Watch Trailer

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ පන්තියක් වී තිබූ අතර රත්‍රන් මෙන්ම ලොම් වෙලදාමේ ආධිපත්‍යයට සහා භූමියන්ගේ අයිතියට යුධ වැදුනු කාල සමයකි. බලවතුන් තවත් බලවත් වීමටත් බලවතුන්ගෙන් බැට කෑවුන් බලවතුන්ට හානි පමුනුවමින් බලවත් වීමටත් වෙර දරන යුග…

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ පන්තියක් වී තිබූ අතර රත්‍රන් මෙන්ම ලොම් වෙලදාමේ ආධිපත්‍යයට සහා භූමියන්ගේ අයිතියට යුධ වැදුනු කාල සමයකි. බලවතුන් තවත් බලවත් වීමටත් බලවතුන්ගෙන් බැට කෑවුන් බලවතුන්ට හානි පමුනුවමින් බලවත් වීමටත් වෙර දරන යුගයකි.මෙම කතා මාලාව අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින්ගෙන් තම භූමින් නැවතත් ලබා ගැනීමේ සටනක නිරතවෙන සමයේ වෙළදාමත් මූලික ගැටලුවක් වූ කල්හී මිනිසුන් පීඩිත බවින් මුදවාගැනීමට පැමිනි රොබින් හුඩ් වරයකුගේ කතාවක් නොවන බවත් සිහි තබාගන්න…”

ඔය විදිහට පටන් ගත්තු කතා මාලාව මේ වනවිට එහි අවසන් අදියරේ තමයි රැදිලා තියෙන්නෙ. සම්පූර්න කතා සමයන් තුනක් පුරාවට අපි ආ ගමනේ තවත් එක් නිමාවකට අපි අද ඇවිත් ඉන්නවා.මේ ගමන අදින් ඉවර වෙන්නෙ නෑ. ඒ ඇයි කියලා මන් කියන්නන්. ඊට කලින් අපි කියවමු මේ කතා මාලාව ගැන ආයිම පොඩ්ඩක්.

Frontier කියන්නෙ Action, Adventure ගනයට අයත් කතා මාලාවක්.කැනේඩියානු ඉතිහාසයේ 1763-1779 කාල වකවානු වල ප්‍රධාන වශයෙන්ම 18 වන කැනේඩියානු ශතවර්ශයේ සිදුවීම් මාලාවක් මෙලෙස සජීවිකරණය කරල තියෙනවා. උතුරු ඇමරිකානු හම් වෙලදාමේ ආධිපත්‍ය මුල් කරගත් ස්වදේශිකයින් සහ බල ලෝබී එංගලන්ත අධිරාජ්‍යයේ වෙළදාම් ව්‍යාප්තිය මේ අයුරින් අපිට දැකගන්න පුලුවන් උනා.2016 පලමු කතා සමය Discovery චැනලයෙනුත් එතැන් පටන් Netflix හරහාත් මෙය නිකුත් උණා.ප්‍රේක්ෂක ප්‍රසාදය බොහෝ සෙයින් දිනාගත් කතා තේමාවක් උනා මේක. ඒ වගේම ඉතිහාසය ප්‍රති නිර්මානයේදි ඔවුන් යොදාගත් අගනා නිමාව සහ ඒ ඇදුම් පැලදුම්, වේශ නිරූපනය සහ පසුබිම් නිර්මානයේ විශිෂ්ටත්වය නිසාත් Canadian Creen Awards හීදි Best Achievement in Make-up Award එකට හිමිකම් කියන්න මොවුන්ට පුලුවන් උනා.

ඒව ඒ විදියට වෙද්දි අපි අද දවසේ කොටස පැත්තට එමු.

අද දිනය විශේෂයි මේ කොටස විශේෂයි.ඒ නිසා ඒ ගැන වැඩිපුර කතා නොකරන්න මන් හිතුවා. ඒත් ඔයාල දන්න විදියට දැන් බෙන්ටන් ඉන්නෙ හාප්ගේ පේන මානයේ. ෆිෂර් උතුමානනුත් කතාවට සම්බන්ධ වෙලා ඉවරයි. එහෙන් ග්‍රාන්ට්ගේ නිවසේ මහා ආරවුලක් හට ගන්නවා. තවද මයිකල්ගෙ පැත්තෙන් බැලුවොත් ඔවුන් ජේම්ස් බලකොටුවේ ආධිපත්‍ය ලබා ගන්න දත කන අතර වාරයේ සොකනොන් තමන්ගෙ පිරිසගේ ආත්මීය නිදහස උදෙසා සටන් වදිනවා.ඉතින් අද මේ අවසාන කොටසින් උද්වේගකර සටන් සමගින් කවුරුවත් නොහිතන අන්දමේ අදරු රහස් රැසකුත් එලිවෙන්න නියමිතයි. ගොඩක් අය බලන් හිටපු විදියේ අවසානයක් අද බලාගන්න පුලුවන්.

ඉතින් අද කොටස නැරබුවාට පස්සෙ ඔයාලට තේරෙවි ආරම්භය වගේම අවසානයත් ඉතා සාර්තක බව. එහෙනම් යාලුවනේ පුරා කතා සමයන් තුනක් පුරාවට රැදි සිටියාට ස්තූතියි. අපි නැවතත් උපසිරැසියකින් මේ වගේම හමුවෙමු. ඔබට ජය !!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,618 downloadsDownload Frontier-S03-E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

1,618 downloadsDownload Subtitles24 KB

7 comments

  1. Imesh

    උපසිරසට ස්තුතියි!!! on my block මේකටත් ඕනේ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. DILmin

    Thanks උපසිරැසිවලට.. 'Mosagallu' Telugu film එකටත් sub දෙන්න..

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Amila konara

    තෑන්ක්ස් සහෝ සබ් එකට

    දිගටම සීරියස්වවලට සබ් ගේන්න

  7. Amila konara

    කතාව ඉවර වෙනකන්ම සබ් අරගෙන ආවට ස්තූතියි සහෝ