Watch Trailer

Vikings: Valhalla [S03 : E03] Sinhala Subtitles | ” දැනුමෙන් වූ පැරදුම ” [සිංහල උපසිරැසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Vikings: Valhalla S03 Sinhala Subtitles පසුගිය කතාංගයෙන්, ” ලීෆ්ගේ අනපේක්ෂිත අගනා මෙහෙයුම යටතේ, ඔවුනට හැකි වෙනවා බාබිකන් පවුර බිඳලාගෙන සිරකීස් බලකොටුවට ඇතුළු වන්න. එහෙදී රෝම අධිරාජ්‍යයා සිරකීස් බලකොටුවේ පාලකයා වන එමීර්වරයා හට යටත් වන්නට පැවසුවත් අවසානයේ සිරකීස් රාජ්‍යය යටත් කරගැනීමට ද්විත්ව සටනක් එ…

Vikings: Valhalla S03 Sinhala Subtitles Vikings: Valhalla S03 Sinhala Subtitles

පසුගිය කතාංගයෙන්,

” ලීෆ්ගේ අනපේක්ෂිත අගනා මෙහෙයුම යටතේ, ඔවුනට හැකි වෙනවා බාබිකන් පවුර බිඳලාගෙන සිරකීස් බලකොටුවට ඇතුළු වන්න. එහෙදී රෝම අධිරාජ්‍යයා සිරකීස් බලකොටුවේ පාලකයා වන එමීර්වරයා හට යටත් වන්නට පැවසුවත් අවසානයේ සිරකීස් රාජ්‍යය යටත් කරගැනීමට ද්විත්ව සටනක් එමීර්වරයා විසින් යෝජනා කරනවා. ඔහුගේ පැත්තෙන් එමීර්වරයාම සටන සැරසෙද්දී රෝම අධිරාජ්‍යයා, තමන්ව එක පිට පුදුමකරවන වරැංගියන් ආරක්ෂකයා වන හරල්ඩ්ව සටන සටනට යොමු කරන්නෙ, තමන් තුල හරල්ඩ් කෙරෙහි ඇති අප්‍රමාණ විස්වාසය හමුවේය! මේ අතර යොම්ස්බෝග් වල සිදු වූ අලුත විවාහයේ පසු දින සැවොම සතුටින් සාමාන්‍ය අන්දමින් කාලය ගත කරන්නෙ, ඔවුනට මීළඟට පැමිණෙන වින්නැහියේ පලවිපාක ගැන හාන්කවිසියක්වත් නොදැනයි.

Vikings: Valhalla S03 Sinhala Subtitles

හිටි හැටියෙම සියලු දෙනා ඒ මේ අත වෙව්ලමින් දුර්වලව ඇද වැටෙන්නට පටන් ගනිද්දී, සුව කරන්නෙක් වශයෙන් යෝම්ස්බෝග් වලට අලුතෙන් පැමිණි ස්ටීග්, සාදයේ ඉවුම්පිහුම් සිදු තැනට යන්නෙ විපරම් කර බලන්නටයි. එහිදි ඔහුට දැකගන්න පුළුවන් වන්නෙ, කැටිගට් වලින් ආනයනය කරන ලද පිටිවල විස හතු වගයක් කලවම් කොට තිබෙන අයුරුයි. වහාම ඔහු කැලය දෙසට දිව යන්නෙ පිළියමක් සොයාගැනීමේ අරමුණ ඇතුවයි. සිරකීස් බලකොටුව අල්ලා ගැනීමේ ද්විත්ව සටනෙදී, නොසිතූ අන්දමේ ප්‍රයත්නයකින් යුතුව හරල්ඩ්ට පුළුවන් වනවා එමීර්වරයාව ඝාතනය කොට ජය ලබන්නට. මේ අතරතුර යොම්ස්බෝග් යටත් කරගන්නට පැමිණි, ෆ්‍රේඩිස් අතින් මියදුණු ඕලාෆ්ගේ පුත්‍රයා වන මැග්නස් කැටිගට් වලට පැමිණෙන්නෙ කාටත් නොකී යටි අරමුණක් ඇතුවයි. මුලදී තමන්ගේ කතන විලාසයෙන් ප්‍රතික්ෂේප වුණු කනූට් රජු නැවත වරක් පාප්තුමා හමුවන්නට යන්නෙ මිත්‍රකමක් ඇති කරගැනීමේ අභිප්‍රාය සමඟයි.

Vikings: Valhalla S03 Sinhala Subtitles

තමනට පුළුවන් දේ ත්‍යාගයක් වශයෙන් පාප්තුමා හට ඉදිරිපත් කරන කනූට් තමන්ගේ බලපුළුවන්කාරකම් ඔප්පු කරමින් පාප්තුමාවද මිතුරු කරගැනීමට සමත්වනවා. මේ නව මිත්‍රකම හා ගිවිසුම පිළිබඳව තම පියාට දැන්වීමට ගොඩ්වින්ව කනූට් ඩෙන්මාක්වලට පිටත් කර හරිනවා. ආහාර විස වීමට පිළියමක් සකස් කරගන්නට ස්ටීග්ට හැකි වුණත්, යෝම්ස්බෝවල හරි අඩක්ම මියදෙනවා. සිරකීස් බලකොටුව යටත් කරගත් අධිරාජ්‍යයා, සිරකීස් වල ජනතාවට කිසිඳු අන්දමේ හානියක් නොකර අන්දමට අණ කර පිටව යද්දී, ලීෆ්ගේ සැලසුම අනුව බාබිකන් බිඳලීම යොදාගත් මූලද්‍රව්‍යම යොදාගෙන කාටත් හොරෙන් ජෙනරල් මනියාකිස්, සිරකීස් බලකොටුව තුල හිටපු සියලුම ජනහාව එක තැනකට කොටු කර, ගිනිතබා ඝාතනය කර දමන්නෙ, ලීෆ් මත වැරැද්ද පටවන අරමුණ ඇතුවයි. “

Vikings: Valhalla S03 Sinhala Subtitles

අද එතැන් සිට… මීළඟ කොටසින් හමුවෙමු.

හැමෝටම සුභ දවසක්! ජයවේවා!


S03. E03 :- ” Lost “
IMDb ratings :- 7.4/10
Director :- Hannah Quinn
Writers :- Jeb Stuart, Delinda Jacobs, Michael Hirst
Next Episode :- ” The End of Jomsborg “

Vikings: Valhalla S03 Sinhala Subtitles

Vikings: Valhalla S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,511 downloadsDownload Vikings-Valhalla-S03-E03-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vikings: Valhalla S03 Sinhala Subtitles

Previous BT1All BT1

Rank: Platinum
Ratings
Reviews
0
Subtitles
123
Downloads
544K
Readers' rating
No reviews yet

Write a review of රුක්ෂාන් ඛාන් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

3,511 downloadsDownload Subtitles17 KB

14 comments

  1. Sandaru Nimsara

    Thanks bro

    Reply
  2. Kasun

    Ep4 dannako

    Reply
  3. Kasun

    Ep4 eka dannako

    Reply
  4. Kasun

    EP 1;2;3 Dunnada tnq

    Reply
  5. Ayesh

    Ep4 danne kawadda

    Reply
    1. Navindu Gunawardana

      ඉතුරුවා නැද්දෝ..

      Reply
  6. Dula

    E4 denne kawadda

    Reply
    1. dinesh

      ko ithuru sub tika

      Reply
  7. Anonymous

    Ep4 eka dannako

    Reply
  8. Lakshan

    Ko ithuru ika denne nddooooooooooooooooooo

    Reply
  9. Lakshan Gunathilake

    Ane meke season 02 download karanna bane..file pennanne nane..kawuru hari help karannako

    Reply
  10. Wishwa Nawanjana Wickramarachchi

    Anith episodes walata subtitles one

    Reply
  11. Anonymous

    Ithuru episodes tikath one ikmanata

    Reply
  12. Gayathra

    ithuru episode wala sub eka danawada bro..

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.