Watch Trailer

Gen V [S01 : E04] Sinhala Subtitles | සම්පූර්ණ සත්‍ය සොයා! [සිංහල උපසිරසි] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු ජෙන් වී කතා මාලාවේ හතරවෙනි කොටස. ඇත්තම කිව්වොත් මං මේකට උපසිරැසි කරන්න තියා මේ සීරිස් එක බලන්නවත් නෙවෙයි හිතන් හිටියේ, මොකද කිව්වොත් ට්‍රේලර් එකෙන්ම මට මේක සෙට් උන්නෑ. මං හිතුවේ බෝයිස් කතා මාලාවේ ජනප්‍රියත්වෙ නිසා ඒක වවන් කන්න හදපු වැඩක් කියලා මේ…

 

 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු ජෙන් වී කතා මාලාවේ හතරවෙනි කොටස. ඇත්තම කිව්වොත් මං මේකට උපසිරැසි කරන්න තියා මේ සීරිස් එක බලන්නවත් නෙවෙයි හිතන් හිටියේ, මොකද කිව්වොත් ට්‍රේලර් එකෙන්ම මට මේක සෙට් උන්නෑ. මං හිතුවේ බෝයිස් කතා මාලාවේ ජනප්‍රියත්වෙ නිසා ඒක වවන් කන්න හදපු වැඩක් කියලා මේක. හැබැයි විමා අයියගෙනුයි හිරාන් සහෝගෙනුයි මේකෙ එපියක් කරමුයි කියලා ආරාදනාවක් ආපු නිසා මේක නිකමට බලන්න ගත්තා. බැලුවාමයි තේරුනේ මේක සුපිරිම සීරිස් එකක් කියල. දැනට කතා මාලාව උපරිම කුතුහලේකට ගේන්න මෙහි නිර්මාණකරුවන්ට හැකිවෙලා තියෙනවා. ඒක මේක බලන ඔයාලත් දන්නවා ඇතිනෙ. සුපිරිම සීන් ටිකක් මේ ටිකේ යන්නෙ කියලා. එහෙනම් තවත් වල්පල් කියවන්නැතුව කතාවට බහින්නම්. 

මේ එපිසෝඩ් එක නිකුත් වුණේ ගිය ඔක්තෝබර් 6 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 7.9 අගයක් ගන්න හැකිවෙලා තියෙනවා. අද කතාව ගැන මතක් කළොත්, එමා ගියානෙ සෑම්ව බේරගන්න වූඩ්ස් එකට ආන්ඩ්‍රේගෙ යෝජනාවට අනුව. ඒකෙදි නොහිතූ කරදර ගොඩකට මුහුණ දෙන්න මෙයාලට සිද්ධ වෙනවා. එනම් එමා එතෙන්ට ගියපු වෙලේදි ආරක්ෂකයන්ට සැක හිතිල සෑම්ව හොයන් ආපු වෙලේ මෙයාල ආරක්ෂකයන්ව මරලා ඒකෙන් පැනගන්නවා. මේ අතරදි ආන්ඩ්‍රේ ඇතුලු කන්ඩායම හොඳටම බය වෙලා එයාලව හොයනවා. ඒ වගේම කේට්ගෙ කීමට පිටින් මෙහෙම මෝඩ වැඩක් කරපු එකට කට්ටියම ආන්ඩ්‍රේට දොස් පවරනවා.

ඒ අනුව මේ කොටසෙදි ටෙක් නයිට් කියලා ප්‍රසිද්ධ සූප් කෙනෙක් මෙයාලගෙ කැම්පස් එකට එනවා. ටෙක් නයිට්ගෙ වැඩේ තමයි නොවිසඳුණු අභිරහස් වල සත්‍ය ලෝකෙට හෙලි කරන එක. ඒ සඳහා ටෙක්‍ට විශේශ බලයකුත් තියෙනවා ඇත්ත නැත්ත වෙන් කරලා අඳුර ගන්න. ඉතිං මේ ටෙක් නයිට් ගොඩොල්කින් යුනිවසිටියට එන්නේ ගෝල්ඩන් බෝයිගේ නොවිසඳුණු අභිරහස ගැන ලෝකට හෙළිකරන්න සහ ඊට වගකිව යුත්තන්වත් හෙලි කරන්න. මේක ලොකු අභියෝගයක් වෙනවා ඩීන් ෂෙට්ටිට මොකද මේ වෙනකොට සෑම් එහෙමත් වූඩ්ස් එකෙන් පැනල ගිහින් ඉන්න නිසා. එතන ඉඳන් මේවා කෙසේ කෙළවර වෙයිද කියන එක ඔයාලම බලාගන්න.

ඒ වගේම විශේශයෙන් මතක් කරන්න ඕනෙ මේක 18+ සීරිස් එකක්, ඒ නිසා සමහර වචන එහෙම්මම දාල තියෙනවා රසවින්ඳනේට බාදාවක් නොවෙන්න ඕන නිසා. එහෙනම් මීලඟ 5 වෙනි කතාංකයත් ඒක නිකුත් වුණාම ඔයාලට අපේ සහෝදරයෙන් අනිවා උපසිරැසි ගෙනෙයි. ජයවේවා!  

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

15,602 downloadsDownload Gen-V-S01-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

15,602 downloadsDownload Subtitles22 KB

14 comments

  1. kaumadeeee

    late unu nisa english walinma baluwa.. ikmant denna anith ewa

  2. Hiran Ganepalla

    උපසිරසියට බොහොම ස්තූතියි ඔලිවර් සහෝ. ජය වේවා !

  3. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ.
    ඔයා කිව්ව නිසාම මාත් බලන්න ගන්න ඕන.

  4. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  5. Anonymous

    Thanks jayawewa....!

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. chinthaka.max4

    thanks machan

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  9. Akila Dilhara

    Thanks Brother...❤

  10. Dewadithya

    Thanks for Sub!

  11. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  12. jack

    කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

  13. Kavee

    Thank you Sahoo!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P