Watch Trailer

Faith [EP15] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

වෙදැදුරුතුමිය වෙත දී ඇති විෂ වර්ගය නැසීමට ප්‍රති විෂ ලබාගැනීමට අවශ්‍ය නම් තමා වෙත එන ලෙස ඩියොක්හන්ග් කුමාරයා චෝයි යන්ග් වෙත දන්වා සිටිනවා. එසේ ඔහු වෙත ගෙන්වන චෝයි යන්ග් හට ඔහු පවසන්නේ රජුගේ රාජකීය මුද්‍රාව තමන් වෙත ගෙන ආ විට එය ලබාදෙන බවයි. චෝයි යන්ග් වෙදැදුරුතුමියගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් එය සිදු කරනවා. නමුත් මෙහිදී රජතුමා සිතන්නේ චෝයි යන්ග් තමන් හට විරුද්ධ වූ බවයි. අනෙක් පසින් තමන් වෙත මිනිසුන් රැස් කරගන්නා ඩියොක් හන්ග් කුමාරයා රාජකීය උපදේශක ජා ඉල් ශින් හට පවසනවා කැරැල්ලක් ඇති කර ඩියොක්සියොන්ග් මාලිගය වටලන ලෙස. නමුත් ඔහුගේ නිවැරදි උපක්‍රමය වන්නේ රාජකීය හමුදා මාලිගයෙන් ඉවත් කර ඩියොක්සියොන්ග් සාමි හට මාලිගයට පහර දීමට අවස්ථාව සලසා දීමයි. සැමවිටම මෙවැනි අවස්ථාවක රජතුමාගේ සහයට සිටින චෝයි යන්ග් මේ මොහොතේ සිටින්නේ ඩියොක් හන්ග් කුමාරයා ලඟයි. තමන් ඉදිරිපිටම රජතුමා වෙත සිදුවන මේ සැලැස්ම අසා සිටියත් ඔහු බොහොම අසරණ වෙනවා. වෙදැදුරුතුමිය බේරා ගැනීමට ඩියොක් හන්ග් කුමාරයා සමග සිටිනවද? නැති නම් ප්‍රති විෂ අමතකර කර රජතුමාගේ ආරක්ෂාවට යනවද?

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,368 downloadsDownload Faith-15.-baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,368 downloadsDownload Subtitles31 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sadu..

    bohoma thuthi akkiyo.

  3. Aruni

    thanks friend.........

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..