Watch Trailer

Ghost Wars [S01 : E01] Sinhala Subtitles | අවසානයක ආරම්බය…. [සිංහල උපසිරැසි සමග]

මගේ පලමු උපසිරැසි නිර්මානයත් එක්ක අපේ සහෝදරත්වයේ හෙලිතුඩ වන් බයිස්කෝප් අඩවිය සමග සහ සිනමාලෝලී ඔබත් සමග එකතුවෙන මම ප්‍රගීත් චමල්ක .ඉතින් හැමදාමත් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් නරබන එකේ එයට අදාලව සිංහල උපසිරැසියක් නිර්මානය කරන්න ඕන කියලා හිතුනත් එයට පැහැදිලි අවකාශයක් ලැබුනෙ මේ දැන් මම ඔයගොල්ලන්ට ලබාදෙන්න…

මගේ පලමු උපසිරැසි නිර්මානයත් එක්ක අපේ සහෝදරත්වයේ හෙලිතුඩ වන් බයිස්කෝප් අඩවිය සමග සහ සිනමාලෝලී ඔබත් සමග එකතුවෙන මම ප්‍රගීත් චමල්ක .ඉතින් හැමදාමත් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් නරබන එකේ එයට අදාලව සිංහල උපසිරැසියක් නිර්මානය කරන්න ඕන කියලා හිතුනත් එයට පැහැදිලි අවකාශයක් ලැබුනෙ මේ දැන් මම ඔයගොල්ලන්ට ලබාදෙන්න යන උපසිරැසියට අදාල කතාමාලාව නරබමින් සිටියදී.. බයිස්කෝප් අඩවිය කියන්නෙ අපි නිතරම එන යන ස්තානයක්. ඉතින් එතුලදි අපිට ලැබෙන සේවාව අනන්තයි අප්‍රමානයි.එයට සේවාව සපයන්න මටත් අවස්තාවක් ලැබීමම සතුටට උද්යොගයට කාරනාවක්.

TV series පිස්සුව මට වගේම තදේට තියෙන ගොඩක් දෙනා අනිවාරෙන්ම නවතින තැනක් තමයි මේ සිංහල උපසිරැසි සපයන වෙබ් අඩවි කියන්නෙ.විශේෂයෙන්ම බයිස්කෝප් සිංහලෙන් අඩවිය.ඉතින් එහෙමත් රසිකයෝ තමයි දන්නෙ සිංහලෙන් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් බලන එකේ පහසුව ජොලිය.. TV series එකක් Movie එකක් ඉංග්‍රිසියෙන් බලනවට වඩා මවු භාෂාවෙන් බලන එකේ ගැම්ම අලුතෙන් කාටවත් මතක් කරල දෙන්න ඕන කියලා මන් නම් හිතන් නෑ..ඒ කාලෙ සිංහල උපසිරැසියක් කියන්නෙ මොකක්ද කියන එක මම දැනගත්තෙත් TV එකටයි VCD එකටයි පින්සිද්ද වෙන්න.. කාලයක් තිබුනා උපසිරැසිකරැවෙක් කිවුවම අවඥාවෙන් ඒ කෙනාව ඒ කෙනාගෙ මහන්සිය පහත් කොට සලකපු.. එතකොට අහන්නෙ, “උබට පිස්සුද වෙලාව කාගෙන විකාර වැඩ කරන්නෙ.මොනවද ලැබෙන්නෙ”…. එහෙම අහපු අයම අද අන්තර්ජාලය පීර පීර සිංහල උපසිරැසි හොයන එක තමයි නියම විනෝදෙ.. තවත් පිරිසකට පහසුවක් වෙන්න උපසිරැසියක් නිර්මානය කිරීමෙන් හිතට දැනෙන සතුට සැනසීම වචනෙන් කියන්න බෑ මිතුර..ඒ හැගීම විදගන්න ඔබත් උත්සහයක් දරල බලන්න කියලා ආරාධනය කරන්න මන් මේක අවස්තාවක් කරගන්නවා..

හොදයි දැන් ඔය අතරේ මේ අදහස ක්‍රියාත්මක කිරීමට අඩිතාලම සකස ගන්න බයිස්කෝප් අඩවිය හා සම්බන්ධ උන වෙලාවේ මට ප්‍රතිතිචාර දක්වන්න ඉදිරිපත් වෙලා තිබුනේ සිසිල ප්‍රසාද් සහෝ..ඉතින් අයියේ බොහොම ස්තූතියි..අයියගෙ 100 වෙනි උපසිරැසිය දැකපු වෙලාවෙ ඉදන් මගෙ හිතේ මුලු ගැන්විලා තිබුන මේ ආසාව උතුරල ගියපු පාර අන්තිමට නැවතුනේ මෙ කතාමාලාවට උපසිරැසියකුත් හදලා..මෙම සහෝදර වෙබ් අඩවියේ අනිකුත් සියලුම සහෝදර උපසිරැසිකරැවන්ට මගේ ස්තූතිය මෙන්ම මුලු හදවතින්ම සුබ පැතුම් එක් කරන්න කැමතී.. මගේ පලමු උපසිරැසිකරනය නිසාම උපසිරැසියේ අඩුපාඩු දුර්වලතා ඇති.එවැනි යමක් දුටුවේ නම් ඒ පිලිබදව දැනුවත් කර මීලග උපසිරැසිය වඩාත් අනර්ග තත්වයෙන් ඉදිරිපත් කිරීමට අත හිත දෙන්න කියලා මිතුරැ මිතුරියන්ගෙන් සුහදව ඉල්ලා සිටිනවා.

පලවෙනි අවස්තාවේම මුලු ජීවිත කතාවම කියන්නද මේ මනුස්සය මේ හදන්නෙ කියල හිතන්න ඇති ඔයාලා. අනේ ඉතින් තවම ආධුනිකයිනේ ?ඒකයි සරලව පටන් ගත්තෙ..අමනාපයක් නැතිනම් කතාමාලාව පැත්තට හැරෙමු අපි.. මේ කතාමාලාව අර කතාමාලාව කිය කිය හිටිය මිසක් කතාමාලාව ගැන සදහන් කරේ නැහැනේ. උපසිරැසිකරනයට පිවිසුනේම ටිකක් අද්භූත ගනයේ කතාමාලාවක් එක්ක.

මේ තමයි SyFy නාලිකාව හරහා විකාශය ආරම්බ උනු Ghost Wars කතාමාලාව.. නමම ප්රචන්ඩයි නේද? ඒ නම කතාවටම ගැලපෙනවා කියලා ඔයාලට තේරැම් යාවි කතාමාලාව බලන්න ගත්තම. IMDB දර්ශකයේ අගය 6.4/10 වාර්තා කරද්දි Rottern Tomatoes 74% ක අගයක් වාර්තා කිරීමට Ghost Wars සමත් වී තිබෙනවා. සමස්ත කතාමාලාවට කතා සමයකුත් කතාංගයන් 13කුත් ඇතුලත් වෙනවා.. Drama / Fantasy / Horror කාන්ඩයන්ට යටත්ව Simon Barry ගේ නිශ්පාදනයෙන් 2017 වසරේ ඔක්තෝබර් 05 වෙනිදා කතාංගයක් විනාඩි 42ක කතා කාලයකට සීමා වී විකාශය ආරම්බ වෙනවා.  ඇත්තටම මේ තනිකරම ජීවිතයත් මරනයත් අතර පිටත ලෝකෙන් වෙන්ව බලවත් ආත්මයන් සමග දිවි ගලවා ගැනීමට යුධ වදින නගරවාසීන් පිරිසකුත් මේ හැමදේමට මැදිව තාඩන පීඩන මැදින් දිවි ගෙවන්න උත්සහයක යෙදෙන තරැනයෙකුත් ගැන කියවෙන හරි අපූරැ කතාමාලාවක් කිවුවොත් නිවැරදී,..විද්‍යාත්මකව පැහැදිලි කල නොහැකි දේවල් බොහෝමයක් මෙහි අන්තර්ගතයි..

Ghost Wars හීදි හමුවන ආත්මයන් තවත් පැහැදිලි කරොත් ඒක මෙහෙමයි.. මේ ඉන්නෙ සරල පෙනුමක් තියෙන මැරැනට පස්සෙ දිවිය ලෝකයට යනවද අපායට යනවද කිය කිය පින් පවු අතරේ හිරවෙලා තමන්ගෙ අවස්තාව එනතුරැ ප්‍රියයන් අතරේ ඇවිදින සාමාන්ය ආත්ම නෙවෙයි.. මියගිය පසු ශරීරයෙන් වෙන් උන පමනින් මෙම ආත්ම වඩාත් කලහකාරී නොහික්මුනු වෛරීසහගත පලිගන්නාසුලු ලෙස හැසිරෙන්න පටන් ගන්නවා..මොවුන්ට මරනින් මතු ජීවිතය පිලිබද අදහසක්වත් නැති තරමි..ලත්තැන ලොප් වෙලා නගරවාසීන්ගෙ ජීවිතයන්ට ඉතා සුවිසාල අන්දමේ තර්ජනයක් වෙන ආත්ම බවට පත්වෙනවා.. මේ ආත්ම කලින් මෙහෙම නෑ කියන දේ කතාමාලාව අතරතුරදී පැහැදිලි වෙනවා..
• ඉතින් මේ වෙනසට හේතුව මොකක්ද ??
• කුමක් හෝ සුවිසාල නපුරක ආරම්බයද මේ ??
• මේ නපුර මුලු ලෝකයම වෙලාගනීද ??
පිලිතුරැ ඇත්තේ කතාමාලාව තුලයි මිතුරනී..

කාටවත් කිසිම අවබෝදයක් නැති මේ හැමදෙයක්ම පෙනෙමින් දැනෙමින් ඇසෙමින් කෙනෙක් මේ වෙන දේවල් දිහා බලන් ඉන්නවා.. ඔහු නමින් රෝමන් මර්සර්.කතාමාලාවේ කතානායකයා මෙන්ම මේ සිදුවෙමින් පවතින ව්‍යසනයේ ගැලවුම්කාරයා මොහුයි.රෝමන් උපතින්ම විශේෂ හැකියාවක් සමගයි උපදින්නෙ..ඔහු මානසිකව බලවක් හැකියාවක් සතු තරැනයෙක්..මේ නිසාම ඔහු විකාරකාරයෙක් ලෙස හංවඩු ගැසෙනවා.මිනිසුන් ඔහුව පිලිකුල් කරනවා.රෝමන් මරනය සහ වේදනාව රැගෙන එන්නෙක් ලෙසයි පිලිගැනෙන්නෙ..මොහුගේ මවත් මායාකර්ම කලායැයි පලවා හරිනවා.රෝමන් මේ සියල්ල අතරේ තනි වෙනවා..ඔහුගේ තනියට හිටියේ හොල්මන් විතරයි..මේ පෝට් මූරේහි ඇලස්කාන් නගරය පිහිටලා තිබෙන්නෙ දූපතක කියලත් මන් මතක් කරන්න ඕන..

කතා මාලාවේ අන්තර්ගතය කෙටියෙන් පැහැදිලි කරොත් මෙන්න මෙහෙමයි මේ දේවල් සිද්ද වෙන්න යන්නෙ.. පෝර්ට් මූරේහි සිදුවුන භූමිකම්පාව සියල්ලම කනපිට හැරවීමට සමත් උනා.භූමිකම්පාව නිසා අද්භූත බලයන්ට මිනිස් වර්ගයා නිරාවරනය උන බවක් කවුරැවත් දැනගෙන හිටියේ නෑ.ඒත් රෝමන්ට දැනුනා කොහේහරි මොකක්හරි වෙනස් උනා කියලා.ඔහුට සිදුවෙනවා අපායත් සමග ඔට්ටු අල්ලමින් නපුර සමග සටන් කරන්නට. අවදි වූ නපුර සියල්ල හබා යමින් මිනිසුන් දඩයම් කරන්නට යෙදෙනවා..මේ අවස්තාවේදි මිනිසුන් අසරනයි.අප සතු යුධ ශක්තිය අලුත් නපුරට අංශු මාත්‍රයක හෝ බලපෑමක් කරන්නට සමත් වෙන්නෙ නෑ..කිසිවක් කරගැනීමට නොහැකි වූ තැන මෙතෙක් කලක් කොන් කරමින් සතුරෙකු ලෙස සැලකූ රෝමන්ගේ හැකියාවන් බලයන් අවසානයේ මිනිස් සංහතියේ අවසං බලාපොරොත්තුව බවට පත් වෙනවා..නමුත් ඔහු පවා අත් නොවිදි අන්දමේ මේ නපුර පරාජය කිරීමට ඔහුට හැකිවේද ?? එය දැනගැනීම මන් ඔබට ඉතුරැ කරන්නම්……..

අද කතාංගයෙන්…..

දවසක් එනවා අපි හැමෝටම අපේ බය නිදහස් වෙන. රැය බියකරැයි කීවාට දහවල ප්‍රචන්ඩයි කියන්න කවුරැවත් ඉදිරිපත් වෙන්නෙ නෑ..ඒ පෝර්ටි මූරේ නගරයට තවත් එක දවසක්.නමුදු වටපිටාවේ ඇති අදුරමුසු ස්වබාවය කාගෙත් ඇසට හසුවුනා. පල්ලියේ හඩ මුසුවූ පරිසරයේ තරැනයකු බෑග් පොදි බැදන් කොහෙද මේ යන්නෙ.ඔහු අසලින් ඔහුත් සමගම ගමන් ගන්නා රැවැති තරැනියක්.ඒ රෝමන්…නගරයේ පීඩාවෙන් මිදීමට ඔහු නගරය අත්හැර යන්නයි සූදානම..

වෙලාව ගතවෙලා….රෝමන් බසයේ පසුපස අසුනේ තනිවම කතාකරනවා දුටු මගියන් ඔහු දෙස සුපුරුදු අවඥාසහගත බැලුම් හෙලන්නට උනා..නෑ ඔහු තනිවම නොවේ..ඔහුත් සමග ඇවිද ආ තරැනියත් ඔහු අසලින්ම අසුන්ගෙනයි සිටින්නෙ.මිනිසුන්ට ඇය පෙනුන් නැද්ද..නමුත් රෝමන්ට ඇය පෙනුනෙ කෙසේද..ඇය කවුද ??

රෝමන් නැගිටින්න..රෝමන්..ඔයා මේ බස් එකෙන් එලියට යන්න ඕන.. ගිනිදලු මැදින් තරැනියකගේ හඩ රෝමන්ට අසිහියෙන් උනත් ඇසෙන්නට උනා… සාමකාමී පෝට් මුරේ නගරය භූඹිකම්පාවකින් දෙදරා යද්දි නොපෙනෙන බලයන් දස දෙසින් ඇදී එන්නට පටන් ගත්තා.. නගරයේ දුරතකන සංඥා සියල්ල බිද වැටුනා…ගමනාගමනය ඇනහිටියා..භූමිකම්පාවෙන් අනතුරැව නගරයේ නන් දෙසින් ඇසෙන්නට උනෙ මනුෂ්‍ය ඝාතනයි..හොල්මන් පිස්සු නටන්න පටන් ගත්තා.. කවුද මේව කරන්නෙ..රෝමන් ගමන් ගත් බස් රතයට සිදුඋනේ කුමක්ද ?? ඔහු විතරද බේරැනේ… ප්‍රශ්න ප්‍රශ්න..මේ සියල්ලටම පිලිතුරැ තින්නෙ කතාමාලාව තුලයි. නමුත් අවසානයේ මේ සියල්ලටම වැරැදිකරැ උනේ රෝමන්..නගරයයි එහෙම හිතන්නෙ අපි නෙවෙයි.අවසානයේ තිරනයක් ගත් රෝමන් හොල්මන් පිලිබදව ඒත්තු ගන්වා නගරයෙන් පිටවන්නට පොලිස් සහය සමග පාරට පැමිනුනා..මද දුරක් ගමන් ගද්දී පෝට් මූරේ සහ පිටත ලෝක‍ය එකිනෙකා යා කරන ඒ පාලම ආසන්න වෙනවාත් සමගම රෝමන් වාහනයෙන් පිටතට පැනගත් ආකාරය ඔවුන් පසුපසින් පැමිනි අනිත් රතයට දැක ගන්න ලැබුනා..එසැනින්ම ඔවුන් දුටු දෙයින් දෑස් අදහාගැනීමට නොහැකිව රෝමන් දෙස බලද්දි දුටුවේ වාහනය නතර කරන ලෙස රෝමන් කලබලයෙන් සංඥා කරන අයුරැයි.  රෝමන් ඇයි වාහනයෙන් පැන්නෙ..රෝමන් ගමන් ගත් ඒ වාහනයට සිදුවුනේ කුමක්ද? පසුපසින් පැමිනි රතයේ සිටියවුන් එතරම් තැතිගන්වපු මේ සිදුවීම කුමක්ද ??

මේ සියල්ලටම පිලිතුරැ ඇත්තෙ Ghost wars පලමු කතාංගය තුලයි..තවත් කුතුහලය දනවන සුපිරි කතාසමයක ආරම්බයයි මේ..හැමදෙනාම ඉතා ආසාවෙන් නරබන කතාමාලාවක් බවට Ghost Wars පත්වනවා කිසැකයි..එසේනම් දෙවන කතාංගයෙන් හමුවන තුරැ ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

60 comments

  1. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ පලවෙනි වැඩේට සුභ පැතුම්. පට්ට බාන්ඩයක් නොවැ අරන් ඇවිත් තියෙන්නේ. මාත් ඔය සීරීස් එකට බැල්ම දාගෙන හිටියේ.... එනිවේ තෑන්කූ වේවා. දිගටම සබ් දෙමු. ජය.

    1. prageeth chamalka

      බොහෝම ස්තූතියි සහෝ මගේ ක්‍රියාව අගය කරාට..අනිවාරෙන්ම ඊලග උපසිරැසියෙනුත් හමුවෙමු.ජය!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. prageeth chamalka

      බොහෝම ස්තූතියි සහෝ ප්‍රතිචාරයට..අනිවා ඊලග එකෙනුත් හමු වෙමු

  3. chiro

    palamu sub ekata suba pathum...digatama ehenam sub demu...wade supiri.sub ekata thanx

    1. prageeth chamalka

      welcome මචෝ..දිගටම දෙනවා අනිවා..

  4. chiro

    wade supiri sahooo....suba pathum

    1. prageeth chamalka

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  5. rangika Kariyawasam

    නියමායි මචං. සුපිරි කා මාලාවකින් අපි හමුවට ආවා. ලෙසටම ගති ආ. දිගටම කරගෙන යමු.ජය හෝ

    1. prageeth chamalka

      බොහොම ස්තූතියි සහෝ..අනිවාරෙන්ම දිගටම සබ දෙනවා..

  6. Kaushan Herath

    මන් මේක දැක්කත් සබ් නැති හින්දා ඩවුන්ලෝඩ් කරේ නෑ.දැන් සබ් එක්කම බලන්න පුළුවන්.බලන්න ගත්තට පස්සෙ හිතට ඇල්ලුවොත් නවත්තන්න බෑ.ඒක හින්දා නොකඩවා සබ් දියන් සහෝ.Thanks...

    1. prageeth chamalka

      අනිවාරෙන්ම සහෝ...කොමෙන්ට් එකට ගොඩක් ස්තූතියි

  7. Subhash13

    සුපිරිම බන් චාමා

    1. prageeth chamalka

      සුබා බොක්ක...ස්තූතියි මචන්

  8. Subhash13

    හදවතින්ම සුබ පතනව මදන්.. සාර්ථකව තව සබ් 100 පන්නන්න හදවතින්ම සුබ පතනවා

    1. prageeth chamalka

      මගේ journey එකේ මාත් එක්කම යමු බොක්ක..එලම..ජය වේවා !!

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සුපිරියක් වගේ. දිගටම උපසිරස ලබා දෙමු. බුදුසරණයි..ජය වේවා!

    1. prageeth chamalka

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  10. thesindu liyanage

    නියමයි චමා කරගෙන යන්... සුබ පැතුම් ආ....✌️

    1. prageeth chamalka

      තෙසී..බොක්ක..අනිවා ස්තූතියි මචෝ...ජය වේවා !!

  11. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. prageeth chamalka

      ඒ වචන ටික...අම්මෝ ගොඩක් වටිනවා අයියෙ.. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  12. buky

    නියමයි චාමා දිගටම කරමු

    1. prageeth chamalka

      අනිවා බකී...ජය ‍වේවා !!!

  13. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි ටීවී සීරියස් එකක් වගේ .

    1. prageeth chamalka

      ඔවු ටිකක් අමුතු කතාවක්..බොහොම ස්තූතියි ප්‍රතිචාරයට .. ජය !!!

  14. Ayesh Prashan

    Thank You..patan aran thiyenne supirima wadak.jaya wewa

    1. prageeth chamalka

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  15. naughty

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    1. prageeth chamalka

      anytime.. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  16. roshantharu

    Ado niyameta karan palayan .adarei

    1. prageeth chamalka

      love u too බොක්ක..අනිවාරෙන්ම දිගටම දෙනවා...ජය !!

  17. Sulakshana

    Thank for sub

    1. prageeth chamalka

      anytime friend ... බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  18. Sanath Perera

    bohoma isthuthiyi saho sub ekata...
    palaweni upasirasa ganvimata suba pathum magenuth...
    me katha malawa digatama denna...
    jayen jaya....

    1. prageeth chamalka

      ඔවු සහෝ අනිවාරෙන්ම දෙනවා...
      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  19. harshani11112

    මොනවා උන්ත් විස්තරය නම් මරැ ප්‍රගීත් චාමික සහො....ඒ නිසාම ඩවුන්ලොඩ්කරගත්තා...
    පළමු උපසිරැසියට සුභපැතුම්....
    දිගටම මේ TV කතාමාලාවට සබ් දෙන්න.....
    තෙරැවන්සරණයි

    1. prageeth chamalka

      බොහෝම ස්තූතියි , ඒ ප්‍රතිචාරය රත්තරන් වටිනවා ඔවු අනිවාරෙන්ම දිගටම උපසිරැසි දෙනවා..බුදු සරණයි !!

  20. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    පට්ට කතාවක් වගේ...
    දිගටම සබ් දෙමු season එකටම....

    1. prageeth chamalka

      අනිවාරෙන්ම සහෝ.. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  21. ඉසුරු සම්පත් සිරිසේන

    මුල්ම උපසිරසි ගැන්වීමට සුබපැතුම් මලේ..
    දිගටම මේ වගේ සවිස්තරාත්මක ලිපි එක්ක හොඳ නිර්මාණ වලට උපසිරසි අරගෙන එමු.
    ~~ඔබට ජය~~

    1. prageeth chamalka

      අනිවාරෙන්ම අයියෙ... බොහොම ස්තූතියි ප්‍රතිචාරයට අයියෙ ... ජය !!

  22. sumed

    1වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

    1. prageeth chamalka

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

  23. ddjdruwan10

    thank sub akata broo...

    1. prageeth chamalka

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ ... ජය !!

    1. prageeth chamalka

      anytime friend ... බොහොම ස්තූතියි සහෝ ප්‍රතිචාරයට ... ජය !!

  24. Emosha kevinzz

    පටිට දිගටම දියන් මචන් මෙම සීරිස් සුපිරිම

    1. prageeth chamalka

      අනිවාරෙන්ම මචන්... බොහොම ස්තූතියි සහෝ ... ජය !!

  25. Rasitha Illangasinghe

    Thanks sub ekata..

    1. prageeth chamalka

      බොහොම ස්තූතියි සහෝ ... ජය !!

  26. Kavinda Athukorala

    උබේ ලිපිය කොර බං එල
    දිගටම සබ් කරමු

  27. SAjith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම්...!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  28. Gayan_madushanka_

    Congratulations and thanks bro

  29. nmnk nawarathna

    සුපිරි වැඩක් bro. කරගෙන යන්න සුබ පතනවා.

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Dushan Tharuka

    niyamai...thanks...jaya wewa !!!

  32. Dula95

    supiri bro thanks

  33. MAALnath

    Thanks ............good luck .......................