලුවා සබ් දෙන එකක් නැතිවෙයි කියලා හිතුන නිසා.
    ඒත් සබ් ගන්නවා. ආපහු නිවාඩු වෙලාවක බලන්න බැරියැ.......

  34. කුමාර

    අනේ රත්තරනේ නවත්වන් නැතුව දිගටම දීපන්.... මේකේ සබ් දාන එක කොච්චර අමාරුද කියල තේරෙනවා සබ් එකත් එක්ක මේක බලද්දි.. සදා ජය පතමි මේ වැඩේට...!

  35. ගලයා

    නියම වැඩක්.. අමාරු උනාට නවත්තන්න එපා.. ගොඩක් පින් මේක දෙනට..

  36. චාමර

    සුපිරි වැඩක්.. සබ් එක හොදටම තියනවා..

  37. Eranda

    Maxxxxxxaaaa දෙනකන් උන්නේ :-)

  38. lahiru dilshan

    Thanks Bro...!!!

  39. Chathu

    thax thax thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx machan meka dunnata......
    . Wachana walin kiyanna beri taram satutui... Digatama api wenuwen meka denna.. godak kal balagena hitiya api.. :)

  40. Sampath

    බොහෝම ස්තූතියි සබට....

  41. Hashan

    බොහෝම ස්තුතියි. පුළුුවන් තරම් ඉක්මනින් දෙන්න. නියම කථාවක්.....

  42. Sisira Hegoda

    Thanks.

  43. nipu

    godak kal balan hitiya thank you

  44. janithhashan

    අමාරුවෙන් හරි දෙන එක පට්ට මචෝ

  45. Gayan sampath

    ගොඩාක් ස්තූති සහෝ.....
    ජය වේවා.....

  46. Gamith

    Wow niyamai. Keep it up bro....

  47. Maduranga

    Waiting for this.....Thank you very much...Keep going..

  48. tharindu.tsh

    niyamai...........! mama hitanne season 2 download karagena masa gaanak balana hiyata sub enakan....!
    well done bro...........!

  49. Wicky

    thnx sub 1kata, anith ewath digatama demu..

  50. vdrift

    ana macho ikmanata dapan sub 1ka maka anakam balana hetiya

Load more comments