කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ හයවෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොදට රස විඳින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ රජුගේ දෙවනියා වන Eddar…

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ හයවෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොදට රස විඳින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ රජුගේ දෙවනියා වන Eddard Stark ට හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේනාවට Jaime Lannister ආදිපාද තුමා පහර දීලා සේනාව මරා දමලා Stark උතුමානන්ටත් තුවාල කරලා යනවා …. ![]()
දැන් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ රජ මාලිගාවේ තත්වේ. රජතුමාගේ දෙවනිය නැත්තම් රජතුමාගේ හොඳම මිත්‍රයා Eddard Stark ට රජතුමාගේම මස්සිනා Jaime Lannister (බිරිදගේ අනියම් පෙම්වතා) හෙල්ලකින් පහර දීලා තුවාල කරලා. ඒ අස්සේ Cersei Lannister, රැජිනගේ කොට සහෝදරයව Eddard Stark ආදිපාද තුමාගේ බිරිඳ වන Catelyn Stark විසින් පැහැර ගෙන Eyrie වල ප්‍රාදේශීය රාජධානියට අරගෙන ගිහින් හිර කරලා, ඔහු කල අපරාධවලට නඩු විභාගයක් කරන්න සුදානම් වෙනවා. මේ ජංජාල ගොඩ අස්සේ මොනවා වුනත් රජතුමා නැවතත් Stark ආදිපාද තුමාට ඔහු අතහැරලා ගිය රජුගේ දෙවනියාගේ තනතුර නැවත ලබා දෙනවා. නමුත් රජිණ කිසිම කැමැත්තක් නෑ මේ පත් කිරීමට. මෙය මහා සටනක මුල බීජය වෙනවා. කථාව ඉස්සරහට බලමුකෝ…. ![]()
මේ අතර Vaes Dothrak පුජනිය නගරයේ පෙර නිමිති බැලීමේ මහා යාගයක් වෙනවා. Dothraki ආගමේ හැටියට මෙයින් බලන්නේ Khal Drogo ට හා Daenerys Targaryen උපදින පුත්‍රයා ලෝකය පාලනය කරන මහා අශ්ව ගෝත්‍රික නායකයෙක් වෙයිද කියලා. මේකෙදි කුමරියට අමුවෙන් අශ්වයෙක්ගේ හදවතක් කන්න වෙනවා. නමුත් මේ වැඩ වලට Viserys Targaryen කුමාරයා එච්චරම කැමති නෑ. ඔහුට ඕනි වෙන්නේ ඉක්මන් ප්‍රතිඑල. මේ නිසා ඔහු අර පුජනිය උත්සවයට බීමතින් කඩා වැදී ඔහුට අයිති ස්වර්ණමය ඔටුන්න සොයා යෑමට සේනාව සුදානම් කරන ලෙස Khal Drogo ට නියෝග කරනවා. මේ අව් අස්සේ කොට ආදී පදතුමා Lysa Arryn ගෙන් තමන්ට නඩු විභාගය වෙනුවට ද්වන්ධ සටනක් ලබාදෙන මෙන් අභියෝගයක් කරනවා (කොහොමද කොටාගෙ වැඩ).
රජතුමා Eddard Stark ආදිපාදතුමා හා තමන්ගේ බිරිඳ අතර ආරවුල විසඳන්නේ කෙසේද ? Viserys Targaryen කුමාරයාට තම අපේක්ෂිත දෙය ලැබෙයිද ? Stark වරුන් හා Lannister වරුන් අතර ඇතිවීමට යන යුද්ධය මොනවගේ වෙයිද ? Jhon Arryn ගේ මරණය ගැන Eddard Stark ට හමුවන හෙළි වන තොරතුරු මොනවද? මේවට උත්තර ලබාගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා ……. ![]()
දීලා තියන 210 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක. එයට උපදෙස් මෙතන ඇත.
මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ සත්වන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.
(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
69,938 downloadsDownload 201811062306-GOTS01E06.zip167 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Must Watch
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Offbeat
- #Owen Teale
- #Peter Dinklage
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sophie Turner
- #Stephen Dillane
- #Sub
- #Subs
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


