Watch Trailer

From [S04 : E04] Sinhala Subtitles | නැවත මනසට පැමිණි යක්ශයා [සිංහල උපසිරසි]

From S04 Sinhala Subtitles වැඩ අස්සේ වුණත් මේක නොලියා බැරි නිසා ලිව්වේ… මගේ ආසම TV Series එකක් තමයි “From” කියන්නේ. අභිරහස්, ත්‍රාසය, භීතිය කැටිවුණු psychological mystery-thriller ගණයට අයිති වෙන මේ කතාමාලාවේ Season 4 Episode 4 තමයි මේ අරගෙන ආවේ. පහුගිය එපිසෝඩ් ටික වගේම මේ කොටසත් කිසිම කම්මැලිකමක් න…

From S04 Sinhala Subtitles

වැඩ අස්සේ වුණත් මේක නොලියා බැරි නිසා ලිව්වේ… මගේ ආසම TV Series එකක් තමයි “From” කියන්නේ. අභිරහස්, ත්‍රාසය, භීතිය කැටිවුණු psychological mystery-thriller ගණයට අයිති වෙන මේ කතාමාලාවේ Season 4 Episode 4 තමයි මේ අරගෙන ආවේ. පහුගිය එපිසෝඩ් ටික වගේම මේ කොටසත් කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලය උපරිමයෙන්ම තියාගෙන බලන්න පුළුවන්.

​මේ පෝස්ට් එකත් එක්කම මම දාලා තියෙන නගරයේ Map (සිතියම) එක දිහා බැලුවාම මේකේ තියෙන බිහිසුණු බව තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. නගරයට ඇතුල් වුණාට පස්සේ ආපහු පිටවෙන්න බැරි වෙන විදිහට පාරවල් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිහ මේ මැප් එකෙන් මනාව පැහැදිලි වෙනවා. ඇත්තටම මේක නිකන්ම නගරයක් නෙවෙයි, කිසිම කෙනෙකුට ගැලවෙන්න බැරි විදිහට හදපු මර උගුලක්. සිතියමට අනුව කැලෑව සහ අර රකුසන් එන දිශාවන් ගැන අපිට ලොකු අදහසක් ගන්න පුළුවන්.

​කතාව මෙහෙමයි… මේ එපිසෝඩ් එක ඇතුළේ චරිත තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන අරගලය වගේම නගරයේ අඳුරු රහස් තවදුරටත් ගැඹුරට හාරා බලන විදිහ බලාගන්න පුළුවන් (Spoil වෙන නිසා වැඩි විස්තර කියන්නේ නෑ). ඉස්සරහට මොනවා වෙයිද කියලා බැලුවොත්, දවල් කාලයේ තියෙන නිශ්ශබ්දතාවයට වඩා රාත්‍රිය තවත් භයානක වෙන්න පුළුවන් වගේම, නගරයේ ඉන්න අය එකතු වෙලා මේ අභිරහස විසඳන්න අලුත් සැලසුම් හදාවි. විශේෂයෙන්ම කැලෑව ඇතුළේ තියෙන අමුතු දේවල් ගැන තවත් නොහිතපු රහස් ගොඩක් ඉස්සරහට එළියට ඒවි.

​මේ වෙනකොට මේ නගරය ගැන Reddit වගේ සෝෂල් මීඩියා වල ෆැන්ස්ලා අතරෙත් සුපිරි Fan theories ටිකක් යනවා. ගොඩක් අය කියන්නේ මේක හරියට ‘Triangle’ ෆිල්ම් එකේ වගේ කිසිම දවසක ගැලවෙන්න බැරි Time-loop එකක්, එහෙමත් නැත්නම් මානසික පරීක්ෂණයක් කියලයි. ඒ වගේම අර නිතරම පේන ‘Anghkooey’ කියන ළමයි ගැන සහ ‘සුදු ඇඳගත් ළමයා’ (Boy in White) ගැනත් ගොඩක් අය අදහස් පළ කරනවා.

​අවවාදයි : මේක ටිකක් සංකීර්ණ කතාවක්… ඒ නිසා මේකේ දර්ශන එකක්වත් මඟ නොහැර බලන්න. කොහොම වුණත් අර Reddit වල තියෙන fan theories කොයිතරම් තාර්කික වුණත් ඒවා ඇත්තටම වෙයිද නැද්ද කියලා හරියටම තහවුරු කරන්න බෑ. Creators ලා අනිවාර්යයෙන්ම අපි හිතනවාට වඩා වෙනස්ම mind-blowing අවසානයක් දේවි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ එපිසෝඩ් එකත් අරගෙන බලන්න.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,435 downloadsDownload From-S04E04.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

From S04 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S04 Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

3,435 downloadsDownload Subtitles28 KB

4 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  3. Darshana Malinda

    5 ටත් sub ek dnn mcn

  4. Sahan Gayantha

    thanks a lot brother sub ekata