One Punch Man [ S03: E01] Sinhala Subtitles විනෝදයට වීරයෙක් වුනු, එක මුෂ්ටි පහරකින් හැම එදිරිවාදියෙක්වම බිම දමන, සීමා මායිමක් නොදන්න කාය ශක්තියක් තියෙන, ලස්සන පෙනුමකුත් නැති වැඩිය කවුරුවත් නොදන්න වීරයෙක් ඉන්න ඇනිමෙ කතා මාලාවක් ගැන මුළු ඇනිමෙ රසික ප්‍රජාවම ලොකු බලාපොරොත්තුවකින් හිටියා. කොටින්ම අවුරු…

විනෝදයට වීරයෙක් වුනු, එක මුෂ්ටි පහරකින් හැම එදිරිවාදියෙක්වම බිම දමන, සීමා මායිමක් නොදන්න කාය ශක්තියක් තියෙන, ලස්සන පෙනුමකුත් නැති වැඩිය කවුරුවත් නොදන්න වීරයෙක් ඉන්න ඇනිමෙ කතා මාලාවක් ගැන මුළු ඇනිමෙ රසික ප්‍රජාවම ලොකු බලාපොරොත්තුවකින් හිටියා. කොටින්ම අවුරුදු හයක් මේ වෙනුවෙන් ඇනිමෙ රසිකයො ඇඟිලි ගැන්නා. එක පහරකින් සියල්ලම අවසන් කරන “සයිතමා” නම් මේ වීරයා ඉන්න ඒ ඇනිමෙ කතා මාලාව තමයි One Punch Man. ඉතින් ඒ සයිතමාගේ තුන්වෙනි දිග හැරුම අරඹන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ.
කලින් කිව්වත් වගේම 2019 දී One Punch Man Season 2 නිකුත් වී අවසන් උනායින් පස්සෙ මීළඟ Season 3 ගැන හැමෝම අවධානයෙන් පසු උනා. ඒත් කාලය ගත උනා ඇරෙන්න සතුටුදායක කිසිම පුවතක් මේ One Punch Man Season 3 ගැන අහන්න ලැබුනේ නෑ. හිටි හැටියේම 2022 අවුරුද්දෙදි Season 3 නිළ වශයෙන් නිවේදනය කළා. ඒත් නිකුත් කරන කාලයක් ගැන සඳහනක් තිබුනෙ නෑ. ඊටත් පස්සෙ ඔන්න 2024 අවුරුද්දෙදිත් ටිකෙන් ටික Character posters නිකුත් කරපු නිසා season 3 2024 දී ඒවි කියල රසිකයො අනුමාන කළා. ඒ අනුමානය තවත් කල් යමින් One Punch Man Season 3 2025 දී නිකුත් කරන බවට තොරතුරු නිකුත් උනා. ඒ අනුව තමයි මේ Fall Season එකේදී අපිට One Punch Man Season 3 නරඹන්න අවස්ථාව හිමි වෙන්නෙ.
සුපුරුදු විදිහටම ONE ගේ Wanpanman හෙවත් One Punch Man මන්ගාව ඇසුරෙන් නිමවෙන මේ කතාවේ ඇනිමේෂන් නිෂ්පාදනය Season 2 හි වගේම J.C.Staff Studio එක විසින් සිදු කරනවා. Season 3 ට අදාළව මිනිත්තු 24 ක් පුරා දිවෙන මුළු කොටස් 11 ක් ඇතුළත් බව සඳහන්. ඒ වගේම Season 3 හි අලුත් කොටස නිකුත් වෙන්නට කලින් One Punch Man Recap Episode එකක් නිකුත් උනා. අවුරුදු 6 කින් නිකුත් වෙන නිසාවෙන් කතාවේ සිදුවීම් කෙටියෙන් නැවත මතක් කිරීමක් විදිහට තමයි මේක නිකුත් උනේ. මේ Season 3 හි අලුත්ම Opening Theme එක විදිහට “Get No Satisfied!” ගීතය JAM Project සහ BABYMETAL එක්ව perform කරද්දී, Ending Theme එක විදිහට “Soko ni Aru Akari” ගීතය Makoto Furukawa විසින් perform කරනවා. විශේෂයෙන්ම මේ Opening Theme එක freshly opening vibe එකක් ලබාදෙන බවට නම් කිසිම සැකයක් නෑ.
ඉතින් Season 3 හි කතා ආරම්භය ගැන කියනවා නම් Season 2 හි අවසානයෙන් පසුව එළඹෙන සිදුවීම් වටා තමයි කතාව ඇරඹෙන්නෙ. ඒ කියන්නෙ ගරෝ සහ සිල්වර්ෆැන්ග් අතර වුනු සටනින් පස්සෙ වුනු දේවල් වලින් තමයි Season 3 පටන් ගන්නෙ. වීරයන්ව දඩයම් කරන රාක්ෂයෙක් විදිහට තමන්ව හඳුන්වා ගනිමින් ගරෝ තමන්ගෙ ගමන අරඹපු විදිහ ඔයාලට මතක ඇති. අමතක නම් ඔන්න එහෙනම් ආයෙත් One Punch Man මුල ඉඳන් බලන්න වෙලාව ඇවිත්. ඉතින් ඒ සටනින් පස්සෙ සයිතමා ඇතුළු වීරයන්ගෙ කණ්ඩායම මොකද කළේ? සටනින් ගරෝට මොකද උනේ? රාක්ෂයොන්ගෙ මීළඟ පියවර මොකක්ද? වීරයන්ගෙ සංගමයෙ මීළඟ සැලැස්ම මොකක්ද? මම වැඩි විස්තරයක් කියන්නෙ නෑ. කතාව අමතකයි නම් මුල ඉඳල ඔයාට සිංහල උපසිරැසි එක්කම කතාව නරඹන්න පුලුවන්.
එහෙනම් නරඹන්න මේ එක මුෂ්ටියකින් හැමදේම අවසාන කරන වීරයගෙ කතාව හෙවත් One Punch Man Season 3. සුපුරුදු විදිහටම මේක අතට අත මුහුණට මුහුණ ගැටෙන, ලේ නෑවෙන සටන් සමගින් ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ One Punch Man Season 3. ඒ වගේම සිංහල උපසිරැසිය නිර්මාණය වෙන්නෙ One-Punch Man – S03 [1080p] (Weekly) කියන ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. කොටින්ම ඕනෑම වෙබ් පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. ඒ වගේම උපසිරැසිය එක්ක ජපන් බසින් කතාව නරඹන්න අමතක කරන්න එපා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Strategy Meeting
Released Date : 2025.10.12
IMDB Rating : 6.3

One Punch Man,One Punch Man [ S 03: E 01] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
2,121 downloadsDownload One-Punch-Man-S03-E01-sinhala-subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Senuth
Anonymous
THANKS bro
Anonymous
Elage eke ekth dann
Anonymous
Bro video eka ganne kohinda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



OMG thank u .......