Watch Trailer

Gold Land [S01 : E06] Sinhala Subtitles | සෙවනැල්ල පවා සැක කරන හෝරාව [සිංහල උපසිරැසි සමඟ]

Gold Land Season 1 Sinhala Subtitles 6 වැනි කොටස ආරම්භ වෙන්නේ හී-ජූ සහ වූගී (Woogy) රත්තරන් සොයාගෙන පතල (Mine) වෙත යන දර්ශනයෙන්. යන අතරමඟදී හී-ජූ සිහිසුන් වන අතර, ඒ නිසා වූගීට තනිවම රත්තරන් සෙවීමට සිදු වෙනවා. අවසානයේ ඔහු රන් නිධානය සොයාගන්නවා. නමුත් හී-ජූට නැවත සිහිය ආ සැණින් ඔවුන් දෙදෙනා අතර තිබුණ…

Gold Land Season 1 Sinhala Subtitles

6 වැනි කොටස ආරම්භ වෙන්නේ හී-ජූ සහ වූගී (Woogy) රත්තරන් සොයාගෙන පතල (Mine) වෙත යන දර්ශනයෙන්.
යන අතරමඟදී හී-ජූ සිහිසුන් වන අතර, ඒ නිසා වූගීට තනිවම රත්තරන් සෙවීමට සිදු වෙනවා. අවසානයේ ඔහු රන් නිධානය සොයාගන්නවා. නමුත් හී-ජූට නැවත සිහිය ආ සැණින් ඔවුන් දෙදෙනා අතර තිබුණු මිත්‍රත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා! ඇය වූගීට තුවක්කුවක් දිගු කර, මරා දමන බවට තර්ජනය කරමින් රත්තරන් ටික කාර් එකට පටවන ලෙස බල කරනවා. මේ සටන ඇතුළේ තමන්ට කිසිවෙක් විශ්වාස කළ නොහැකි බව වටහාගන්නා හී-ජූ, වූගීට ඔහුගේ කොටස රැගෙන තමන්ගේ ජීවිතයෙන් සදහටම අයින් වෙන්න කියනවා. නමුත් නොසිතූ මොහොතක හෝ-චොල් පතලට කඩා වදිනවා. එහිදී වූගී තුවක්කුවක් අතැතිව හෝ-චොල්ට මුහුණ දීමට උත්සාහ කළත්, ඒ තීරණය වූගීගේ ජීවිතයේ අවසානය සනිටුහන් කරන මාරාන්තික එකක් බවට පත් වෙනවා!

මේ අතරතුර, කතාවේ සිටින සෑම චරිතයක්ම රත්තරන් වෙනුවෙන් එකිනෙකාට එරෙහිව සටන් වදින බව පැහැදිලි වෙනවා. දෝ-ක්‍යුන්ග් නැවතත් හී-ජූට කතා කර, යේ-ජින්ගේ මරණය ගැන කිසිදු දුකක් නැතිව මේ රත්තරන් ටික රට පටවමු යැයි යෝජනා කරනවා. සල්ලි වෙනුවෙන් ඔහු කරන මේ කපටි සැලසුම් අසා සිටින හී-ජූ දැඩි සේ කම්පනයට පත් වෙනවා.

හී-ජූ සහ වූගී අතර තිබුණු අවිශ්වාසය තවදුරටත් දුරදිග යනවා. කර්මාන්තශාලාව ඇතුළතදී වූගී, හී-ජූට තුවක්කුවක් දිගු කරන්නේ ඇය තමන්ව පාවා දෙයිද කියා බැලීමටයි.පසුව ඔහු ඇයට පවසන්නේ මේ රන් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සභාපතිවරයා (Chairman) ළඟදීම කොරියාවට පැමිණීමට නියමිත බවයි.අනෙක් පැත්තෙන්, රන් බාර් සඟවා තබාගැනීම නිසා හෝ-චොල්ව දඬුවම් කිරීමට ග්යු-සෙක් සූදානම් වෙනවා. ඔවුන්ගේ කල්ලිය ඇතුළේ සටනද දැන් ඉතාමත් දරුණු අතට හැරී අවසානයි.

කොටස අවසාන වෙන්න කිට්ටු වෙද්දී, හී-ජූ තමන්ට දැන් දෝ-ක්‍යුන්ග්වවත් විශ්වාස නැති බව පවසනවා. ඇය මේ පාවාදීම්වලින් හෙම්බත් වී ඇති නිසා රත්තරන් ටික බෙදාගෙන මේ හැමදේම අවසන් කරමු යැයි යෝජනා කරනවා. නමුත් දෝ-ක්‍යුන්ග් සහ හී-ජූ අතර සිදුවූ මේ රහස් කතාව වූගීට ඇසෙන අතර, මෙතරම් පාවාදීම් සිදු කර තිබියදීත් හී-ජූ තවමත් දෝ-ක්‍යුන්ග්ව විශ්වාස කරන්නේ ඇයිදැයි වූගීට වටහාගත නොහැකි වෙනවා.

6 වැනි කොටසේ අවසාන දර්ශනයෙන් ප්‍රේක්ෂකයන්ව පුදුම කරනව!

දෝ-ක්‍යුන්ග් ලෝහ අනාවරකයක් (Metal Detector) මිලදී ගෙන රහසින්ම සගවා ඇති රත්තරන් සොයමින් සිටිනවා.
තමන් තනිවම සිටිනවා යැයි සිතා ඔහු රත්තරන් සොයන විට, හදිසියේම අවට ලයිට් දැල්වෙනවා. ඔහු හැරී බලන විට දකින්නේ තමන් දෙසට කෙළින්ම තුවක්කුවක් දිගු කරගෙන සිටින හී-ජූවයි!

තණ්හාව සහ පාවාදීම හමුවේ මිතුරන් සතුරන් වන, සතුරන් මිතුරන් වන “Gold Land” 6 වැනි කොටස සිංහල උපසිරසි සමඟින් නරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා,

7වෙනි කොටසින් නැවත හමුවෙමු…..

 

Gold Land S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

263 downloadsDownload Gold-Land-S01E06.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                           Next BT1Next BT1

 

 

Gold Land Season 1 Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

263 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.