Griselda Sinhala Subtitles පෙර කොටසින්… ග්‍රිසෙල්ඩා, පළවෙනි කොටස පටන් ගත්තේ පාබ්ලෝ එස්කොබාර් කියපු වචන කිහිපයකින්. “මම බය උනු එකම කෙනා වුණේ ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ කියන ගැනිට.” කියලා. 1978 වසරේ කොලොම්බියාවේ මෙඩෙලින් නගරයේ රාත්‍රියේ ගෙයකට දුවගෙන යන කාන්තාවකගෙන් තමයි කතාව පටන් ගත්තේ. මේ ග්‍රිසෙල්ඩා. මෙය…
Griselda Sinhala Subtitles
පෙර කොටසින්…
ග්‍රිසෙල්ඩා, පළවෙනි කොටස පටන් ගත්තේ පාබ්ලෝ එස්කොබාර් කියපු වචන කිහිපයකින්.
“මම බය උනු එකම කෙනා වුණේ ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ කියන ගැනිට.” කියලා.
1978 වසරේ කොලොම්බියාවේ මෙඩෙලින් නගරයේ රාත්‍රියේ ගෙයකට දුවගෙන යන කාන්තාවකගෙන් තමයි කතාව පටන් ගත්තේ. මේ ග්‍රිසෙල්ඩා. මෙයාගේ ලේ ගලනවා. ඒ නිසා මෙයා තමන්ට එතැනදි ප්‍රතිකාර කරගන්නවා, බෙහෙත් බොනවා. තුවාලෙන් පෙනුන විදිහට මෙයාට වෙඩි වැදිලා. ඊට පස්සේ මෙයා කාමන් කියන තමන්ගේ පරණ යාළුවෙකුට කතා කරලා උදව්වක් ඉල්ලනවා.
නින්දෙන් අවදි උන කාමන් තමන්ගේ මයාමි ගෙදර ළමයි එක්ක ඉන්න ග්‍රිසෙල්ඩාට ඉඩ දෙන්න එකඟ වෙනවා. කොලොම්බියාවෙන් මයාමි එනවට කාමන් පුදුම උනත් ග්‍රිසෙල්ඩා කියනවා පස්සෙ විස්තර කියන්නම් කියලා. ග්‍රිසෙල්ඩා ඉක්මනට පුතාලා තුන්දෙනාට බඩු අහුරගන්න කියලා රෑ පිටත් වෙනවා. ළමයින්ට පස්සේ විස්තර කියන්නම් කියලා පොරොන්දු වෙනවා. තාත්තා ගැන අහද්දි මෙයා කියනවා දැන් අපි දික්කසාද වෙනවා කියලා. ඩික්සන් මේකට සතුටු වුණා මොකද ඒ තාත්තා එයාගේ තාත්තා නෙමෙයි කියලා.
මයාමි ගිහින් කාමන්ගේ ගෙදර පදිංචි වෙද්දි අම්මා ළමයින්ගෙන් ඉල්ලනවා හොඳ අමුත්තෝ විදිහට ඉන්න කියලා. කාමන් ග්‍රිසෙල්ඩාව රෑ කෑමට එක්කන් යනවා. එතැනදී ග්‍රිසෙල්ඩා ඇල්බටෝව දාලා ආපු දුක කියනවා. කාමනුත් මයාමි එන්න කලින් මාෆියා බිරිඳක් වෙලා හිටියා. දැන් ගෑනි ශේප් එකේ කුඩු සල්ලි වලින් පිරිසිදු සංචාරක ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න ගෑනි කැමති නෑ. ග්‍රිසෙල්ඩා පොරොන්දු වෙනවා තමන් ඒ ජීවිතෙන් එළියට ඇවිල්ලා ඒ සේරම අතඇරලා තියෙන්නේ කියලා. ළමයින්ට හොඳ ජීවිතයක් හදන්න ඕනේ කියලා කියනවා. ඉතින් කාමන් තමන්ගේ මිතුරියට රැකියාවක් දෙනවා සංචාරක ව්‍යාපාරයේ. ග්‍රිසෙල්ඩා සතුටින් මේක පිළිගන්නවා. නමුත් රෑ ගෙදර කාමරේට ඇවිත් ගෑනි කොලොම්බියාවෙන් හොරෙන් ගෙනාපු කිලෝ එකක මත්ද්‍රව්‍ය එළියට ගන්නවා.

පහුවෙනිදා ග්‍රිසෙල්ඩා ආටුරෝ කියන කෙනෙක්ට කතා කරනවා. එතනින් තේරෙනවා මිනිස්සු ග්‍රිසෙල්ඩාව හොයනවා කියලා. ආටුරෝට මුකුත් කරලා තියෙයිද කියලා බය උනත් මිනිහා හොඳින් ඉන්නවා. ග්‍රිසෙල්ඩා මිනිහගෙන් ඉල්ලනවා මයාමි වල තමන්ගේ කොකේන් ටික විකුණන්න පුළුවන් කෙනෙක්ව හොයලා දෙන්න කියලා. ආටුරෝ හොඳ යාළුවෙක් නිසා ග්‍රිසෙල්ඩාට උදව් කරන්න කැමති වෙනවා. ඊට පස්සේ ග්‍රිසෙල්ඩා කාමන්ට කාර්යාලයේ ලියුම් වගයක් දීලා ළඟම තියෙන කෑම කඩේට යනවා. එතන වැඩ කරන කොලොම්බියානු වේටර් කෙනෙක් එක්ක කතාබහ පටන් ගන්නවා.
ඒ රෑ ග්‍රිසෙල්ඩා ක්ලබ් එකකට ගිහින් එතන ඉන්න අමිල්කාර් කියන ඩීලර් කෙනෙක්ගේ මිනිහෙක්ට නොමිලේ සාම්පලයක් දෙනවා. ඒකට ජොනී කියන අලුත් යාළුවගේ උදව් ගන්නවා. නමුත් අමිල්කාර් නම් කිලෝ එකක් විතරක් විකුණන්න තියෙන යෝජනාවකට උනන්දුවක් දක්වන්නේ නෑ. ග්‍රිසෙල්ඩාගේ බඩුත් බලන්නේ නැතුව ගෑනිට යන්න කියනවා. කාර් එක ගාවට යද්දි ජොනී ග්‍රිසෙල්ඩාට ගහලා කිලෝ එක උදුරගන්නවා. ග්‍රිසෙල්ඩා මෙතනදි අසරණ උනත් ගෑනි වැඩේ අත අරින්නේ නෑ. පස්සේ ගෙදර ගිහින් ඇල්බටෝව මතක් කරලා බාල පුතාව සනසනවා.
පෙර සිදු වූ දර්ශනයකින් අපිට පෙන්නනවා ඇල්බටෝයි ග්‍රිසෙල්ඩායි අතර වෙච්ච දේ. ඇල්බටෝ ග්‍රිසෙල්ඩා කියන දේ ඇහුවේ නැති නිසා මෙයාලගේ බඩු ගොඩක් නැති වෙලා විනාස වෙනවා. ඇල්බටෝගේ සහෝදරයා (ෆර්නැන්ඩෝ) ණය ගෙවන්න ග්‍රිසෙල්ඩා එක්ක එක රැයක් ගත කරන්න ඕනේ කියලා ඉල්ලනවා. ෆර්නැන්ඩෝට ග්‍රිසෙල්ඩා ගැන ආසාවක් තිබිලා තියෙනවා. ඇල්බටෝ කියනවා ග්‍රිසෙල්ඩා පවුල බේරගන්න ඕනේ, විශේෂයෙන් පුතාලව කියලා. මිනිහා කියනවා ග්‍රිසෙල්ඩා කලින් ගණිකාවක් හින්දා මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි කියලා. අන්තිමට ග්‍රිසෙල්ඩා පුතායි සැමියායි බේරගන්න එකඟ වෙනවා.
දැන් අපේ ග්‍රිසෙල්ඩා ජොනී පස්සෙන් ගිහින් බේස්බෝල් පිත්තකින් මිනිහට ගහලා හොරාගත්ත කිලෝ එක ආපහු ගන්නවා. මිනිහා මේවා විකුණන්න ගියපු කෙනා එක්ක හමුවක් හදලා දෙන්න කියලා තර්ජනය කරනවා නැත්නම් බොස්ට කියනවා කියලා. ජොනී එකඟ වෙලා එකපාරටම හිතා මතා ග්‍රිසෙල්ඩා වැඩ කරන තැනට එනවා.

කාමන් දැනගන්නවා ග්‍රිසෙල්ඩා කොකේන් විකුණන්න හදන බව. මේකට මෙයාගේ හිත කැඩිලා ග්‍රිසෙල්ඩාට ගෙදරින් යන්න කියනවා. තමන්ගේ පාතාල සැමියා එක්ක මරණීය අත්දැකීම් ලැබුවට පස්සේ තමයි කාමන් මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා තිබුණේ. ග්‍රිසෙල්ඩා තමන්ගේ පැහැදිලි කිරීම කරන්න හැදුවත් කාමන් තීරණයක් අරන් ඉවරයි.
පහුවෙනිදා ග්‍රිසෙල්ඩා චුචෝ (අර කෑම කඩේ වේටර්) එක්ක හම්බවෙලා රෑට බොඩිගාර්ඩ් කෙනෙක් විදිහට වැඩ කරන්න මිනිහව ගන්නවා. ජොනී එයාලව එඩී කියන හාදයට හඳුන්වා දෙනවා. එඩී ග්‍රිසෙල්ඩාගේ බඩු ඩොලර් 20,000කට මිලදී ගන්න එකඟ වෙනවා ටිකක් කතාබහකින් පස්සේ. ඩීල් එකෙන් පස්සේ එඩී ග්‍රිසෙල්ඩාට නටන්න කතා කරනවා. නටද්දි මිනිහෙක් ඇවිත් එඩීගේ මිනිස්සු මරන්න පටන් ගන්නවා. චුචෝ ග්‍රිසෙල්ඩාව ආරක්ෂා කරන්න ගිහින් අතේ වෙඩි තුවාලයකුත් කරගන්නවා. වෙඩි හුවමාරුවෙන් පස්සේ අමිල්කාර්ගේ මිනිහෙක් ඇවිත් මේසේ උඩ තිබ්බ කිලෝ එක අරන් ග්‍රිසෙල්ඩාට ගෙදර යන්න කියනවා. ගෑනි ඉක්මනටම පිටත් වෙලා යනවා. චුචෝත් පස්සෙන් ගියා.
කාර් එකේදී සල්ලි ගණන් කරද්දි ග්‍රිසෙල්ඩාට මතක් වෙනවා කොලොම්බියාවෙන් පැනලා ආපු රෑ වෙච්ච දේ. ඒ රෑ ෆර්නැන්ඩෝ එක්ක ඉඳලා ආවට පස්සේ ඇල්බටෝ චෝදනා කළා ග්‍රිසෙල්ඩා තමන්ගේ අයියා එක්ක සැප විඳලා කියලා. මෙයාලා මෙතනදි රණ්ඩු වෙලා ග්‍රිසෙල්ඩා කිව්වා අපේ සම්බන්ධය ඉවරයි කියලා. බාර් එකෙන් එළියෙදි තවත් රණ්ඩු වෙද්දි ඇල්බටෝ ගෑනිට කිව්වා “උඹ ළමයි තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක් විතරයි, තමන් නැතුව ගෑනිට මොකුත් කරගන්න බෑ” කියලා. තරහින් ග්‍රිසෙල්ඩා තුවක්කුව අරන් ඇල්බටෝව මරනවා. මෙතනදි ඇල්බටෝගේ මිනිස්සු ගෑනිට වෙඩි තියනවා.
දැන් ග්‍රිසෙල්ඩා එඩීගේ ලේ වලින් නෑවිලා අමිල්කාර්ගේ ක්ලබ් එකට ආපහු ගිහින් තමන්ගේ බඩු බලන්න කියලා කියනවා. අපි දෙන්නටම එකතු වෙලා හොඳ සල්ලියක් හොයාගන්න පුළුවන් කියලා ග්‍රිසෙල්ඩා මේ කුඩු රජාට පොරොන්දු වෙනවා. බඩු පරීක්ෂා කරලා බැලුවම අමිල්කාර්ට තේරෙනවා මේවා ඉස්තරම්ම නියම ඒවා කියලා. ඒවා හොඳ තත්වයේ බඩු. ග්‍රිසෙල්ඩා මිනිහගෙන් ඉල්ලනවා තමන්ව අලුත් ප්‍රදේශයට සැපයුම්කාරිය කරන්න කියලා. අමිල්කාර් ග්‍රිසෙල්ඩාව අඩුවට තක්සේරු කරනවා. නමුත් ගෑනිට වැඩේ කරන්න පුළුවන් කියලා සහතික වෙනවා. අන්තිමට අමිල්කාර් එක අවස්ථාවක් දෙනවා. ලබන මාසේ ඕඩර් එක දෙගුණයක් කරන්න කියලා කියනවා. එතකොට ග්‍රිසෙල්ඩාව සැපයුම්කාරිය කරගන්නවා කියලා. ග්‍රිසෙල්ඩා ආඩම්බරයෙන් ක්ලබ් එකෙන් එළියට එනවා තමන්ට පුළුවන් කියලා ඔප්පු කරන්න සූදානමින්.

මේ එපිසෝඩ් එක ගැන මම හිතන දේ ?
කෑම කඩේ චුචෝගේ බොස් නම් මහම එපාකරපු නරකාදියෙක් වුණා. මිනිහා චුචෝගෙන් හරිම අමානුෂික විදිහට වැඩ ගන්නවා, නිකන් කෑ ගහනවා. ඒ චුචෝ සංක්‍රමණිකයෙක් නිසා තමන්ට ඕන විදිහට සලකන්න පුළුවන් කියලා හිතන නිසා වෙන්න ඇති. මේ වගේ හැසිරීම් නිසා තමයි චුචෝ ග්‍රිසෙල්ඩාගේ මේ අලුත් රැකියාව භාර ගත්තේ පැකිලීමක් නැතුව. හැබැයි මේ රැකියාව හිතුවට වඩා භයානකයි.
මේ කොටසේදී ග්‍රිසෙල්ඩා අනු නවයෙන් නොමැරී බේරුණේ. නමුත් අපි දන්නවා ගෑනි මොක වුණත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ රැඳී ඉන්න තීරණය කළා කියලා, ඒක කොච්චර භයානක හා පව්කාර ව්‍යාපාරයක්ද කියලා දැකලත්. ග්‍රිසෙල්ඩාගේ හේතු අපිට තේරෙනවා, ඇයි ගෑනි මේක කරන්න ඕනේ කියලා හිතුවේ කියලා. නමුත් කාමන් කියපු එක හරි. අපි නිතරම අපේ නරක තීරණ වලට යම් යම් සාධාරණීකරණය කිරීම් හදාගන්නවා.

ග්‍රිසෙල්ඩාට නම් මේක අන්තිම පාර කියලා හිතුණා, ඒත් එහෙම උනේ නෑ. දැන් මෙයාට අමිල්කාර්ට වැඩ කරන්න වෙනවා,
නමුත් මේ තරම් විශාල ඕඩර් එකක් රටට ගේන්නේ කොහොමද?
Griselda Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
896 downloadsDownload Griselda-S01E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Griselda Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
2 comments
Arawinda
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H