ඔන්න එහෙනම් කට්ටියම බලන් හිටපු තවත් සිංහල උපසිරැසියක් අරගෙන මං ආවා.කවුරුත් දන්නවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. හැමෝම බලලා ඇතිනේ මේ ටීවි සීරිස් එකේ කලින් කොටස් ටික. බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් අරගෙන බලන්න.අද දෙන්න යන්නේ හතරවෙනි කොටස. මේ කොටස ගැන කියනවා නම් මුලින් හිතන් වැරදියට හිතන් හිතපු කෙනෙක්ගේ…

ඔන්න එහෙනම් කට්ටියම බලන් හිටපු තවත් සිංහල උපසිරැසියක් අරගෙන මං ආවා.කවුරුත් දන්නවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. හැමෝම බලලා ඇතිනේ මේ ටීවි සීරිස් එකේ කලින් කොටස් ටික. බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් අරගෙන බලන්න.අද දෙන්න යන්නේ හතරවෙනි කොටස. මේ කොටස ගැන කියනවා නම් මුලින් හිතන් වැරදියට හිතන් හිතපු කෙනෙක්ගේ හොද පැත්තකුත් අද කතාවෙන් දකින්න පුලුවන්. ඒත් අද කතාව අවසානයේදි ඒ කෙනාට සිදුවෙන දේත් එච්චර හොද දෙයක් නෙමී.
හරි මෙහෙම පටන් ගමු. පහු ගිය කතාව කියන්න ඕනා නැහැනේ. කවුරුත් දන්නවනේ.ඒ නිසා අද කතාව විතරක් මං කියන්නම්. මෙන්න මෙහෙමයි වෙන්නේ.අපේ ස්ටාර්ක් රජතුමා එයාගේ සහෝදරයේ මරණය ගැන හොයන්න පටන් ගත්තනේ.ඉතිං අද කතාවෙත් ස්ටාර්ක් රජතුමා පොඩි ඉවක් පස්සේ පන්නනවා. ඒ කියන්නේ ඔහුගේ සහෝදරයා නිතර නිතර ගියපු තැනක් ගැන දැන ගැනීමට ලැබෙනවා. එ නිසා ස්ටාර්ක් රජතුමත් ඇයි ඔහු ඒ තැනට ගියේ කියලා විපරන් කරලා බලනවා. ඒකෙදි නොදන්න දේකුත් එතුමට දැනගන්න ලැබෙනවා. ඔය අතරේ ස්නෝ කොලුවට තවත් අලුත් සගයෙක් එකතු වෙනවා. ඒ කවුද කියලා බලන්න නම් මේ කතාවත් අරගෙන බලන්න වෙනවා.තව තව ගොඩක් දේවල් සිදුවෙනවා එවා මං මෙතන කියන්නේ නැහැ. හැමෝම අරගෙන බලන්න. නිකන් බලලා විතරක් යන්න එපා කමෙන්ටුවක් දාලා පොඩ්ඩක් බැනලා එහෙම යන්න හොදේ.
අහිංසක හිත්නේ. ![]()
තව දෙයක් මේක තමයි බයිස්කෝප් සිංහලෙන් අඩවිය අලුත් උනාට පස්සේ මං දාන පලවෙනි සබ් එක සහ ලිපිය. ඒ ගැනත් සතුටුයි. මේ වෙනසටත් මං ගොඩක් කැමති. ඒ ගැන අපේ ඇඩ්මින් සහෝදර වරුන්ට මං ස්තුතිවන්ත වෙනවා. ලස්සනයි, හුරුබුහුටියි, කෙටියෙන් ෂෝක්. අපි දිගටම සයිට් එකත් එක්ක ඉන්නවා. ඒකේ ආයේ දෙකක් නැහැ. කවුරුත් බයිස්කෝප් එකේ මේ ගෙන යන වැඩ පිලෙවල ගැන ආඩම්බර වෙන්න ඕනා. මහන්තන්ත කමක් නැති මේ වගේ තැන් අපි ආරක්ෂා කරන්න ඕනා. කවුරු කොහොම කලත් කිවුවත්. මේ අපේ මහගෙදර. ඒක කාටත් දැනගන්න පුලුවන්. මේ අඩවියේ ඉතිහාසය ගැන කියෙවුනම්. ඒ ලිපිය දාපු කෙනාටත් මං ගොඩක් ස්තුති වන්ත වෙනවා. මොකද අද මෙතන ඉන්නේ ගොඩක් නොදන්න අය. අලුතෙන් මේකට ආව අය. ඒ අයට දැනගන්න එහෙම ලිපියක් දාපු එක ගොඩක් වටිනවා.
එහෙනම් ඒ කතාවත් ඇති.
කියවපු හැමෝටම බොහොම ස්තුතී. හි හි.
එහෙනම් අපි ගියා. ආයේ තව උපසිරැසියකින් හමුවෙමු.
අහිංසක හිත්නේ….:D
දීලා තියන 200 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක.එයට උපදෙස් මෙතන ඇත.
මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ පස්වන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.
(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
74,015 downloadsDownload 201811062305GOTS01E04.zip202 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Must Watch
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Offbeat
- #Owen Teale
- #Peter Dinklage
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sophie Turner
- #Stephen Dillane
- #Sub
- #Subs
- #ධනුෂ්ක | ධනා
- #රොයිලි ප්‍රනාන්දු
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


