Watch Trailer

The Ghost in the Shell [S01: E09] Sinhala Subtitles | නීතිය සහ දේශපාලනය [සිංහල උපසිරසි]

The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතා…

The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතාව ඇසුරින් අලුත්ම මුහුණුවරකින් රැගෙන එන නිර්මාණයක් ලෙසින් 2026 වසරේදී එන The Ghost in the Shell ඇනිමෙ කතා මාලාවේ 9 වන කොටසේ සිංහල උපසිරැසිය එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. ඒ අනුව Season 1 ට අදාළව මුළු කොටස් 10 කින් සමන්විත මේ The Ghost in the Shell හි අවසාන කොටසට පෙර කොටසයි මේ.

පපට් මාස්ටර් එක්ක ඇති වුනු සම්බන්ධතාවයෙන් පස්සෙ මේජර් මොටොකො කුසනගිගෙ මනසේ පපට් මාස්ටර් නිසා ඇති වුනු යම් බලපෑමක් තවමත් ඇගේ මනස තුළ ඉතුරු වෙලා තියෙන බවක් දකින්න ලැබෙනවා.

ඒ අතරේ මේජර් කුසනගි ප්‍රමුඛ 9 වෙනි අංශයේ කණ්ඩායම නෞකාවක ඉන්න ත්‍රස්තවාදීන් පිරිසක් මර්දනය කරන්න  මෙහෙයුමක් දියත් කරනවා. මෙහෙයුම සාර්ථකව සිදු වුවද, නොසිතූ මොහොතක මේජර් අතින් මෙහෙයුමට වැදගත් වුනු ත්‍රස්තවාදියෙක් ඝාතනය වෙනවා. ඝාතනය වෙනවා. මේජර් අතින් සිද්ධ වුනු මේ අනපේක්ෂිත වැරදීම නිසා එමගින් කණ්ඩායම සහ මේජර් විශාල මාධ්‍ය හා දේශපාලනික අර්බුදයකට මැදි වෙනවා. ඒ නිසා මේජර්ට වෙන්නෙ මොකක්ද? මීළඟට වෙන්නෙ මොකක්ද? බලන්නකො මොකද වෙන්නේ කියලා.

මේ උපසිරැසිය නිර්මාණය කෙරුනේ සතිපතා නිකුත් වන අඩු ධාරිතාවයකින් උපරිම ගුණාත්මක බවක් අත්විදින්න ලැබෙන PSARips වීඩියෝ පිටපතටයි. ඒ වගේම ඔබ නරඹන ඕනෑම Web වීඩියෝ පිටපතකට මේ සිංහල උපසිරැසිය ගැලපේවි. කතාව වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියන්න අමතක කරන්න එපා. මීළඟට අවසාන කොටසින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – Brain Drain ii
• IMDB Rating – 7.6 (at 2026.08.06)
• Released Date – 2026.09.01 The Ghost in the Shell Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා වලංගු වේ.

24 downloadsDownload The-Ghost-in-the-Shell-S01-E09-Sinhala-Subtitles.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

24 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks