From S01 Sinhala Subtitles බයිස්කෝප්වාසී කෙල්ලෝ කොල්ලෝ හැමෝටම ඔන්න ආයුබෝවේවා කියලා කිව්වා. දැනටමත් ඔයාලා දකින්න ඇති අපි මේ පාර මොකාටද මේ එන්න හදන්නේ කියලා. ලොවපුරා මෙන්ම අපේ රටේත් කෙටි කලකින් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් From කතාමාලාව ඔයාලට ගෙනත් දෙන්නයි මේ ලෑස්තිය. මේ වෙද්දි කතා මාලාවේ සීසන් ද…

බයිස්කෝප්වාසී කෙල්ලෝ කොල්ලෝ හැමෝටම ඔන්න ආයුබෝවේවා කියලා කිව්වා. දැනටමත් ඔයාලා දකින්න ඇති අපි මේ පාර මොකාටද මේ එන්න හදන්නේ කියලා. ලොවපුරා මෙන්ම අපේ රටේත් කෙටි කලකින් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් From කතාමාලාව ඔයාලට ගෙනත් දෙන්නයි මේ ලෑස්තිය. මේ වෙද්දි කතා මාලාවේ සීසන් දෙකක්ම විකාශය වෙලා අවසන් වගේම ඒ දෙකටම ඉතා හොඳ රසික සහ විචාරක පැසසුම් ලැබිලා තියෙනවා.
From S01 Sinhala Subtitlesඇත්තටම පරක්කු වෙලා හරි අපි මේක උපසිරසි ගන්වන්න හැදුවේ ඔයාලා ගොඩ දෙනෙක් මේ කතාව පැහැදිලිව පිරියක් ඇතිව බලන්න පුළුවන් උපසිරසි ලබාදෙන්න කියල ඉල්ලලා අපේ ඇඩ්මින්වරුන්ට පණිවිඩ දාලා තිබුන නිසයි. ඒකට හේතුව අදටත් මේ කතාමාලාව බලන්න පුළුවන් විදියේ හරිහමන් සිංහල උපසිරසි නිකුත් වෙලා නැති එක කියලත් කියන්නම ඕන. 🙁 ඉතිං අපිත් එක්ක ඉන්න රසිකයෝ වෙනුවෙන් ඒ අඩුවත් පුරවන්න අපි තීරණය කලා.
From S01 Sinhala Subtitles Sinhala Subtitlesමීට කලින් ඔබ මේ කතාමාලාව නරඹලා නැත්තම් ඒ වගේම ඔබ හොඳ හොරර් රසිකයෙක්නම්, ළඟදි හොඳ නිර්මාණයක් බලන්න ලැබුනේ නැත්තම් මෙන්න මේක තමයි ගැලපෙනම භාණ්ඩය. ඔබ මේක බලන්න ගන්න පලවෙනි කතාංගයේ මුල් විනාඩි 10 ඇතුලතම මේ කතාමාලවේ රසිකයෙක් වෙන බවට මම සහතික වෙනවා.
From S01 Sinhala Subtitles Sinhala Subtitlesකතා මාලාවේ ආරම්භවීම ගැන කතා කලොත් අපිට 2018 වසරටම යන්න වෙනවා. මොකද YouTube Red විසින් නිෂ්පාදන සමාගම් වන Midnight Radio සහ රූසෝ සහෝදරයන්ගේ AGBO සමාගම අතර සමස්ත ගනුදෙනුවක කොටසක් විදියට John Griffin විසින් මෙහෙම කතා මාලාවක් නිෂ්පාදනය වන බව නිවේදනය කරලා තියෙන්නේ 2018 ජූනි 7 වෙනිදා. නමුත් 2021 අප්‍රේල් වෙද්දි යම් කිසි හේතුවක් නිසා ෆ්රොම් කතා මාලාවේ විකාශය යූ ටියුබ් ප්‍රිමියම් වෙතින් Epix එහෙමත් නැත්තම් අපි දන්න MGM+ විකාශන සමාගම වෙතට මාරු කරලා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භයට කථාංග දහයක පෙළගැස්වීමක් විතරයි ලැබිලා තියෙන්නේ. පළමු කොටස් හතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජැක් බෙන්ඩර් විසින්. From කතා මාලාවේ පළමු කතා සමයේ රූගත කිරීම් 2021 මැයි නෝවා ස්කොටියා හි හැලිෆැක්ස්හි ආරම්භ කරලා තියෙනවා වගේම ප්‍රධාන ඡායාරූපකරණය ලෝවර් සැක්විල්හි උප නාගරික ප්‍රදේශයක් වන බීවර් බෑන්ක් සහ සැක්විල් නදිය අවට තමයි සිදුකරලා තියෙන්නේ. ඒ වගේම මේ කතාමාලාව වෙනුවෙන් එහි වෙනම ගම්මානයක් පවා ඉදිකරලා තියෙන බවත් සඳහන් වෙනවා. කතාමාලාවේ ආරම්භක තේමා ගීතය වන “Que Sera, Sera (Whatever Will Be, Will Be)” ගීතය ගායනා කරන්නේ ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන Pixies විසින්.
From S01 Sinhala Subtitles Sinhala SubtitlesFrom සීරිස් එක මේ වෙද්දි IMDb හි අගය7.7කට කරකවන්නත්, ගූගල් මනාප 87%ක් සහ 92% ක දැවැන්ත කුණු තක්කාලි අගයක් ලබාගන්න සමත් වීමත් එක්ක මේක කොච්චර සුපිරිද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි. මේ කතාමාලාව වර්ගකරලා තියෙන්නේ Sci-Fi / Horror යන කාණ්ඩ වලටයි. ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක 2023 අප්‍රේල් 23 වෙනිදා MGM+ සමාගම විසින් From කතා මාලාවේ දෙවන කතා සමයත් විකාශනය කිරීම ආරම්භ කලා. පසුගිය ජුනි මාසයේ 25 වෙනිදා දෙවන කතාසමය අවසන් වීමත් එක්ක සමස්ථ කතාංග 20ක් මේ වන විට විකාශය වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දි From තෙවන කතා සමයකද වැඩ කටයුතු කෙරීගෙන යනවා වගේම ඒක 2024 වසරේ විකාශය වීමට නියමිත බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ ඉන්න නළු නිළියන් ගැන ගැන කතා කලොත් අපිට ප්‍රධාන චරිත කිහිපයක්ම හම්බෙනවා.
Harold Perrineau – බොයිඩ් ස්ටීවන්ස්
Catalina Sandino Moreno – ටැබිතා මැතිව්ස්
Eoin Baily – ජිම් මැතිව්ස්
David Alpay – ජේඩ් හෙරේරා
Elizabeth Saunders – ඩොනා රේන්ස්
Shaun Majumder – කත්‍රි පියතුමා
Scott McCord – වික්ටර්
Ricky He – කෙනී ලූ
Hannah Cheramy – ජූලී මැතිව්ස්
කතාව ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ. මොකද මම මුලදි කිව්ව විදියටම පලවෙනි කොටස බලද්දිම ඔයාලට මේකේ කතාව ගැන දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ වැඩේ මම තනියම කරන එකක්නම් නෙමෙයි. බයිස්කෝප් සෙට් එකේ සාමූහික ප්‍රයත්නයක් විදියට මාත් එක්ක සහෝදරවරු කීපදෙනෙක්ම ඉන්නවා. කට්ටියව එකතු කරගෙන වැඩේට මුල පිරීම ආරම්භ කලේ අපේ විමා සහෝ, එයත් එක්ක බිම්සර යෂාන්, දිනිදු සම්පත්, රවිදු රුක්ෂාන්, දුලක්ෂ සම්පත්, මයුර සුරාජ්, සුචිත්‍ර ප්‍රනාන්දු, සුජිත් ප්‍රියංකර සහ විහඟ පියුමාල් සහෝලත් එකතු වෙලා ඉන්නවා. එහෙනම් ඊළඟ කොටස දිනිදු සහෝ අරගෙන එයි. පලවෙනි වතාවට නරඹන සහ මීට හරිහමන් ගුණාත්මක උපසිරසියක් නැතුව දුක්විඳපු යාළුවෝ හැමෝටම අද ඉඳන් එක දිගට මේ කතාමාලාවට එකතු වෙන්න කියලා ඉල්ලනවා. මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට විමා සහෝටත් බෙහෙවින් ස්තූතියි. ලිපිය දිග වැඩි උනානම් සමාවෙන්න ඕන එහෙනම් මම නවතිනවා. දෙවෙනි කතා මාලාවේ පළවෙනි කොටසින් නැවත හමුවෙමු.
කතාංගයේ නම – “Long Day’s Journey Into Night”
කතා රචනය – John Griffin
අධ්‍යක්ෂනය – Jack Bender
විකාශය වූ දිනය – 2022 පෙබරවාරි 20
IMDb අගය – 8.0
මීළඟ කතාංගය – “The Way Things Are Now”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,298 downloadsDownload From.S01E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S01 Sinhala Subtitles Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- Action
- Drama
- Thriller
- Horror
- Romance
- Adult
- Supernatural
- Crime
- Detective
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Coming-of-age
- Suspense
- #Catalina Sandino Moreno
- #David Alpay
- #Editor's Pick
- #Elizabeth Saunders
- #Eoin Baily
- #Hannah Cheramy
- #Harold Perrineau
- #MaxxA
- #Offbeat
- #Ricky He
- #Scott McCord
- #Shaun Majumder
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
sumed
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. අනිවා බයිස්කෝප් එකේ තියෙන්නම ඕනෙ සීරිස් එකක් තමයි මේක. ජයවේවා!
රුක්ෂාන් ඛාන් (රුකා)
එලම සහෝ ගැම්මක් තමා ❤️
Buddhika Lakmal
ස්තූතියි බයිස්කෝප් ටීම් එකට මේකට සිංහල සබ් ගේනවට...
Kathuwaa
Supiriyak dankan balgen hitiya Anith site wala sub ek hariyata ne
Thnk brother sub ekatasachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
විමා - Admin
සබට බොහොම ස්තුතියි මචෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Meka patta
Udara Damith
සුප්පා
Ruwan Chamara
මේක දිලා තිබ්බ අනිත් සයිට් එකේ reacher සිංහල සබ් එක අරන් බැලුවා. මොනවද ඒ සබ් එක හදපු එකාවත් දන්නේ නැතුව ඇති මොනවද තියෙන්නේ කියලා, තනිකරම ගූගල් ට්‍රන්ස්ලේට්. මොනවා උනත් ඔයාලගේ සබ් නම් සුපිරි. ආදරෙයි ආ
Lahiru Jayakody
thanks...
Sahan Gayantha
thanks a lot Yuran saho sub ekata
Asanga Basooriya
bohoma sthuthiii...
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S01 : E01] Sinhala Subtitles | අද්භූත නගරයේ අති බිහිසුණු ජීවීන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S02-b.jpg)


ඉතා අනර්ග උපසිරැසි නම් බයිස්කෝප් වෙතින් පමණයි.ස්තුතියි උපසිරැසියට.