From S04 Sinhala Subtitles පහුගිය එපිසෝඩ්වලදි ජිම්ගේ මරණයත් එක්ක මැතිව් පවුලට වගේම ටවුන් එකේ හැමෝටම ලොකු කම්පනයක් දැනුණානේ. අන්න ඒ සිදුවීම්වලින් පස්සේ කතාව ගලාගෙන යන විදිහ From සීසන් 4 එකේ 3 වෙනි එපිසෝඩ් එකෙන් දිගහැරෙන්නේ. කතාව ස්පොයිල් කරන්නේ නැතුව කිව්වොත්, ටවුන් එකේ හිරවෙලා ඉන්න මිනිස්සුන්ගේ බලා…

පහුගිය එපිසෝඩ්වලදි ජිම්ගේ මරණයත් එක්ක මැතිව් පවුලට වගේම ටවුන් එකේ හැමෝටම ලොකු කම්පනයක් දැනුණානේ. අන්න ඒ සිදුවීම්වලින් පස්සේ කතාව ගලාගෙන යන විදිහ From සීසන් 4 එකේ 3 වෙනි එපිසෝඩ් එකෙන් දිගහැරෙන්නේ. කතාව ස්පොයිල් කරන්නේ නැතුව කිව්වොත්, ටවුන් එකේ හිරවෙලා ඉන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොහොමද තවත් කඩාවැටෙන්නේ කියන එක මේකෙන් මාරම විදිහට බලාගන්න පුළුවන්.
ජිම් නැතිවුණාට පස්සේ මැතිව්ස් පවුලේ අය දැන් වෙන වෙනම තමයි එයාලගේ ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන්නේ. ජූලී එයාට අලුතෙන් ලැබුණ Storywalking හැකියාව ගැන රහසේම හොයලා බලද්දි, ටැබිතා ආයෙමත් සැරයක් කවුරුත් හිතන්නේ නැති විදිහේ ලොකු රිස්ක් එකක් අරගෙන අර බෝතල් ගහ හොයාගෙන යනවා. අනිත් පැත්තෙන් පොඩි ඊතන්, වික්ටරුත් එක්ක එකතුවෙලා තාත්තා කියපු
කඳුළු විල හොයන්න පටන් ගන්නවා.
මේ දේවල් අස්සේ, පහුගිය කොටස්වල කරපු සමහර දේවල් වහගන්න ගිහින් බොයිඩ් මාරම අමාරුවක වැටිලා ඉන්නේ. එයා හැමදාම වගේ මේ මිනිස්සු ටිකව එකට තියාගන්න ලොකු ගේමක් දෙනවා වුණත්, මේ පාර කඳවුර ඇතුළේ හැංගිලා ඉන්න අලුත් සතුරෝ සහ අමුතු සිදුවීම් නිසා තත්වය තවත් නරක අතට හැරෙනවා.
කොටින්ම කිව්වොත් මේ එපිසෝඩ් එක ඉවර වෙන්නේ අපිට උත්තර දෙනවට වඩා තවත් ප්‍රශ්න ගොඩක් ඔළුවට දාලා. මේ ගහපු ප්ලෑන් හරි යයිද, ඊළඟට කාට මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැරි තරමට කුතුහලයක් තියලා තමයි මේ කොටස ඉවර වෙන්නේ. ඇත්තටම මේක කතාවේ ඉස්සරහට ලොකු දේවල් ටිකක් වෙන්න යන බව පෙන්නන පිස්සු හැදෙන එපිසෝඩ් එකක්!
ඉතින් මේ කතාවේ ඉතුරු එපිසොඩ් ටික එනකම් මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.ඉතින් ලබන සතියේ අලුත්ම එපිසොඩ් එක එක්ක හමුවෙමු. ජයවේවා හැමෝටම!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,982 downloadsDownload From-S04E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S04 Sinhala Subtitles
From S04 Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
5 comments
Chanuka
Buddhika laKMal
ස්තූතියි
hasindu
thanks bro
Sandaru Nimsara
Thanks
Sahan Gayantha
thanks a lot Dhamma saho sub ekata
Advertisement



Thank you saho sub ekta.