Flex X Cop Season 1 Sinhala Subtitles 2024 වර්ෂයේ මුලභාගයේදී විකාශය වෙලා ලෝකෙ පුරාම ලොකු රැල්ලක් හදපු Flex X Cop (재벌X형사) කොරියන් කතාමාලාවේ දෙවැනි දිගහැරුම, ඒ කියන්නේ Season 2 විකාශන කටයුතු මේ වෙද්දීන් ආරම්භ වෙලා තියනවා. පළමු සීසන් එකෙන් ආදරය දිනාගත් Ahn Bo-hyun (ජින් යි සූ ලෙස) ප්‍රධාන චරිතයෙන් නැව…

Flex X Cop Season 1 Sinhala Subtitles
2024 වර්ෂයේ මුලභාගයේදී විකාශය වෙලා ලෝකෙ පුරාම ලොකු රැල්ලක් හදපු Flex X Cop (재벌X형사) කොරියන් කතාමාලාවේ දෙවැනි දිගහැරුම, ඒ කියන්නේ Season 2 විකාශන කටයුතු මේ වෙද්දීන් ආරම්භ වෙලා තියනවා.
පළමු සීසන් එකෙන් ආදරය දිනාගත් Ahn Bo-hyun (ජින් යි සූ ලෙස) ප්‍රධාන චරිතයෙන් නැවතත් එකතු වන අතර, Kang Sang-jun සහ Kim Shin-bi වැනි ජනප්‍රිය නළු නිළියන්ද නැවතත් තම චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. මෙවර විශේෂත්වය වන්නේ නව කණ්ඩායම් නායිකාවගේ චරිතයෙන් රංගන ශිල්පිනී Jung Eun-chae එක්වීමයි.

2015 වසරේ විකාශය වුණු “Silver Spoon” කියන සුප්‍රසිද්ධ රුසියානු ටීවි සීරීස් එක ඇසුරෙන් Sreda ආයතනයේ නිල ආකෘතියකට අනුව නිර්මාණය වුණු මේ කතාමාලාවේ Season 2 එකත්, පළමු සීසන් එක රචනා කළ Kim Ba-da සහ අධ්‍යක්ෂණය කළ Kim Jae-hongගේ එකතුවෙන් තවත් උද්වේගකර ලෙස නිර්මාණය වී තියෙනවා.
මෙම දෙවැනි සීසන් එක 2026 අගෝස්තු 07 වෙනිදා ඉඳන් දකුණු කොරියාවේ SBS TV නාලිකාව හරහා හැම සිකුරාදා සහ සෙනසුරාදාම රාත්‍රී 09.50 ට විකාශය වීම ආරම්භ වුණා. කොරියාවේ Wavve හරහා වගේම ලෝකේ පුරාම ඉන්න අපිට Disney+ ස්ට්‍රීමිං සේවාව හරහාත් මේ අලුත්ම සීසන් එක නරඹන්න අවස්ථාව ලැබෙනවා.

අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු…
කතාව ගෙතෙන්නේ ජින් යි-සූ වටායි. පළමු සීසන් එකේදී සෙල්ලක්කාර විදිහට පොලිසියට ආපු මෙයා, මෙවර පොලිස් ඇකඩමියේ නිල පුහුණුව සාර්ථකව අවසන් කරලා නියම රහස් පරීක්ෂකයෙක් විදිහටම අපරාධ විමර්ශන භූමියට පිවිසෙනවා. හැබැයි ඉතින් එයාගේ අතිමහත් ධන සම්පත, පෞද්ගලික හෙලිකොප්ටර්, යාත්‍රා වගේම අමුතුම විමර්ශන රටාවන් නම් තාමත් ඒ විදිහටම තියෙනවා.
ඔය අතරේ තමයි මෙවර කණ්ඩායමට නව කණ්ඩායම් නායිකාව විදිහට ජූ හේ-රා එකතු වෙන්නේ. ඇය ඉතාමත් නීතිගරුක, කෙලින් වැඩ කරන, දැඩි නීතිරීති මත පිහිටලා කටයුතු කරන අත්දැකීම් බහුල නිලධාරිනියක්. මුලදී නම් හේ-රා මේ නීතියට පිටින් තමන්ගේ සල්ලි බලයෙන් අපරාධකාරයෝ අල්ලන්න හදන යි-සූගේ වැඩ රටාව දකින්නේ තමන්ගේ කණ්ඩායමට ආපු ලොකුම හිසරදයක් විදිහටයි. ඒ නිසාම ඇය මෙයාගේ මේ අමුතු සෙල්ලම් ගැන කිසිම පැහැදීමකින් නෙවෙයි ඉන්නේ.
හැබැයි ඉතින් සාමාන්‍ය නීතියට කොටු කරගන්න බැරි, සමාජයේ ඉහළම බලවතුන් සහ ධනවතුන් සම්බන්ධ වෙන සංකීර්ණ අපරාධයන් හමුවේ මේ දෙන්නට එකතු වෙලා එකම කණ්ඩායමක් විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. නිතරම මතභේද ඇති කරගන්න මේ දෙන්නා එකතු වෙලා ධනයෙන් සහ නීතියෙන් කොහොමද බලවත් අපරාධකාරයන්ට පාඩමක් උගන්වන්නේ කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා!

මෙවර කාතාමාලාව සදහා රංගනයෙන් දායක වන නළු නිලියන්
අන් බෝ-හ්යුන් (Ahn Bo-hyun) — ජින් යි-සූ (Jin I-soo) ලෙස :

ජින් යි සු මේ සීසන් එකේදී, පොලිස් ඇකඩමියෙන් නිල පුහුණුව අවසන් කර දැන් සහතික ලත් පොලිස් පරීක්ෂකයෙක් ලෙස අපරාධ පරීක්ෂණ අංශයට එකතු වෙනවා. තමන්ගේ අධික ධනය, පුද්ගලික ජෙට් යානා, සුපිරි කාර් සහ බාහිර හැකියාවන් පාවිච්චි කරමින් සාමාන්‍ය ක්‍රමවලට අසුනොවන ප්‍රභූ අපරාධකරුවන් කොටු කරගැනීමට මෙයා මේ පාරත් විශාල කාර්යයක් ඉටු කරනවා.

ජුං ඉයුන්-චේ (Jung Eun-chae) — ජූ හෙ-රා (Ju Hye-ra) ලෙස :

ජාතික පොලිස් ඒජන්සියේ ත්‍රස්තවාදී මර්දන කණ්ඩායමේ (Counter-Terrorism Team) හිටපු ප්‍රමුඛ තම නිලධාරිනියක් තමයි මෙයා. ජින් යි-සූ පොලිස් ඇකඩමියේ පුහුණු වෙන දවස් වල එයාට නිතරම වගේ සැරට හිටපු මෙයාට කට්ටිය කියන්නේ “යක්ෂ උපදේශිකාව” (Devil Instructor) කියලා.මෙයාගේ තද නීතිරීති සහ විනයගරුක භූමිකාව, ජින් යි-සූගේ සෙල්ලක්කාර ක්‍රමවේදයන් සමඟ නිතරම ගැටෙන අවස්ථා මේ කතා මාලාවෙන් අපිට දැකගන්න පුළුවන්.

කං සං-ජූන් (Kang Sang-jun) — පාක් ජුං-යොං (Park Jun-young) ලෙස :

පාක් ජුං-යොං මේ සීසන් එකෙත් ඉන්නවා මෙයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ සීසන් එකෙත් මෙයා ඉතාමත් තර්කානුකූල, සන්සුන් සහ මූලධර්මවලට අනුව වැඩ කරන නිලධාරියෙකි. කණ්ඩායමේ තුලනය පවත්වා ගැනීමටත්, නඩුවල සාක්ෂි විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමටත් මෙයා ප්‍රධාන දායකත්වයක් ලබා දෙයි.
කිම් ශින්-බී (Kim Shin-bi) — චෝයි කියොං-ජින් (Choi Kyung-jin) ලෙස :

පළමු සීසන් එකේ අපරාධ පරීක්ෂණ කණ්ඩායමේ බාලයා වුන කියොං-ජින් මේ සීසන් එකෙත් වෙනදා වගේම ජින් යි-සූගේ ධනවත් ජීවන රටාව ගැන පුදුම වන, ඉතාමත් කඩිසර සහ උද්‍යෝගිමත් චරිතයක් විදියට නැවතත් ජින් යි සු සමග භයානක අපරාධ පරීක්ෂණ පළමු කණඩායමේ සාමාජිකයෙක් විදියට එකතු වෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රායෝගික මෙහෙයුම්වලදී සහ තොරතුරු සොයාගැනීමේදී මෙයා කණ්ඩායමට විශාල සහයක් දක්වනවා
.ජුං ගා-හී (Jung Ga-hee) — යූන් ජි-වෝන් (Yoon Ji-won) ලෙස :

පළමු සීසන් එකේ වගේම මේ සීසන් එකෙත්, මෙයා ජාතික විද්‍යාත්මක පරීක්ෂණ ආයතනයේ (NFS) මරණ පරීක්ෂකවරිය ලෙස රංගනයෙන් දායක වෙනවා.
යූ සූං-හෝ (Yoo Seung-ho) — යූ සූං-වොන් (Yoo Seong-won) ලෙස :

තෙවන පරම්පරාවේ ධනපති ව්‍යාපාරිකයෙක් සහ ලෝකප්‍රකට මූර්ති ශිල්පියෙක් විදියට මෙයා රංගනයෙන් දායක වෙනවා.ජින් යි-සූට වගේම ධනයක් සහ බලයක් තියන අභිරහස් චරිතයකි. දෙවන කතා සමයේ ප්‍රධාන අපරාධ සහ සිදුවීම් මාලාව පිටුපස සිටින ප්‍රබල චරිතයක් ලෙස මොහු ක්‍රියා කරනවා.
මෙවර කාතා මාලාවේ ඇතුලත් දර්ශන කීපයක් :





පළමු කථාංගයෙන් ගොඩක් දෙනා අතර විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් Flex X Cop කතා මාලාවේ දෙවන දිගහැරුම (Season 2), රසිකයන්ගේ බලාපොරොත්තු සියල්ලටම වඩා උසස් අන්දමින් නැවතත් රසිකයන් වෙත පැමිණ තිබෙනවා. නීතියේ දැඩි සීමාවන් සහ ධන බලයේ අසීමිත හැකියාවන් එකට මුසු කරමින්, ජින් යි සූ ඇතුළු අපරාධ විමර්ශන කණ්ඩායම සිදු කරන මේ වෙනස්ම විමර්ශන චාරිකාව මේ සැරෙත් රසිකන්ට නවමු අත්දැකීමක් වෙයි.
සාම්ප්‍රදායික කොරියානු රහස් පරීක්ෂක කතා වලින් මිදී මුදල් හා බලය ඇති සෙල්ලක්කාර රහස් පරීක්ෂකයෙකු වටා ගෙතී ඇති Flex X Cop කතා මාලාවේ දෙවෙනි කතා සමයත් සිංහල උපසිරසි සමගම රසවිදින්න කියලා ඔයාලට ආරාධනා කරනවා
තවත් මේ වගේම කතා මාලාවකින් හමුවෙනකන් හැමෝටම ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා….
Flex X Cop S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
78 downloadsDownload Flex-X-Cop-S02E06.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Flex X Cop Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Flex X Cop S01 Sinhala Sub
- #Flex X Cop S01 Sinhala Subtitles
- #Flex X Cop Season 1 Sinhala Sub
- #Flex X Cop Season 1 Sinhala Subtitles
- #Flex X Cop Sinhala Sub
- #Flex X Cop Sinhala Subtitles
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
2 comments
Buddhika laKMal
Kaz
Sub ekt thnx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් මචං සබ් එකට