Griselda Sinhala Subtitles දවසක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා, අම්මා කෙනෙක් පොළවේ හැපි හැපි විලාප දෙමින් අඬනවා මත්කුඩු වලට දරුණු විදියට ඇබ්බැහි වුණු තමන්ගේ පුතා ගේ ඇතුළේ කාමරේක දිවි නහගෙන ඉන්නවා දැකලා. තමන්ගේ පුතා පාරේ තොටේ වැටිලා සිහි විකල් වෙලා වමනේ පෙරාගෙන ඉන්නවා දැකපුවම තමයි ඒ අම්මට තේරිලා තිබුණේ…
Griselda Sinhala Subtitles
දවසක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා, අම්මා කෙනෙක් පොළවේ හැපි හැපි විලාප දෙමින් අඬනවා මත්කුඩු වලට දරුණු විදියට ඇබ්බැහි වුණු තමන්ගේ පුතා ගේ ඇතුළේ කාමරේක දිවි නහගෙන ඉන්නවා දැකලා. තමන්ගේ පුතා පාරේ තොටේ වැටිලා සිහි විකල් වෙලා වමනේ පෙරාගෙන ඉන්නවා දැකපුවම තමයි ඒ අම්මට තේරිලා තිබුණේ තමන්ගේ දරුවා කොච්චර දුරට වැටිලාද කියලා.
දරුවෙක් ලොකු කරන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විඳින දුක කියලා නිම කරන්න බෑ. රෑ දවල් දෙකේම දහඩිය හලලා, නොකා නොබී හරි හම්බ කරලා දරුවන්ට උගන්වන්න, හොඳට කන්න දෙන්න, අඳින්න දෙන්න මහන්සි වෙන ඒ අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ගේ ජීවිත විනාස කරලා මේ විදියට කුඩු විකුණලා සල්ලි හොයන එක කොච්චර පව්ද?
ඔය කුඩු විකුණලා හම්බ කරන සල්ලි වලින් කවදාවත් සැනසිල්ලක් ලැබෙන්නේ නෑ. ඕවා වලින් කෑවත් බිව්වත් හිතේ සැනසිල්ලක් නෑ. රෑට ඇස් පියාගන්න බෑ. හැමවෙලේම හිතේ බයක්. පොලීසිය අල්ලයිද, කවුරු හරි මරයිද කියලා. ඒ විතරක් නෙවෙයි, තමන් විකුණපු කුඩු වලින් කී දෙනෙක්ගේ පවුල් කැඩිලා ගියාද? කී දෙනෙක්ගේ දරුවෝ අනාථ වුණාද? කී දෙනෙක් මැරිලා ගියාද?
හැමෝම පාබ්ලෝ එස්කොබාර් දන්නවා වගේ ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ කියන්නේ කොකේන් කුඩු ව්‍යාපාරයේ හිටපු දැවැන්තම චරිතයක්. මෙයා තමයි කොකේන් ව්‍යාපාරයේ එස්කොබාර්ගේ ගෑනු වර්ෂන් එක කියලා කිව්වොත් හරි. කොලොම්බියාවෙන් ඇමරිකාවට ඇවිත් මයාමි නගරය කේන්ද්‍ර කරගෙන අවුරුදු 30ක් විතර කුඩු ව්‍යාපාරය දැවැන්ත විදිහට කරගෙන ගියා.
එස්කොබාර් කොලොම්බියාවේ ඉඳන් තමයි සෙල්ලම් දැම්මේ. හැබැයි මේ ගෑනි ගියේ හතුරාගේ කටට. ඇමරිකාව ඇතුලේ ඉඳන් සුද්දන්ට කුඩු පොවලා ටොන් ගාණක් සල්ලි හෙව්වා. වතාවක් එස්කොබාර්ම කියලා තියනවා තමන් බය වෙන එකම කෙනා ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ කියලා.
මේ ගෑනි වයස 11දිම මිනීමරලා තියනවා. තරුණ කාලේ ගණිකාවක් විදිහට හිටපු මෙයා පස්සේ කාලෙක කොකේන් ව්‍යාපාරයේ රැජින වුණා. මාසෙකට ඩොලර් මිලියන 80ක් විතර හම්බ කළා. මිනිස්සු මරන්න, බෝම්බ ගහන්න මොකුත් කරන්න පැකිලුනේ නෑ. ස්වාමිපුරුෂයෝ තුන්දෙනෙක් හිටපු මෙයා ඒ තුන්දෙනාම මරලා දැම්මා. අන්තිමට 2012දී මෙයාත් මෙඩෙයින් නගරේදී වෙඩි කාලා මැරුණා.
ඉතින් මේ දිරිය මාතාව කළ සේවයට උපහාර පිණිස Netflix එකේ මහත්තුරු තීරණය කරනවා උන්දැ ගැන miniseries එකක් හදන්න. ඒ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝගේ සැබෑ ජීවිතය මත පදනම් වුණු අපරාධ නාට්‍ය කොටස් කිහිපයක්. මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය වන ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝගේ භූමිකාව රඟන්නේ සොෆියා වර්ගරා.
මේ කතා මාලාව පළමුවෙන්ම Netflix එකේ තිරගත වුණේ 2024 ජනවාරි 25 වෙනිදා. මේකට මිනිස්සුන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම සොෆියා වර්ගරාගේ රංගනය ගැන හොඳ ප්‍රශංසා ලැබුණා.
මේක Netflix එකේ තිරගත වුණ පළමු සතියේම රටවල් 90ක අංක එකේ තැනට ගියා. Netflix හි ගෝලීය සතිපතා ප්‍රමුඛතම කතා මාලා 10 (ඉංග්‍රීසි) ලැයිස්තුවේ අංක එකට ගියා.
බලන්න ග්‍රිසෙල්ඩා… කොච්චර සල්ලි හම්බ කෙරුවත්? කොච්චර බලය තියාන් හිටියත්? අන්තිමට ගෑනිට වෙන දේ?
ග්‍රිසෙල්ඩා අන්තිම හුස්ම හෙළන මොහොතේ හිතන්න ඇති… මගේ ජීවිතේ මොකක්ද ඉතුරු උනේ කියලා… මගේ දරුවෝ කෝ? මගේ සල්ලි වලින් මට මොකද උනේ? අන්තිමට මැරෙන්න වෙන්නෙත් තට්ට තනියම විඳවලා.
කුඩු විකුණලා, ඒ මුදල් වලින් සුඛපභෝගී ජීවිතයක් ගත කරන්න හිතන් ඉන්න අයට මම කියනවා… ඔයා යන මඟ වැරදියි. හෙට දවසේ ඔයාගේම දරුවත් මේ විෂ වලට ඇබ්බැහි වුණොත්? ඔයාගේම දරුවා පාරේ වැටිලා මැරෙනකොට ඔයාට දරාගන්න පුළුවන්ද? ඒ නිසා මේ වැරදි මාර්ගෙන් ඉවත් වෙන්න. තාම කල් තියෙද්දි හොඳ මගකට එන්න. ඔයාගේ දරුවන්ට, අම්මට තාත්තට ආඩම්බර වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න. ඒකයි සැබෑ සතුට.
එහෙනම් සීරිස් එක බලන්න.
ඔයාලගේ අදහසුත් පහළින් දක්වගෙන යන්න.
Griselda Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,126 downloadsDownload Griselda-S01E01-baiscopelk-sinhala-subtitle.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Griselda Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
5 comments
Matrix Trader
Supun Thiwanka
සුපිරි මෙ වගෙ හොද කතා වලට තමා සබ් දෙන්න ඕනි. Narcos Series එකත් මම සම්පුර්ණයෙන්ම බැලුවා. තෑන්ක්ස් මෙ වගෙ ඒවට සබ් දෙනවට
Buddhika laKMal
ස්තූතියි ශෙහාන් සහෝ මේ වගේ cupiri සීර්එහෙකට සබ් දුන්නට...... ❤
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S Hමිලින්ද ප්‍රියලාල්
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මත්ද්‍රව්‍ය වලින් සල්ලි හොයන අයට හිතන්න දෙයක් සහා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයටත් හිතන්න යමක්, පාවිච්චි නොකරන අයටත් ඒකේ සැබෑ හොද පෙන්වලා තියනවා.ඔයා මේ ගැන හොදින් සමාජයට තෙරුම් කරලා දිලා තියනවා. බොහෝම පින්! ඔබ කරන කියන කටයුතු සාර්ථක වෙවා!බුදුසරණයි!