Griselda Sinhala Subtitles එහෙනම් අපි පට් පට් ගාලා බලමු පෙර කොටසේ වුණ දේවල්, ග්‍රිසෙල්ඩා දෙවන කොටස පටන් ගත්තේ දාරියෝ ග්‍රිසෙල්ඩාගේ ගෙදරට කඩා වැදිලා ගෑනි කොහෙද ගියේ කියලා හොයන්න උත්සාහ කරන තැනින්. ගෙදර කවුරුවත් හිටියේ නෑ. මිනිහගේ බොස් කතා කරලා මෙතනදි වැඩේ ගැන අහනවා. මිනිහා හිතනවා ග්‍රිසෙල්ඩා ඇල්බටෝව…
Griselda Sinhala Subtitles
එහෙනම් අපි පට් පට් ගාලා බලමු පෙර කොටසේ වුණ දේවල්,
ග්‍රිසෙල්ඩා දෙවන කොටස පටන් ගත්තේ දාරියෝ ග්‍රිසෙල්ඩාගේ ගෙදරට කඩා වැදිලා ගෑනි කොහෙද ගියේ කියලා හොයන්න උත්සාහ කරන තැනින්. ගෙදර කවුරුවත් හිටියේ නෑ. මිනිහගේ බොස් කතා කරලා මෙතනදි වැඩේ ගැන අහනවා. මිනිහා හිතනවා ග්‍රිසෙල්ඩා ඇල්බටෝව (තමන්ගේ මල්ලිව) මැරුවා කියලා, මොකද ඒ මල්ලි ග්‍රිසෙල්ඩාට තමන් එක්ක නිදාගන්න කිව්ව නිසා කියලා. මිනිහා කියනවා ග්‍රිසෙල්ඩාගේ හෙන ආඩම්බරකම් තියෙනවා, විශේෂයෙන්ම ගෑනි කලින් ගණිකාවක් වුණු නිසා. මිනිහා දාරියෝව එමිලියෝ (ග්‍රිසෙල්ඩාගේ පරණ බොස්) ගාවට යවනවා තව දේවල් දැනගන්න. මේ පාර ග්‍රිසෙල්ඩාට වෛර කරපු කෙල්ලෙක් ගෑනි ගැන තොරතුරු කියනවා.
මයාමි වලට ආටුරෝ කෙල්ලෝ කිහිප දෙනෙක් එක්ක එනවා. ග්‍රිසෙල්ඩා මෙයාලව උණුසුම්ව පිළිගන්නවා. මේ කෙල්ලෝ එමිලියෝගේ ක්ලබ් එකේ ග්‍රිසෙල්ඩාගේ යාළුවා ඉසා එක්ක වැඩ කරපු අය. ඉසා මේ කෙල්ලන්ට කතා කරලා මයාමි එන්න කියලා, තනපට අස්සේ මත්ද්‍රව්‍ය හොරෙන් ගේන්න කියලා. ඉතින් මෙයාලව ග්‍රිසෙල්ඩා නවාතැන්පොළට එක්කන් ගිහින් තනපට වලින් මත්ද්‍රව්‍ය අරන් කිරනවා. කෙල්ලෝ කිලෝ දහයක් ගෙනල්ලා, ග්‍රිසෙල්ඩායි ආටුරෝයි හිතනවා මේකෙන් ඩොලර් 250,000ක් හොයාගන්න පුළුවන් කියලා.මෙයාලා ගනුදෙනුව කරන්න බලන් ඉන්නවා, ඒත් ෆර්නැන්ඩෝ මෙයාලව හොයාගනීවිද කියලා බයෙන් හිටියේ. ආටුරෝට විශ්වාසයි දාරියෝ මේක ඉක්මනටම හොයාගනීවි කියලා. කාමනුත් ඇවිත් ග්‍රිසෙල්ඩාගෙන් ඉල්ලනවා තමන්ගේ සංචාරක ව්‍යාපාරය පාවිච්චි කරලා කෙල්ලන්ට ටිකට් ගන්න එපා කියලා. තමන් බංකොලොත් උනත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කැමති නෑ කියලා කිව්වා.
අනිත් පැත්තෙන්, පොලීසිය ක්ලබ් එකේ මිනීමැරුම ගැන හොයනවා. සාක්ෂිකාරියක් වන රෝසා, ජූන්ට කියනවා එතන කාන්තාවක් හිටියා කියලා, එයා ඩීලර්ස්ලගේ කෙල්ලෙක් වගේ නෙමෙයි බොස් කෙනෙක් වගේ ඇවිද්දා කියලා. නමුත් බිල් කියනවා ඒක හිතාගන්නවත් බෑ, මාෆියාව කවදාවත් කාන්තාවකට තැනක් දෙන්නේ නෑ කියලා. කෙසේ වෙතත්, බුද්ධිමත් විශ්ලේෂකයෙක් වන ජූන්, එයාගේ පිරිමි සගයන් සමච්චල් කළත්, තමන්ගේ බොස් තමන්ගේ න්‍යාය පිළිගන්න බැහැයි කිව්වත් තවදුරටත් පරීක්ෂණ කරගෙන යනවා. බොස් කියනවා ජූන්ට තමන්ගේ රාජකාරිය වන පරිවර්තන හා මෙමෝ ලිවීම පමණක් කරන්න කියලා. ඉතින් ජූන් මේකට ප්‍රතිචාරයක් විදිහට තමන්ගේ න්‍යාය සහිත මෙමෝ එකක් ලියලා හැම ඩෙස්ක් එකකම කොපියක් තියනවා.
රෑ වෙද්දි, ආටුරෝයි ග්‍රිසෙල්ඩායි අමිල්කාර්ව හම්බවෙන්න යනවා. හැබැයි එතන අලුත් මූණක් දකින එක පුදුමයක් වෙනවා. අමිල්කාර් පාපෝව හඳුන්වා දෙනවා. මිනිහට ග්‍රිසෙල්ඩා එක්ක ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ ගනුදෙනුකරුවා හොරකම් කරන්න හැදුව නිසා. පාපෝ තමයි අමිල්කාර්ගේ ප්‍රධාන සැපයුම්කරු. මිනිහා තරහින් ඉන්නේ ග්‍රිසෙල්ඩා අඩු ගානට හොඳ බඩු දෙන්න හදපු නිසා. අමිල්කාර් ග්‍රිසෙල්ඩාව රවට්ටන්න තීරණය කරලා ගෑනිගේ බඩු ගන්න බෑ කියනවා. ග්‍රිසෙල්ඩාට තරහා ගිහිල්ලා අමිල්කාර්ටයි පාපෝටයි බනිනවා. අමිල්කාර්ටත් මෙතනදි තද වෙලා කවුරුත් ග්‍රිසෙල්ඩාගේ කොකේන් ගන්නේ නැති වෙන්න සලස්වනවා කියලා පොරොන්දු වෙනවා.
මේක ග්‍රිසෙල්ඩාට ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද තාම බඩු ගෙනාපු කෙල්ලන්ට ගෙවලා නෑ, ගන්න කැමති කෙනෙකුත් නෑ. කෙල්ලෝ දැනටමත් කලබල වෙන්න පටන් අරන්, ඒ නිසා ඉසා යෝජනා කරනවා ප්‍රශ්න අමතක කරන්න එළියට යමු කියලා. රෑ කෑම කනකොට ග්‍රිසෙල්ඩාට අදහසක් එනවා හෝටල් වල ඉන්න පොහොසත් මිනිස්සුන්ට කොකේන් විකුණන්න, මොකද එතන හිටපු මිනිස්සු කම්මැලි කමින් විනෝදයක් නැතුව ඉන්නවා වගේ වගේ දැකපු නිසා. පස්සේ ගෑනි මේ අදහස ආටුරෝ එක්ක බෙදාගෙන ජර්මන් පනෙස්සෝ කියන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න කියනවා.
ග්‍රිසෙල්ඩා අමිල්කාර්ගේ උදව් නැතුව, මිනිහගේ ප්‍රදේශයට නොගිහින් මත්ද්‍රව්‍ය විකුණන්න බලාපොරොත්තු වෙනවා. පස්සේ ගෑනි මේ සැලැස්ම කෙල්ලන්ට කියනවා, එයාලා මෙයාට සහය දෙනවා. මුණුත් ගණිකා ජීවිතෙන් එළියට එන්න ඕනේ, මේක හොඳ අවස්ථාවක් වගේ පේනවා, කොලොම්බියාවේ අතීතයෙන් ඈත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න. මෙතනදි සැලැස්ම තමයි වුණේ මුලින් නොමිලේ රස බලන්න සලස්වලා පස්සේ තමන්ගේ වෙළඳපොල හදාගන්න එක.
පාපෝ ග්‍රිසෙල්ඩා ගැන හොයනවා. අමිල්කාර්ට කියනවා ගෑනි ගැන බලාගන්න කියලා, නමුත් මිනිහා බෑ කියනවා. මිනිහා හිතන්නේ නෑ ගෑනියෙකුට ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් කියලා, හැබැයි පාපෝට වෙනම අදහසක් තියෙනවා. මිනිහා තීරණය කරනවා තමන්ම මේක බලාගන්නවා කියලා.
ඒ අතරේ, ජර්මන් මයාමි ඇවිත් ග්‍රිසෙල්ඩාට ටිකක් තදින් කතා කරනවා. තමන්ගේ කාලය නාස්ති කරන්න එපා කියලා කියනවා, ග්‍රිසෙල්ඩා ඉල්ලනවා එක රැයක් දෙන්න තමන්ගේ සැලැස්ම පෙන්නන්න කියලා. ග්‍රිසෙල්ඩායි කෙල්ලොයි පොහොසත් අයට සුපිරි යොට් නැවක පාටියක් දානවා, හොඳ කාලයක් හැමෝටම ලබා දෙනවා. මෙයාලා මෙතනදි තමන්ගේ කොකේන් හඳුන්වා දෙනවා හැකි සෑම ගනුදෙනුකරුවෙකුට, හැම දෙයක්ම හොඳින් වෙමින් තියෙනවා පාපෝයි එයාගේ මිනිස්සුයි ඇවිත් ලොකු කලබලයක් ඇතිකරනකන්. පාපෝ වෙඩි තියලා ග්‍රිසෙල්ඩාව මරන්න තර්ජනය කරනවා. මෙතනදි ග්‍රිසෙල්ඩා පාපෝට අභියෝග කරනවා මිනිස්සු හැමෝම ඉස්සරහා තමන්ව මරලා දාන්න කියලා. මෙතනදි මොකවත් කරොත් තමන්ට වැඩේ අවුල් යනවා කියලා පාපෝට තේරෙනවා, මොකද ඒ සිදුවීම ඇසින් දකින සාක්ෂිකාරයන් ගොඩක් මෙතන ඉන්නවනේ. ජර්මන් කියනවා පාපෝ ඇතුළු පිරිසට දැන් ග්‍රිසෙල්ඩාගේ අලුත් හවුල්කාරයා තමන් කියලා. මේක හැමෝටම දැනගන්න නිවේදනයක් වගේ කරනවා, පාපෝ බය වෙනවා. පාටියේ හිටපු මිනිස්සු මිනිහව එලවලා දානවා.
ග්‍රිසෙල්ඩා සතුටු වෙනවා තමන්ගේ සැලැස්ම වැඩ කළා කියලා, ජර්මන් එක්ක ඩීල් එක දාගත්තු එකට. කෙල්ලොත් සතුටු වෙනවා අලුත් ජීවිතයකට අවස්ථාවක් ලැබුණු එකට, ග්‍රිසෙල්ඩා මේ කෙල්ලන්ට හරිම කාරුණිකව සලකනවා. අන්තිමට, ග්‍රිසෙල්ඩා කාමන්වත් තමන්ලා එක්ක එකතු වෙන්න හදාගන්නවා, කාමන් තමන්ගේ සංචාරක ව්‍යාපාරය ග්‍රිසෙල්ඩාට පාවිච්චි කරන්න ඉඩ දෙනවා. ගෑනි විශ්වාස කරනවා කියනවා මේකෙන් දෙගොල්ලන්ටම යහපතක් වෙයි කියලා, කාමන් අන්තිමට එකඟ වුණා.සාර්ථකත්වයේ ප්‍රීතියෙන් පස්සේ, ග්‍රිසෙල්ඩා හෝටලයට ආපහු එද්දි ෆර්නැන්ඩෝයි දාරියෝයි පුතාලා එක්ක කතා කරනවා දකිනවා. ෆර්නැන්ඩෝ පුතාලට කියනවා ග්‍රිසෙල්ඩා ඇල්බටෝව මැරුවා කියලා, තමන් තමන්ගේ සහෝදරයා වෙනුවෙන් පළිගන්න ඕනේ කියලා. ග්‍රිසෙල්ඩා වැද වැටිලා මිනිහගෙන් ඉල්ලනවා පුතාලා ඉස්සරහ මරන්න එපා කියලා. මිනිහව ගෑනිව අල්ලපු කාමරයකට ඇදගෙන ගිහින් මරන්න කලින් තමන්ගේ අහවල් වැඩේ කරගන්න හදනවා. මෝටල් එකේ බිත්ති සිහින් නිසා ළමයින්ට මේ හැම දෙයක්ම ඇහෙනවා. උබර් අම්මව බේරගන්න හදනවා, ෆර්නැන්ඩෝ දාරියෝට අණ කරනවා ළමයව මරන්න කියලා.
ග්‍රිසෙල්ඩාගේ වාසනාවට දාරියෝ ෆර්නැන්ඩෝව මරනවා ඒ වෙනුවට. මේ දරුණු සිදුවීමෙන් පස්සේ, ග්‍රිසෙල්ඩා දාරියෝගෙන් ඉල්ලනවා ෆර්නැන්ඩෝගේ මළ සිරුර අහක් කරලා දාන්න උදව් කරන්න කියලා. පස්සේ දාරියෝට කරන දෙයක් ගැන කතා කරමු කියලා පොරොන්දු වෙනවා. දාරියෝ දැන් තමන්ගේ බොස්ව මැරුව නිසා රස්සාවක් නැති වෙලා විතරක් නෙමෙයි, කොලොම්බියාවට යන්නත් බෑ.
මේ එපිසෝඩ් එක ගැන මම හිතන දේ ?
ජූන් තමන්ගේ සගයන්ගෙන් ලැබෙන කාන්තා විරෝධී ප්‍රතිචාර වලට කටයුතු කරන හැටි හරිම රසවත්. මේ පිරිමි ටික කෙල්ලගේ රස්සාව අමාරු කරවනවා, නිකන් හැමෝටම කෝපි අල්ලන්න විතරක් කෙල්ල ඉන්න ඕනේ කියලා තමයි හැමෝම හිතන්නේ. මේක කාර්යාල වල අදටත් වෙන දෙයක්. කොහොමහරි, ජූන් නැවත සටන් කරන එක බලන්න ලස්සනයි. මේ කෙල්ල අර ගොන් පිරිමින්ගෙන් වැඩි දෙනෙක්ට වඩා ඉහළ තනතුරක් ලබන්න සුදුසුයි මොකද කෙල්ල තමන්ගේ රස්සාව හොඳට කරනවා, ගොන් වැඩ නැතුව.
අනිත් අතට, සෝෆියා හරි හොඳට රඟපානවා මැරෙන්න යන, ළමයිනුත් නැති වෙන්න යන අම්මා කෙනෙක්ගේ බය. එයා ඒ දර්ශනයේදී හොඳටම රඟපානවා, අපිට ග්‍රිසෙල්ඩාගේ බලාපොරොත්තු සුන්වීම දැනෙනවා තමන්ගේ ජීවිතෙයි දරුවන්ගේ ඒවයි බේරගන්න දඟලන හැටි දකිනකොට. මේ ගෑනි කරදර ගොඩකට මූණ දීලා තියෙනවා, කනගාටුවට කාරණේ තමන්ගේම මිනිහා තමයි ගෑනිව මේ තත්වයට පත් කළේ. දාරියෝ ගැන තව අපිට ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. මිනිහා ඝාතකයෙක්, හැබැයි ළමයි මරන එකට විරුද්ධයි. මේ කොටසෙදි මිනිහා ග්‍රිසෙල්ඩාගේ ගැලවුම්කරුවා වුණා, නමුත් මිනිහගේ දයාවට මොන වගේ මිලක් ගෙවන්න වෙයිද?
Griselda Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
872 downloadsDownload Griselda-S01E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Griselda Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
2 comments
Buddhika laKMal
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ සබට