Watch Trailer

Faith [EP01] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)-2

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…..

තම කුඩා කාලයේම යුආනය විසින් පැහැරගෙන ගොස් වසර දහයකට පසු යුආනයේ කුමරිය විවාහ කරගෙන තම රටට ආපසු පැමිණෙන රජෙක්. එතුමාගේ ආරක්ෂාවට විශේෂිත දක්ෂතා වලින් හෙබි ආරක්ෂක කණ්ඩායමක්. ඒත් නොසිතූ විදිහට ඇතිවූ සතුරු ප්‍රහාරයකින් නව රැජින තුවාල ලබනවා. ඇය සුවකිරීම කලනොහැකි දෙයක් බවයි වෙදැදුරාගෙ මතය වන්නේ. එහෙත් ඔවුන්ගේ පුරාවෘතයක සිටින හ්වාතා නම් වෙදැදුරාට සුවකල නොහැකි රෝගයක් නොමැති බවට ඔවුන් තුල මතයක් තිබෙනවා. ඉතින් රජ බිසව සුව කිරීමට ස්වර්ගයට ගොස් හ්වාතා රැගෙන එන්නයි ඔවුන්ගේ සූදානම…

ලිපිය-කණිෂ්කා පෙරේරා.

——–

Faith-දෙව් ලොවින් ආ වෛද්‍යවරිය (2012)

1 වන කොටස.

කොරියාවේ SBS නාලිකාවේ 2012 වර්ෂයේදී විකාශය වුණු Sin-ui නැත්නම් Faith ටෙලි නාට්‍ය එම වසරේදී සම්මාන 5ක් දිනා ගත්තා. Boys over flowers නාට්‍යයෙන් ප්‍රසිද්ධ වුණු Lee Min Ho නැත්නම් කවුරුත් දන්න ගු ජුන් පියෝ තමයි මේ කතාවෙත් වීරයා.

කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. ගොර්යෝව එහෙමත් නැත්නම් කොරියාව කියලා අද හඳුන්වන රටේ වර්ෂ 1300 ගණන්වල ගොන්ග් මින් නමින් රජෙක් රජ වෙනවා. ඔහු සරණපාවා ගන්නේ යුවානයේ එහෙමත් නැත්නම් චීනය කියලා දැන් හඳුන්වන රටේ නො ගුක් කුමරිය. ඒ කාලේ ගොර්යෝව පවතින්නේ යුවානයේ බලපෑමට යටත් වෙලා. යුවානයෙන් විතරක් නෙවෙයි ගොර්යෝව තුළත් ඉන්නවා තමංගේ රටට විරුද්ධව යුවානයට උදව් කරන අය. මේ ගොන්ග් මින් රජුට විශ්වාසවන්තව හැම මොහොතේම ඔහුට සේවය කරන්නේ වූ දල් චී කියන සේනාවේ සෙන්පති චෝයි යන්ග් (Lee Min Ho). ඔහු තමන්ගේ පොරොන්දු අකුරටම රකින රජුට හොඳින්ම පක්ෂපාත කෙනෙක්. ඒ නිසා ඔහු විශාල කරදරයන්ට මුහුණ දෙනවා.

පළවෙනි කොටසේදී වෙන්නේ යුවානයේදී විවාහ වුණු ගොන්ග් මින් රජු නැවතත් තමන්ගේ රටට එන විට සිදු වෙන දේවල්. රජුට විරුද්ධ පිරිස් පහර දෙනකොට එයට විරුද්ධව සටන් කරන්නේ චෝයි යන්ග් සහ ඔහුගේ සේනාව. නමුත් රජුවටේ ඉන්න පාවා දෙන්නන් නිසා රැජිනට තුවාල වෙනවා. ඒ කාලේ තිබුණා වෛද්‍යක්‍රම වලින් ඇයව බේරා ගන්න බැරි වෙද්දී රජුගේ උපදේශකයා කියනවා දෙව්ලොව ඉන්න හ්වා තා වෛද්‍යවරයාට පමණයි ඇය බේරා ගත හැක්කේ කියල. ඉතින් මේ වැඩෙත් භාර ගන්නේ චෝයි යන්ග්. බලමු ඔහුට දෙව්ලොවට යන්න පුළුවන් වෙයිද? වෛද්‍යවරයා කැඳවා ගෙන ආ හැකිද?

ලිපිය- අනුත්තරා බණ්ඩාර

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,316 downloadsDownload 201509112058baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” හා “අනුත්තරා බණ්ඩාර” සොයුරියන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                        All Episodes                Next Episodes>>

Subtitles

2,316 downloadsDownload Subtitles46 KB

16 comments

  1. Kulanjana Maduranga

    niayamai…korean nm ithin balanawama thama....meka digatama demu...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. චන්දිම අමරසිංහ

    නියමයි . සුභපැතුමි දිගටම කරගෙන යමු.

  3. Dileep

    මෙවැනි සේවාවක් අප වෙනුවෙන් කිරීම ගැන ඉතාමත් ගෞරවයෙන් ස්තුති කරනවා. දිගටම සබ් කරන්න. ජයවේවා.

  4. Supun

    Thanks a lot sister

  5. ishi

    thanks sis...

  6. achi

    thanx sis

  7. Madu

    English සබ් එක්ක කථාව බලලා තිබුනත් සිංහල සබ් එක්ක තව සැරයක් බලන්න ඔනි කියලා හිතුනා... Thanks සබ් එකට....... :) Melody of Love Series එකෙත් සබ් කරන්නකෝ....................

  8. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Buddhika

    ඔහ්..ආයෙත් කොරියන් සීරීස් එකක් Boys over flowersඑකේ සහ The Heirsඑකේදීත් Lee Min Hoගෙ performance සුපිරි..මේ සීරීස් එක වෙනුවෙන් මහන්සි වෙනවට ඔයාල දෙන්නටම ස්තුතියි…

  10. mahesha

    great job Anu... Keep up the good work

  11. malith

    thanks sub ekata thawa sub karanna

  12. Nethu

    Kathawa english sub eken baluwata sinhala sub eken balana hithuna

  13. Piyumichathurika

    Pls ane kauru hari mta kynkoo meke vedios download kle khmd kyl..

    1. Anonymous

      Plz give me subtitles for city hunter drama

  14. janaboy

    meke hash tag eka use karala download karaganna bane
    eka update velada?

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.