මේ ගෙන එන්නේ The Originals කතා මාලාවේ දෙවන සමයේ 21 වන කොටසයි. පසුගිය කොටස පිළිබඳව පොඩි මතකාවර්ජනයක් කරනවම් එලයිජා ක්ලවුස්ගේ හදවත හරහා කිනිස්සක් බැස්සුවත් ඩාලියාගේ උදව්වෙන් ක්ලවුස් ඉන් මිදුනා වගේම ඩාලියා සමග තමන්ගේ දරුවා ලබා ගැනීම වෙනුවෙන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සටනට සන්ධාන ගත වුනා. මේ අතර වාරයේ ෆ්…

මේ ගෙන එන්නේ The Originals කතා මාලාවේ දෙවන සමයේ 21 වන කොටසයි. පසුගිය කොටස පිළිබඳව පොඩි මතකාවර්ජනයක් කරනවම් එලයිජා ක්ලවුස්ගේ හදවත හරහා කිනිස්සක් බැස්සුවත් ඩාලියාගේ උදව්වෙන් ක්ලවුස් ඉන් මිදුනා වගේම ඩාලියා සමග තමන්ගේ දරුවා ලබා ගැනීම වෙනුවෙන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සටනට සන්ධාන ගත වුනා. මේ අතර වාරයේ ෆ්රෙයා ඇතුළු පිරිස ඩාලියා නැසීමට එක්තරා මාරක සැලැස්මක් සුදානම් කරනවා. අවසාන වශයෙන් හෝප්ව රැගෙන පලායන හෙයිලි හා ජැක්සන් ඇතුළු පිරිසගේ ගමනට බාධා කිරීමට ඩාලියා මායාවෙන් කුණාටුවක් ඇති කරනවා.
අද කොටස ගැන කතා කරනවනම් අද සිද්ධවන්නේ ඩාලියා, ක්ලවුස් හා එලයිජා ඇතුළු පිරිස අතර සිද්ධවෙන සටනයි. ඒ නිසා ඒ ගැන වැඩිය කියන්න අවශ්‍ය නෑ. මොකද කට්ටියම මට බැන බැන ඇත්තේ උපසිරැසිය ගෙන්න ගොඩක් පරක්කු වුන නිසා.
ඉතින් කිව්වා වගේම උපසිරැසිය ගෙන්නනම් ගොඩක් පරක්කු වුනා. මම නිදහසට කරුණු කියන්න නම් යන්නේ නෑ. ජොබ් එකක් කරනකොට එකේ තියෙන අමාරුව කට්ටියම දන්නවා ඇතිනේ. 🙂 කෙසේ නමුත් මට කියන්න තියෙන විශේෂම දේ තමා බයිස්කෝප් අඩවිය තුළ පල කරන හැම චිත්‍රපටයක්ම හෝ කතා මාලාවක්ම බලන්න අපි කාටවත් අනිවාර්ය කරලා නෑ. කරන්නත් බෑ. ඉතින් මේ තුලින් යමක් බාගත කිරීම හෝ නොකිරීම ඔයාලගේ දෙයක්. කෙනෙක්ට හොඳ දෙයක් තව කෙනෙක්ට එපා කරපු දෙයක් වෙන්න ඇති. නමුත් අපි කොයි වෙලෙවත් ඒකපාර්ශ්වික වෙලා පිරිසක් විතරක් ඉල්ලන දේම දෙන්නේ නෑ. ඉතින් අපි මෙහි පලකන සිංහල උපසිරැසිය සමග වූ චිත්‍රපටය/කතා මාලාව භාගත කරලා පසුව එය තමන්ට අප්‍රිය ජනක දෙයක් වුනාම එය ඉදිරිපත් කළ කෙනාට හෝ මේ වෙබ් අඩවියට අපවාද නගන එක ගැනනම් ඇත්තෙන්ම කණගාටුයි. මොකද මම ඉදරිපත් කළ එක්තරා චිත්‍රපටයක් නිසා එක්තරා කෙනෙක් (පිරිසක්) මට හා මගේ දෙමාපියන්ට අසැබි ලෙස බැන වැදිලා තිබුනා. වරදක් පෙන්වල දෙන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයක් අනුගමනය කරන අයට මම ඇත්තෙන්ම ගරු කරනවා. නමුත් අසැබි වචනයෙන් බනින අය ගැනනම් ඇත්තෙන්ම අප්‍රියයි. උපසිරැසි කරන කිසිම කෙනෙක් මේ තුළින් සත 05 ක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔවුන්ගේ කාලය, ශ්‍රමය වෙන කෙනෙක්ගේ/පිරිසකගේ රසාස්වාදය වෙනුවෙන් කැප කරද්දී එය අගයන්න බැරිනම් තව දුරටත් ඒ දේම කරන එක වැඩක් නෑ කියලයි මම හිතන්නේ. ඒ නිසා ඊළඟ කොටස කිරීමෙන් අනතුරව මම උපසිරැසි කරන එක නවත්තන්න හිතුවා. ඉතින් ඒ කොටසත් ලබන සතියේ අනිවාර්යෙන් දෙන්නම් කියලා පොරොන්දු වෙන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි.
880FEE701473B29969BFB31B8DD0253205A61154 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,102 downloadsDownload The-Originals_S02E21_-baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
22 comments
Heshan Sudhammika
janna
waiting for this bro.thankzzz lot
Iraj Asela
Thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!
ඕවා ගනන් ගන්න එපා බං,දිගටම සබ් දෙමු!Sahakil
We ar waiting 4 ur subs bro!
s.a.s
sub eka nam hemadama wage patta parakkui..ballo biruwata kadu path wenne nene bro..digatama karan yan
tharindu
thanks
ishanka
digatama sub dipan machn...
sajeevi
Thanks
Rasindu Perera
අම්මෝ...සබට තැන්ක්ස්...මේක දෙනකන් බලන් හිටියේ...එක එකා කියන ඒවා ගණන් ගන්නේ නැතුව දිගටම සබ් කරන්න...
සුපුන් බුද්ධික
ඕවා ගනන් ගන්න එපා සහෝ..
අපේ අයට මොනම හරි නිකන් හම්බ වෙද්දි වැරදි හොයනව වැඩි..
ඒක නිසා ඒ සම-හරක් නිසා උපසිරැසි කරන එක නවත්තන්න එපා..
හොදක් කියන ටික දෙනා වෙනුවෙන් හරි උපසිරැසි කරමු..
ගල් මුල් වතුර බලද්දි එයි...එහෙම තමයි..ඒවා ඉවසගෙන ඉදිරියට යමු..ජය වේවා !!!
Randi
Thanks මචන් සබ් එකට...
සමහරක් කියන ඒවා නිසා දුක් වෙන්න එපා මචන්.අපි දන්නවා මේක දෙන්න කොච්චර මහන්සි වෙනවද කියලා...ඒ නිසා පුලුවන් විදිහට සබ් එකක් දාන්නKulanjana Maduranga
niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
mcn 'samaharak' thappu lawata ewata salenna epa....sahola krna me sewaya agaya karana hugak aya baiscope 1ke innawa...eyala gna hithala wth sub dena 1ka nawaththanna epa......saho pala athi rukata ne mcn gal gahanne....e nisa mcn oya deyak krna kota iwasan inna bari un nisa saho me sewaya nawath wanna epa........keep it up..............
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ayesh
ELZZZZZZZZZZ.thank mchooooooooooooo
ayesh
elllzzz
MLS
thanx bro sub ekata.
lahiru
SEASON 3 awilla.....ekath ikamanata dennkoooooooooooooo..........................
Rashmi
tnx a lot
Dasun malshan
Ela ela bn sab dunnata bokkenma thanks
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔය එක එකා කියන එවා ගනන්ගන්න එපා. ඔයලා කරන කැපවීමට ගොඩක් ස්තූතිය්.