Watch Trailer

Game of Thrones [S01E05] with Sinhala Subtitles (18+) | ඇතුලෙත් ගැට එලියෙත් ගැට… [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් අඩවියේ අළුත් වෙනසත් එක්ක මම ලියන පලවෙනි ලිපිය . මුලින්ම අපේ සයිට් එකට “ චිරං ජයතු ” කියලම ලිපිය පටන් ගන්නම්කෝ. කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව.ඒකේ පලවෙනි අදියරේ පස්වෙනි කථාව තමයි අද මම ඔයාලට අරගෙන ආවේ.මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනි…

මේ බයිස්කෝප් අඩවියේ අළුත් වෙනසත් එක්ක මම ලියන පලවෙනි ලිපිය . මුලින්ම අපේ සයිට් එකට “ චිරං ජයතු ” කියලම ලිපිය පටන් ගන්නම්කෝ. කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව.ඒකේ පලවෙනි අදියරේ පස්වෙනි කථාව තමයි අද මම ඔයාලට අරගෙන ආවේ.මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොදට රසවිදින්න පුළුවන් වෙයි කියලා.මතක ඇතිනේ ගිය පාර කථාව ඉවරවෙන්නේ Catelyn Stark ආර්යාව TyrionLannister කොට ආදිපාද තුමාව අත්තඩංගුවට අරගෙන තියෙද්දී කියලා…. :D

රජුගේ දෙවනියාවන Eddard Starkට තම මස්සිනා වන Jhon Arryn ගේ මරණය පිළිබද විවිධ තොරතුරු ලැබෙන්න ගන්නවා.නමුත් ඔහු රජු විසින් සිදු කරන කෲර ක්‍රියා ගැන කලකිරීමෙන් සිටින්නේ .මේ අතර Robert රජුට ආරංචිවෙනවා Dothrakiවරුන් තමන්ගේ Westeros රාජ්‍ය ආක්‍රමනයට සූදානම් වෙනවා කියලා එය ස්ථිර වෙන්නේ KhalDrogoට දාව Daenerys Targaryen කුමරියට පුතෙක් පිලසිදගෙන ඇති බව ආරංචි වීමෙන් .මෙහිදී Eddard Starkරජු සමග වුන වාදයක් දුරදිග යාමෙන් තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙනවා.මේ අතර අහම්බෙන්Aryaකුමරිය දකිනවා පියාගේ මාලිගාවේදී තමන්ගේ පියාව ඝාතනයට හා තමන්ගේ රට අක්රඅමණය කිරීමට පියාගේ සේවකයන් නැගෙනහිර මහද්වීපයේ අය සමග කුමන්ත්‍රණයක් කරන ආකාරය ..

මේ අතර Stark ආර්යාව කියනවා Tyrion ආදිපාද තුමා තමයි තමන්ගේ බාලම පුත්‍රයාව ( Bran Stark) මරන්න ගොඩනැගිල්ලෙන් පහලට තල්ලු කලේ කියලා.පසුව මොවුන් යනවා Stark ආර්යාවගේ සහෝදරිය වන Lysa Arryn ආර්යාව නැතහොත් Jhon Arryn බිරිදගේ බල ප්‍රදේශයවන Eyrie වලට Lysa Arryn ආර්යාව එහිදී චෝදනා කරනවා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මරණයටත් TyrionLannister ආදිපාදවරයා වග කියන්න ඕනි කියලා .මොහුට දඩුවමක් හැටියට රැජින ලබාදෙන්නේ සිය ගුවනේ තිබෙන මාලිගාවේ වා කවුළුවෙන් බිමට පනින ලෙස .මේවා මෙහෙම වෙද්දී Catelyn Stark ආර්යාව විසින් TyrionLannister ආදිපාදවරයා පැහැර ගත් බවට Kingsroad නුවරට ආරංචි වෙනවා ..Tyrion ආදිපාදවරයාට සිය ජීවිතය අහිමි වෙයිද? කුමන්ත්‍රණ කරුවන්ගෙන් Eddard Stark ආදිපාදවරයාට හානියක් වෙයිද යන ප්‍රශ්න විසදගන්න වෙන්නේ කථාව බලලම තමයි …. :)

දීලා තියන 190 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක.

මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ සයවන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

71,900 downloadsDownload 201811062305-GOTS01E05.zip200 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

                                             Next BT1All BT1Next BT1

 

Subtitles

71,900 downloadsDownload Subtitles200 KB

0 comments

No comments yet.