Watch Trailer

Gotham [S01- E00] | ගෝතම් ඇරඹෙන්න පෙරාතුව…. [සිංහල උපසිරැසි සමඟ]

අපරාධ වලින් ගහන වූ ජරාජීර්ණ නගරයක්. අපරාධ වලට එරෙහිව තනිවම සටන් වදින මුහුණ වසාගත් ප්‍රතිරූපයක මිනිසෙක්. තම දෙපාර්තමේන්තුවට එරෙහිව යමින් අපරාධ මැඩලන යහපත් පොලිස් නිලධාරියෙක්. හැමෝටම මතක් වෙනවා නේද මේ විශ්වය ගැන. DC සිනමා විශ්වයේ ප්‍රධාන චරිතය වෙන්නේ බැට්මෑන්. බැට්මෑන් කිව්වම කාගෙත් සිතට නැගෙන තවත් න…

Gotham TV1

අපරාධ වලින් ගහන වූ ජරාජීර්ණ නගරයක්. අපරාධ වලට එරෙහිව තනිවම සටන් වදින මුහුණ වසාගත් ප්‍රතිරූපයක මිනිසෙක්. තම දෙපාර්තමේන්තුවට එරෙහිව යමින් අපරාධ මැඩලන යහපත් පොලිස් නිලධාරියෙක්. හැමෝටම මතක් වෙනවා නේද මේ විශ්වය ගැන. DC සිනමා විශ්වයේ ප්‍රධාන චරිතය වෙන්නේ බැට්මෑන්. බැට්මෑන් කිව්වම කාගෙත් සිතට නැගෙන තවත් නමක් තියෙනවා. ඒ තමයි ගෝතම් නගරය (City of Gotham). ඔයාල මේ බලන්න යන්නේ බැට්මෑන් ගැන කතාවක්නම් නෙවෙයි. මේ තමයි ගෝතම් නගරයේ කතාව හෙවත් පුරවෘත්තයන්ගේ ආරම්භයේ කතාවයි.

ගෝතම්, නැත්නම්මීට අමතරව පෙර කාලයේදී Gotham Town (18වන සියවසේදී) Gotham; Nieuw Rotterdam (මූලික ලන්දේසි නම); Fort Adolphus යන නම්වලින් මේ නගරය හඳුන්වලා තියෙනවා. ගෝතම් කියන්නේ ප්‍රධාන ජනපදයෙන් වෙන්ව තියෙන දූපත් කිහිපයක් එක්ව සෑදුනු නගරයක්. ප්‍රධාන ජනපදයේ ඉඳන් ගෝතම් වලට පිවිසිය හැකි මාර්ග (පාලම්) දෙකයි තියෙන්නේ.ඉතින් මේ වෙන්ව තියෙන නිසාම ගෝතම් කියන්නේ අපූර්ව ස්වාධීන යුගයක තියෙන නගරයක්. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ජනපදයේ ගෝතම් ප්‍රදේශයේ තමයි ගෝතම් නගරය පිහිටලා තියෙන්නේ. වර්ග කිලෝමීටර 846.9ක් පුරා ගෝතම් පැතිරිලා තියෙනවා.

ගෝතම් නගරය වටවෙලා තියෙන්නේ මේ ප්‍රදේශ වලින්

බ්‍රයිඩ්ෂෙඩ්, බර්න්ලෙයි, චෙරි කන්ද, චයිනාටවුන්, යක්ෂයාගේ චතුරශ්‍රය, නැගෙනහිර අන්තය (අපරාධ මුඩුක්කුව), ගෝතම් මුදුන, ගෝතම් ගම්මානය, මිලර් වරාය, ඕටිස්බර්ග් කන්ද, පටු සමුද්‍ර සන්ධිය, ට්‍රයිකෝනර්

ගෝතම්හි පොදු ස්ථාන,

ආර්චි ගුඩ්වින් අන්තර්ජාතික ගුවන් තොටුපල, ගෝතම් නාගරික ප්‍රධාන රෝහල, ගෝතම් නාගරික පොලිස් දෙපාර්තමේන්තුව, ගෝතම් පොදු පුස්තකාලය, රොබින්සන් උද්‍යානය

ගෝතම්හි ප්‍රමුඛතම ව්‍යාපාරික ස්ථාන,

Ace Chemical Processing Plant, S.T.A.R. විද්‍යගාරය (ශාඛාවක්), මොනාච් රඟහල, දුම්කොළ වෙළෙන්දන්ගේ සංගමය, වෙයින් ව්‍යාපාරය (වෙයින් ආකාශතලය, වෙයින් කර්මාන්තය)

ගෝතම්හි මාධ්‍ය ආයතන,

Gotham Broadcasting Company (GBC), ගෝතම් ගැසට්

ගෝතම්හි වැදගත් අනෙකුත් ස්ථාන,

ආර්කම් උන්මන්තකාගාරය, වවුල් ගුහාව, බ්ලැක්ගේට් සිරගෙය, Club Vesuvius, යුක්තියේ ශාලාව (යුක්ති ලීගයේ සම්බන්ධතාවයට පමණි), අයිස්බර්ග් විවේකස්ථානය, යුක්ති සමාගමේ මූලස්ථානය, සත්ව ඝාතන වගුර, වෙයින් නින්දගම, වෙයින් කුළුන

මේ තමයි ගෝතම්හි වීරයන්,

Azrael (Jean-Paul Valley), Batgirl (Barbara Gordon), Batman (Bruce Wayne), Batwoman (Katherine Kane), Black Bat (Cassandra Cain), Birds of Prey, Black Canary (Dinah Laurel Lance) (ඇරෝ ගේ බිරිඳ වන්නේ මැය), Huntress (Helena Bertinelli), Catwoman (Selina Kyle), Jason Blood, Nightwing (Dick Grayson) (මුලින්ම බැට්මෑන් ගේ සහයකයා වුනු රොබින්), Ragman (Rory Regan), Red Robin (Tim Drake), Robin (Damian Wayne)

ගෝතම්හි දුෂ්ටයන්,

Anarky, Bane, Black Mask, Blockbuster (Mark Desmond), Blockbuster (Roland Desmond), Calculator, Calendar Man, Catman, Cavalier, Clayface (Basil Karlo), Clayface (Clay Payne), Clayface (Matt Hagen), Clayface (Preston Payne), Clayface (Sondra Fuller), Cluemaster, Deadshot, Doctor Double X, Doctor Phosphorous, Dragoncat, Electrocutioner, Film Freak, Firebug, Firefly, Grotesk, Harley Quinn, Hugo Strange, Hush (Thomas Elliot), Joker, KGBeast, Killer Moth, King Snake, Kite-Man, Lady Shiva, Lockup, Mad Hatter, Man-Bat, Maxie Zeus, Mister Freeze, Victor Zsasz, Nocturna, Penguin, Poison Ivy, Red Hood (Jason Todd), The Riddler, Rupert Thorne, Scarecrow Silver Monkey, Solomon Grundy, Talia al Ghul, The Terrible Trio, Tweedle-Dee, Tweedle-Dum, Two-Face

ගෝතම්හි අනෙකුත් ප්‍රධාන චරිත,

Thomas Wayne (බෘස් ගේ පියා), Martha Wayne (බෘස් ගේ මව), Alfred Pennyworth (බෘස් හදා වඩාගත් තැනැත්තා), Robert Langstrom, Alberto Falcone, Anthony Zucco, Carmine Falcone, Crispus Allen, Eddie Skeevers, Francine Langstrom, Harvey Bullock, Irene Miller, James Gordon, Janice Porter, Jason Bard, Jim Corrigan, Joe Chill, Leslie Thompkins, Lucius Fox, Renee Montoya, Silver St. Cloud, Sofia Falcone, Tony Zucco, Vicki Vale

ඉතින් ඔය තමයි සරලවම ගෝතම්. අද ඉඳන් පටන් ගන්න මේ කතාව ගෝතම් නගරයේ කතාව වෙනවා. ගෝතම් නගරයේ ප්‍රධාන චරිතය බැට්මෑන් උනාට මේ කතාවේදී ප්‍රධාන චරිතය වෙන්නේ ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවේ පුරාවෘත්තය වෙච්චි ජේම්ස් ගෝර්ඩ්න්. ගෝතම්හි සෑම චරිතයක් වටාම ගෝර්ඩ්න් ඉන්නවා. (මෙයා ගැන විස්තර කියනවාට වඩා හොඳයි කතාව බලලම එයාගේ ජීවිත කතාව බලන එක).

පොලිස් පරික්ෂනයෙක් වන තරුණ ගෝර්ඩ්න්ගේ කතාව සැබවින්ම පටන් ගන්නේ බෘස් වෙයින් හමුවීමත් එක්කයි. දාමරිකයෙක් අතින් තම දෙමව්පියන් මියයනු දුටු බෘස් ගේ සිත සනසන්න මූලික වන්නේ ඇල්ෆ්‍රඩ් වුවත් බෘස් ගේ සිත වෙනමම මානයකට යවන්නේ ගෝර්ඩ්න්. පසුකලෙක බැට්මෑන් ලෙස පැමිණෙන්නට බෘස් ට එක හේතුවක් වෙන්නේ එදා සිදූවූ මෙම සිද්ධියයි.

බැට්මෑන්, කැට්වුමන්, විෂ අයිවී, රිඩ්ලර්, පෙන්ගුයින්. මේ හැමෝගෙම ජීවිත තුල කොතැනක හෝ ගෝර්ඩ්න් ඉන්නවා. මේ කව්රුවත් උපතින් වීරයෙක් හෝ දුෂ්ටයෙක් උනේ නැහැ. මොවුන්ව මේ තත්වයට පත්කරේ ගෝතම්හි ඔවුන් පත්වුණු තත්වයන් අනුවයි. උදාහරණයක් ලෙස බැට්මෑන් ලෙස සැකසෙන්න බෘස් ට සිදුවූයේ තම දෙමාපියන්ගේ මරණයි. පෙන්ගුයින් සමාජයේ විහිලුවට ලක්වූයෙක්, කැට්වුමන් මුඩුක්කු ජීවිතය අත්දැකපු කෙල්ලෙක්. ඒ නිසා ගෝතම් යනු ගොර්ඩ්න්ගේ කතාව පමණක් නෙවෙයි. මේක බෘස් ගේ කතාවක්, අයිවිගේ කතාවක්, සෙලීනාගේ (කැට්වුමන්) කතාවක්, පෙන්ගුයින්ගේ කතාවක්. ඒ වගේම ගෝතම්හි ප්‍රධානම සතුරා වන ජෝකර් ගේ කතාවක්.

Crime, Fiction, Action, Crime, Drama යටතට ගැනෙන මෙම කතා මාලාව Bruno Heller විසින් නිර්මාණය කෙරුණක්. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ DC කොමික් විශ්වයේ Batman සහ James Gordon යන චරිත වලට අදාළ කතා ප්‍රධානවම ඇතුලත් DC Entertainment හි නිර්මාණයි.

ලිපිය – තිසර නියෝ

 

Gotham (2014– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,855 downloadsDownload Gotham-S01E00.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                     All Episodes                        Next Episode>>     

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

3,855 downloadsDownload Subtitles47 KB

49 comments

  1. tharindu

    Elama kiri :)

  2. නුවන්ත දුලාන්

    නියමයි හසන්ත සහෝ...!!!

  3. silent$

    thanx bro !!! sub ekmanata dunnata....elama kiri!!!!!!!!!!!!!!!!!!!

  4. නලින්

    නියමයිනේ හසන්ත අයියා!
    මෙක බැවට තාම බැලුවේ නැහැ..

    ස්තුතියි වේවා!

    ජය වේවා!

  5. Sam

    thnks broo sub ekata..elz..

  6. Nuwan

    අඩෝ මචන්
    කතාව බලන්න කලින් විස්තර කලාට තැන්ක්ස් මචන් .
    නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත.
    දිගටම වැඩේ අවුලක් නැතුව කරන්යන්න සුභ පතනවා !!!

    ජය වේවා!

  7. jagath

    thanks

  8. Tharindu

    ELAKIRI HASANTHA AYYA DIGATAMA DEMU THANKS

  9. hakcer

    125MB link eka wada nah neh bn :'(

  10. චන්දිම අමරසිංහ

    නියමයි හසන්ත සහෝ .. ඔන්න වැඩේ පටන්ගත්තා ...ස්තුතියි ඔබට සුභපැතුම් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය වගේම කාලයත් ලැබේවා...

    ජයවේවා ඉදිරියටම යමු....!$

  11. Ishara

    ah unu unu wenma genalla thiyenne
    thanks.. sahoo

  12. WISH

    Thankz bro.... ikmanata episode 1 danna.....

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D මේක බලන් හිටපු කතාවක් ... පුළුවන් නම් මේකේ 1 වැනි එක අදම දෙන්න ගොඩක් ස්තුතියි !!

  14. Sisira Hegoda

    Thanks.

  15. Eranda

    අලුත් මාසයක් අලුත් TV සීරීස් ගොඩාක් :) :) :) නියමයි මචෝ

  16. Dimuthu

    Thank you...

  17. Tharindu Perera

    elazzz ahhh...
    meka denakam balan unneee...
    danma bava danma baluvaa...
    thanks hasantha sahoo sub ekatahh..

  18. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න මමත් ගන්නවා.

  19. තිසර නියෝ (Thisara Buddhika)

    ස්තූතියි හසන්ත අයියේ..
    මග බලන් හිටියේ සබැ එනකල්..
    මෙන්න ගන්නවා...
    පලවෙනි කොටසෙන් ඉක්මනටම හමුවෙමු

    1. Pasindu

      Me sub ekata episode එකක් na neda

  20. sajeevi

    thanks

  21. czRGsl

    Patta Thankssssssssssss......... meka nam enakan balagena hitiye........ :)

  22. Sami

    Thanx machn sub walata

  23. Darshana

    Supiri kathawakne saho.. Digatama denna.
    good luck..

  24. kavinda

    එල කිරි මචන්
    ජය වේවා!!!!!!!

  25. පැතුම් චතුරංග

    හිප් හිප් හුරේ.....
    මෙන්න බලාන හිටපු ටෙලිකතාව ඇවිල්ලා..
    නියමයි සහෝ..
    එලස්ස්ස්...
    බෝම ස්තුතියි...
    ජය වේවා...

  26. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!

  27. Kulanjana Maduranga

    maxxaaaaaa.niyamai HASANTHA aiya....thanks HASANTHA aiye...ohoma yn.jaya wewa....

    Good post THISARA saho ,Thanks....jaya wewa....

  28. Mahesh

    sub ekata thanx aaaaa

  29. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි..
    කතාව බලලම තව අදහස් දෙන්නම්..
    අනිකා හසා කරානම් ආයේ මක්කයි...
    ලිපියත් පට්ට තිසර මචෝ..
    ජය වේවා..

  30. yasas

    wow,, niyamai,, mekath awith,, okkoma tika demu ok.... thanks saho ... oyalage mahansiyata godak tuthi...

  31. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් අලුත් රූපවාහිණි කතා සමය ආරම්භ වෙනවා වගේ. බලන්න ගම්මු එහෙනම්. ජය෴෴ :P :P

  32. Ruchira

    sub 1ට ස්තුතියි............

  33. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හසෝ උපසිරසට
    එළකිරි ලිපියක් තිසර සහෝ :D

  34. ඉසු ඩිපි (Isu DP)

    නියමයි හසන්ත සහෝ..
    ලිපියට ස්තුතියි තිසර සහෝ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  35. charith

    niyamai

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. lakshitha

    Mcn Dan Justice league ekata goda denek innawa..
    kattiya mokada kiyanne ???
    Avengers wagema Justice league eke aluth Film ekak eaida????

  38. “චූටී මල්ලි”

    පට්ටනෙ මන් හිතුවෙ
    බැට්මෑන් ගෙ සීන් 1ක් කියලා
    දිගටම දෙමු හසා
    ලිපියත් එල
    සබට තුති
    ඔබට ජය....................

  39. Tilantha hansanath

    මමත් හිතුවෙ බැට්මෑන් ගෙ සීන් 1ක් කියලා කොහොම හරි පට්ට කතාවක් වෙන්න ඹනෙ බොහොම ස්තුතියි :)

  40. ..::Damon::..

    Fta bro.... Tnx.... :D :D :D :D :D :D

  41. shereef perera

    බොහොම ස්තුතියි මචෝ

  42. Sanath Perera

    thanks for sub bro.....

  43. eranga anuruddha

    ela machan thanks

  44. priyanthapremarathna

    thanks bro sub akata

  45. Pasindu

    Mehema episode එකක් na ne yts eke ?

  46. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  47. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

  48. Dammika

    Thank bro