Evilive (Tv Mini Series) Sinhala Subtitles මුලින්ම කියන්න ඕන හා හා පුරා කියලා මන් මේ කරපු පළවෙනි උපසිරසි ගැන්වීම.ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කණ්ඩායමට. උපසිරසියේ වැරදි අඩුපාඩු තියනවනම් ඒකටත් සමාවෙන්න කියලා ඉල්ලනවා. ඉතින් පළවෙනි වතාවට උපසිරසියක් කරන්න තෝරගත්තේ මේ ක…
Evilive (Tv Mini Series) Sinhala Subtitles
මුලින්ම කියන්න ඕන හා හා පුරා කියලා මන් මේ කරපු පළවෙනි උපසිරසි ගැන්වීම.ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කණ්ඩායමට. උපසිරසියේ වැරදි අඩුපාඩු තියනවනම් ඒකටත් සමාවෙන්න කියලා ඉල්ලනවා.
ඉතින් පළවෙනි වතාවට උපසිරසියක් කරන්න තෝරගත්තේ මේ කොරියානු කතාමාලාවට. මේක බලන්න ගනිද්දී මේකට තාමත් සිංහල උපසිරසියක් කරලා නෑ කියලා දැක්කම ඒක ලොකු අඩුවක් වගේ දැනුණා.මොකද මේක සිංහල උපසිරසියක් තියෙන්නම ඕන එකක්.ඒක නිසා තමයි මම මේකට සබ් එකක් දෙන්න ඕන කියලා තීරණය කරේ.
Evilive (Tv Mini Series) Sinhala Subtitlesමේකේ මුලින්ම රංගනයෙන් දායක වුණු අය ගැන කතා කරොත් ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Shin Ha- Kyung ඔයාලා Beyond Evil බලලා තියනවනම් මෙයාව අමතක වෙන්න විදියක් නෑ. ඒවගේම Kim Young- Kwang , Shin Jae-Ha වගේ දැවැන්ත චරිත මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්.
මේ සුපිරි කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Kim Jun-Min කියන අධ්‍යක්ෂකවරයා ඒවගේම තිර රචනය කරලා තියෙන්නේ Seo lee – Hee විසින්. Hospital playlist , Midnight වගේ චිත්‍රපට හා කතාමාලාත් මෙයාගේ අතින් ලියවුණු ඒවා.
ඉතින් මේ සුපිරි කතාව පැත්තට ගියොත් නීතියත් එක්ක තමා කතාව ගලාගෙන යන්නේ.
ප්‍රධාන චරිතය වන හන් ඩොං-සූ කියන්නේ මැදි වයසේ ඉන්න අහිංසක යුක්තිගරුක කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න නීතිඥ මහත්මයෙක්. ඒත් තමන්ගේම ක්ෂේත්‍රයේ සමකාලීනයන්ගේ පෞද්ගලික පළිගැනීමක ගොදුරක් වෙන්න සිද්දවෙන මෙයාට වසර තුනකට නීති ක්ෂේත්‍රයේ තහනමකට ලක්වෙන්න වෙනවා. ඒත් ඒක්කම තමන් මෙතෙක් කල් රැස් කරපු කීර්ති නාමයන් , මුදල් , රැකියාව ඇතුළු හැමදේම අහිමිවෙලා යනවා. ඒත් ඒ වසර තුන අමාරුවෙන් ගෙවලා දාපු ඔහු තහනම ඉවත් උනාට පස්සේ තම බිරිඳ , තවමත් ආර්ථික අතින් පිළිවෙලක් නොවු එකම සහෝදරයා , ඔහුගේ සිගිති දියණිය, ඒවගේම රෝගී තත්ත්වයෙන් පෙළෙන ඔහුගේ මව නිසා ආයෙත් නීති ක්ෂේත්‍රයේ රැකියාවට යනවා ඔහුගේම සගයන්ගේ සමච්චලයට ලක්වෙමින්.
වසර තුනක තහනමකින් නැවත් ආ නිසාදෝ මෙයාට රැකියාව කරගන්න බොහෝසෙයින් අමාරුවෙනවා. මෙයා හිරගෙවල්වලට ගිහින් එහේ ඉන්න පුංචි පුංචි අපරාධකාරයොන්ගෙන් අනේ මට නඩුවක් දෙන්න කියලා හිගා නොකා හිගාකන තත්ත්වයට පත්වෙනවා.
ඔහොම ඉන්නකොට තමා තම සහෝදරයාගේ මාර්ගයෙන් හිරේ ඉන්න එක සල්ලිකාර මහත්තයෙකුගේ නඩුවකට හන් ඩොං-සූට කරගහන්න සිද්දවෙන්නේ. ඉතින් වැලේ වැල් නැතුව ඉදපු මෙයා ඒ නඩුව අකමැත්තෙන් උනත් භාර ගන්නවා.ඒත් එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේක එයාගේ මුළු ජීවිතයම කනපිට හරවාවි කියලා.
ඉතින් මේ සල්ලිකාර මහත්තයා ලේසි පහසු පුද්ගලයෙක් නෙමෙයි එයා එම ප්‍රදේශයේ ඉන්න යුංසොං කියන මැර කල්ලියේ දෙවනියට ඉන්න කෙනා වුණු සියෝ දෝ- යන්ග්. දෛවයේ සරදමකට මෙන් ඔහු කියන කියන දේවල් සිදු කර දෙන්නත් අහිංසක හන් ඩොං-සූට සිද්දවෙනවා.
ඉතින් මේ මැර නායකයා බැලු බැල්මට කඩවසම් බවින් යුක්ත උනත් අසළ සිටින පුද්ගලයන්ට මරණ බිය ගෙනදෙන්න සමත්වෙන පුද්ගලයෙක්. ඒ තරමට දරුණු පුද්ගලයෙක් වුණු ඔහුට හන් ඩොං-සූ ඔහුගේ රිසි අවශ්‍යතා ඉටු කරදෙන්නේ තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරගන්න.
ඒත් දිගටම තමන්ට හා තම පව්ලේ උදවියට කරදර කරන්න මේ අහිංසක යුක්තිගරුක නීතීඥ මහත්මයා ඉඩ දෙනවද.නැත ඔහු තමන්ගේම ක්‍රමයක් ඊට එරෙහිව යන්න යොදාගන්නවා.ඉතින් වැඩි කතා ඕන නෑ අහිංසක යුක්තිගරුක නීතීඥ මහත්මයා ඔය කියන තරම්ම අහිංසකද එහෙම නැත්තන් ඊටත් අන්ත වේවිද කියලා බලාගන්න ඕනනම් මේ කතාමාලාව නරඹන්න කියලා මන් ඔයාලාට ආරාධනා කරනවා.ඉතින් අවසාන වශයෙන් මට මේ කතාමාලාවට උපසිරසි කරන්න අවස්ථාව හදලා දුන්න බයිස්කෝප් ටීම් එකට නැවත වරක් ස්තූතිවන්ත වෙනවා.
Evilive (Tv Mini Series) Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,134 downloadsDownload Evilive-E02-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Evilive (Tv Mini Series) Sinhala Subtitles
Subtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
- #2023
- #Choi Jung-in
- #Editor's Pick
- #Evilive
- #Evilive (Tv Mini Series)
- #Evilive (Tv Mini Series) Sinhala Sub
- #Evilive (Tv Mini Series) Sinhala Subtitles
- #Evilive Sinhala Subtitles
- #Gil Hae-Yeon Bae Na-Ra
- #Kim Young-kwang
- #Shin Ha-kyun
- #Sin Jae-ha
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Song Young-chang
- #Stefan Race
- #Subs
- #subtitle
- #Subtitles
- #ඉෂාරා ගුණරත්න
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
WdH
thank u <3
Nayana Buddhika
උපසිරැසියට බොහොම ස්තූතියි
Duminda K
තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට මගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට