Gold Land Season 1 Sinhala Subtitles 5 වැනි කොටස ආරම්භ වෙන්නේම ඉතාමත් බියකරු දර්ශනයකින්. චුල්-ජුන්ග්ගේ මළසිරුර දක්ෂ “ක්ලීනර්ස්ලා” (Expert Cleaners) ලවා කැබලිවලට කපා, කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර විනාශ කර දමන දර්ශනය, මේ රන් ජාවාරම පිටුපස සිටින මිනිසුන් හී-ජූ සිතුවාට වඩා කොතරම් නපුරු සහ දරුණුද යන්න පස…

Gold Land Season 1 Sinhala Subtitles
5 වැනි කොටස ආරම්භ වෙන්නේම ඉතාමත් බියකරු දර්ශනයකින්. චුල්-ජුන්ග්ගේ මළසිරුර දක්ෂ “ක්ලීනර්ස්ලා” (Expert Cleaners) ලවා කැබලිවලට කපා, කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර විනාශ කර දමන දර්ශනය, මේ රන් ජාවාරම පිටුපස සිටින මිනිසුන් හී-ජූ සිතුවාට වඩා කොතරම් නපුරු සහ දරුණුද යන්න පසක් කර දෙනවා.
පස්සේ කාලෙක මේ ලේ වැගිරීම සිද්ධ වුණු උකස් කඩේ (Pawnshop) සුද්ධ පවිත්‍ර කරන හී-ජූ සහ වූගී (Woogy) අතර නොසන්සුන් බවක් ඇති වෙනවා. වූගී ඉතාමත් සාමාන්‍ය විදිහට මේ මිනීමැරුම ගැන කතා කරමින් තමන්ගේ බිය සහ දුර්වලකම්ද හී-ජූ ඉදිරියේ හෙළි කරනවා.
අනෙක් පැත්තෙන්, රන් මිනීපෙට්ටිය සොයන ප්‍රධාන බලවතුන් ක්‍රියාත්මක වෙනවා. ග්යු-සෙක් විසින් හෝ-චොල්ට අනතුරු අඟවන්නේ මිනීපෙට්ටිය වහාම සොයාගන්නා ලෙසයි. ජින්-මාන්ගේ ඡායාරූප ආධාරයෙන් ගුවන් තොටුපළට සම්බන්ධ කාන්තාවක් මීට සම්බන්ධ බව හෝ-චොල් දැනගන්නවා. පසුව හෝ-චොල් රෝහලේ සිටින දෝ-ක්‍යුන්ග්ව සොයාගොස්, ඔහුගේ පෙම්වතිය මරා දමන බවට තර්ජනය කරමින් මිනීපෙට්ටිය ඇති තැන ඇසුවද දෝ-ක්‍යුන්ග් කිසිවක් පවසන්නේ නැහැ.
කතාව වඩාත් දරුණු අතට හැරෙන්නේ යේ-ජින් (Ye-jin) හට හී-ජූ ගැන තොරතුරු ලැබීමත් සමඟයි. මිනීපෙට්ටියේ රත්තරන් ඇති බව දැනගන්නා යේ-ජින්, හී-ජූව බාර් එකකට කැඳවා ප්‍රශ්න කරනවා. ඒ අතරතුර හෝ-චොල් එහි පැමිණෙමින් සිටින බව වූගී විසින් හී-ජූට දැනුම් දෙනවා.
නැවත උකස් කඩයට පැමිණි පසු යේ-ජින් විසින් හී-ජූට ටේසර් (Taser) ප්‍රහාරයක් එල්ල කර ඇයව ගැටගසනවා. ඉන්පසු ඩෑෂ්කැම් (Dashcam) දර්ශන ඔස්සේ රන් බාර් සියල්ල පතලක (Mine) සඟවා ඇති බව ඇය සොයාගන්නවා. රත්තරන් බෙදාගැනීමට හී-ජූ කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන යේ-ජින් ඇයව දමා තනියම පිටත්ව යනවා.
දුරකථන සංවාදයක් හරහා මේ බව දැනගන්නා වූගී වහාම පැමිණ හී-ජූව බේරාගන්නවා. ඔවුන් දෙදෙනා යේ-ජින් පසුපස ලුහුබැඳ ගියත්, ඔවුන්ට පෙර හෝ-චොල් එතැනට ළඟා වෙනවා. සත්‍යය දැනගැනීමෙන් පසු හෝ-චොල් විසින් යේ-ජින්ව ඝාතනය කර, ඇය ළඟ සඟවා තිබූ රන් බාර් දෙකක් සොයාගන්නවා!
තණ්හාව සහ පාවාදීම හමුවේ මිතුරන් සතුරන් වන, සතුරන් මිතුරන් වන “Gold Land” 6 වැනි කොටස සිංහල උපසිරසි සමඟින් නරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා,
6වෙනි කොටසින් නැවත හමුවෙමු…..
Gold Land S01 Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
313 downloadsDownload Gold-Land-S01E05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Gold Land Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Chance Perdomo
- #Gold Land S01 Sinhala Sub
- #Gold Land S01 Sinhala Subtitles
- #Gold Land Season 1 Sinhala Sub
- #Gold Land Season 1 Sinhala Subtitles
- #Gold Land Sinhala Sub
- #Gold Land Sinhala Subtitles
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට තෑන්ක්ස්