Watch Trailer

Fargo [S05 : E08] sinhala subtitles | අඳුරු තිර පට [සිංහල උපසිරසි]

මේ අපි අරගෙන එන්නේ Fargo Season 05 එකේ අටවෙනි කතාංගයේ සිංහල උපසිරැසියයි. එහෙනම් අද කතාවේ වෙන දේවල් ඉක්මණින්ම බලමු. අද පළ වන කතාංගය ගැන: අටවැනි කොටස – S05 E08 – “Blanket” – “අඳුරු තිර පට” අධ්‍යක්ෂණය – Sylvain White තිරරචනය – Noah Hawley & Thomas Bezucha මුල්වරට විකාශය කෙරුණු දිනය – 2024 ජනවාරි 02 IM…

මේ අපි අරගෙන එන්නේ Fargo Season 05 එකේ අටවෙනි කතාංගයේ සිංහල උපසිරැසියයි. එහෙනම් අද කතාවේ වෙන දේවල් ඉක්මණින්ම බලමු.   අද පළ වන කතාංගය ගැන:
  • අටවැනි කොටස –   S05 E08 – “Blanket” –  “අඳුරු තිර පට”
  • අධ්‍යක්ෂණය –   Sylvain White
  • තිරරචනය –   Noah Hawley & Thomas Bezucha
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2024 ජනවාරි 02
  • IMDb Ratings –  8.5/10
අද කතාව පටන් ගන්නේ මෙහෙමයි. රෝහලේදී, පොලිස් භට විට් රෝයි දකිනවා රෝයි ටිල්මන් ඩොරතිව බලෙන් රැගෙන යන්නට උත්සහ කරන අන්දම. විට් එයට එරෙහි වුණත්, රෝයිගේ පිරිස් බලය නිසා ඇයව ගලවා ගැනීමට නොහැකි වෙනවා. රෝයි ඩොට්ව නැවත ඔහුගේ ගොවිපළට ගෙන ගොස් ගබඩාවක දම්වැල්වලින් බැඳ දමනවා. මේ අතර ලොරේන් ලයොන්ගේ ණයගැතියන්ගේ පොතෙන් උතුරු ඩැකෝටාවේ පිරිමින් තිදෙනෙකු තෝරා ගන්න ඩැනිෂ්, ඔවුන් සියලු දෙනාගේම නම් “රෝයි ටිල්මන්” ලෙස වෙනස් කරනවා. ඒ ඔවුන්ව රෝයි ටිල්මන්ගේ විවාදයට යැවීමේ අරමුණින්. මේ අතර හදිසියේ නිවෙසට පැමිණෙන ඉන්දිරා තම සැමියා වෙනත් කාන්තාවක් සමඟ යහන්ගතව සිටින බව දැක ඔහුව පන්නා දමනවා. ඉන්පසු රෝයි ටිල්මන් ෂෙරිෆ් ලෙස නැවත තේරී පත්වීම සඳහා ඔහුගේ විවාදයට යන අතර, ඔහුගේ කතාව කඩාකප්පල් කිරීම සඳහා වේදිකාවේ සිටින අනෙක් රෝයි ටිල්මන්වරුන් තිදෙනා දකිනවා. රෝයි විවාදය අතරමඟ කඩාකප්පල් කර, පිටතට යද්දී නිවෙදිකාවගේ මුහුණට පහර දෙනවා. කෝපයෙන් යළි නිවෙසට පැමිණෙන රෝයිගේ ද්වේශයට ලින්ඩා ලක්වනු ඇතිද? තමන්ට ලින්ඩා හමුවුණු බවත් ඇය රෝයි භාරයේ පසුවන බවත් විට් විසින් ඩැනිෂ්ට හෙළි කරනවා. ඉන්පසුව ඩැනිෂ් කුමක් කරනු ඇතිද? මේ අතර ගේටර් මුහුණදෙන අකරතැබ්බය කුමක්ද? අද කතාවෙන් මේ ටික දැනගනිමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

226 downloadsDownload Fargo-S05E08.zip21 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

226 downloadsDownload Subtitles21 KB

0 comments

No comments yet.