Watch Trailer

Faith [EP16] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

රජතුමා මාලිගයෙන් පිට කරන ලෙස වුදාල්චිවරුන් හට පණිවිඩයක් යවන චෝයි යන්ග් රැජිණගේ ආරක්ෂාවට මාලිගය වෙත පිටත්ව යනවා. ඊට පෙර වෙදැදුරුතුමියට අවශ්‍ය ප්‍රති විෂ ඩියොක්හන්ග් කුමාරයගෙන් ලබා ගන්න අවශ්‍ය දේ සිදු කරලයි ඔහු පිටව යන්නේ. ඩියොක්හන්ග් කුමරු බොහොම කපටි පුද්ගලයෙක් බව චෝයි යන්ග් දැනගන්නවා. රැජිණ තම ආරක්ෂකයින් සහ චෝයි යන්ග් විසින් ආරක්ෂිතව මැදුරෙන් පිට කරද්දී රජතුමා වුදාල්චි වරුන් සමග පිටව යනවා. රජතුමා ප්‍රාණඇපයට ගෙන සිහසුන පැහැරගැනීමට එන ඩියොක්හන්ග් කුමාරයටත් ඩියොක්සියොන්ග් සාමිතුමාටත් රජතුමා මාලිගයෙන් පිටව ගොස් තිබීම කෝපයට කාරණයක් වෙනවා.  රජතුමාට විරුද්ධව කැරැල්ලක් ඇති කලායැයි අමාත්‍යවරුන් ඉදිරියේ කෝප වන ඩියොක්හන්ග් කුමාරයා රාජ්‍ය උපදේශක ජා ඉල් ශින්ව ඝාතනය කරනවා. ඉන්පසු ජීවත්ව සිටින එකම රාජකීය ලේ ඥාතියා ලෙස තමන් රජතුමා නැවත පැමිණෙන තෙක් දේශය ආරක්ෂා කරගත යුතු බව පවසන ඩියොක්හන්ග් කුමාරයා සිහසුනේ අසුන්ගන්නවා. චෝයි යන්ග්ගේ විරෝධය මැද ඩියොක්හන්ග් කුමාරයා හමුවීමට ඉයුන් සෝ අවස්ථාවක් සලසා ගන්නවා. එහිදී ඇය දිනපොතේ ඉතිරි පිටු ටික ඉල්ලා සිටිනවා. නමුත් ඔහු ඇයට එවනු ලබන්නේ ඉන් අඩක් පමණයි. ඒ පිටු කියවීමෙන් ඇය වටහා ගන්නවා අතීතයේ සිටි තමන් විසින්ම අනාගතයේ තමන් වෙත එවූ පණිවිඩයක් එහි ලියවී ඇති බව.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,272 downloadsDownload Faith-16.-baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,272 downloadsDownload Subtitles33 KB

7 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!

  2. Sadu..

    tnkzz akkiyo.b.s

  3. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Tharindu Laxman

    තැන්ක්ස් සබ් එකට අක්කේ!!!

  5. Aruni

    thank you sub walata.........anith subtikath ikamanata danna

  6. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..