Griselda Sinhala Subtitles ආයුබෝවන්, ඔයාලා මේ වෙනකන් මම මේ අරන් ආපු සීරිස් එක රසවිඳින්න ඇති කියලා හිතනවා. ඉතින් අද මේක තමයි අවසාන කොටස. ග්‍රිසෙල්ඩාට අත්වෙන ඉරණම අද තීරණය වෙනවා. ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝගේ අවසන් මොහොත, බුදුන් වහන්සේ දේශනා කළ කර්ම සිද්ධාන්තයේ නිරවුල් පිළිබිඹුවකි. “යං කිඤ්චි සමුදය ධම්මං, ස…
Griselda Sinhala Subtitles
ආයුබෝවන්, ඔයාලා මේ වෙනකන් මම මේ අරන් ආපු සීරිස් එක රසවිඳින්න ඇති කියලා හිතනවා.
ඉතින් අද මේක තමයි අවසාන කොටස. ග්‍රිසෙල්ඩාට අත්වෙන ඉරණම අද තීරණය වෙනවා.
ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝගේ අවසන් මොහොත, බුදුන් වහන්සේ දේශනා කළ කර්ම සිද්ධාන්තයේ නිරවුල් පිළිබිඹුවකි.
“යං කිඤ්චි සමුදය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං” – යමක් හටගැනීමේ ස්වභාවය ඇත්තේද,
ඒ සියල්ල නැතිවීමේ ස්වභාවයෙන්ද යුක්ත වේ.
මත්ද්‍රව්‍ය ජාවාරමේ රැජින ලෙස කීර්තිමත් වූ ග්‍රිසෙල්ඩා,
තම ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ අන් අයගේ දුක් කඳුළින් ධනය සොයමිනි.
ඇය විසින් විනාශ කරන ලද පවුල් සංඛ්‍යාව අති මහත්ය.
දහස් ගණන් තරුණ ජීවිත මත්ද්‍රව්‍ය උගුලට හසු කරමින්, ඔවුන්ගේ අනාගතය අඳුරු කළා ය.
බුදුන් වහන්සේ දේශනා කළ පරිදි, “කම්මුනා වත්තතී ලොකො” – ලෝකය පවතින්නේ කර්මය අනුව ය.
ග්‍රිසෙල්ඩා විසින් වපුරන ලද අකුසල් බීජ, අවසානයේ ඇයටම විපාක දුන්නේ ය.
ඇයගේ පුත්‍රයා වූ මයිකල් පවා මව විසින්ම විනාශ කරන ලද පරපුරේ පළියකි.
ග්‍රිසෙල්ඩාගේ අවසානය, ඇය විසින් කරන ලද සියලු අකුසල් කර්මයන්ගේ එකතුවයි.
බන්ධනාගාර කුටියේ හුදකලාවේ සිටිනා මොහොතේ,
ඇය අවබෝධ කර ගත්තේ තම ජීවිතයේ නිසරු බවයි. ධනය, බලය,
කීර්තිය යන සියල්ල අනිත්‍ය බව ඇයගේ ජීවිතය තුළින් මැනවින් පැහැදිලි වේ.

මෙය හුදෙක් රූපවාහිනී නාට්‍යයක අවසානයක් නොව, බුදු දහමේ ඉගැන්වෙන සදාකාලික සත්‍යයන්ගේ ප්‍රත්‍යක්ෂයකි.
යහපත් ක්‍රියාවන්ගෙන් යහපත් ප්‍රතිඵල ද, අයහපත් ක්‍රියාවන්ගෙන් අයහපත් ප්‍රතිඵල ද ලැබෙන බව මෙමගින් තහවුරු කෙරේ.
පෙර කොටසින්…
ග්‍රිසෙල්ඩා 5 වෙනි කොටස පටන් ගත්තේ අවුරුදු 3කට පස්සේ. මේ වෙද්දි ග්‍රිසෙල්ඩා මයාමි නගරයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ රැජින වෙලා ඉවරයි. ගෑනි දාරියෝව කසාද බැඳලා, මයිකල් කියලා පුතෙකුත් ඉන්නවා. ව්‍යාපාරික පැත්තෙන් බැලුවම, ගෑනි තමන්ගේ අධිරාජ්‍යය පාලනය කරන්න රිවි ගෙන්න ගත්තා.
අනිත් පැත්තෙන් CENTAC එක ග්‍රිසෙල්ඩාව අත්අඩංගුවට ගන්න දැඩි උත්සාහයක යෙදෙනවා. හැබැයි ඒගොල්ලන්ට මුදල් හිඟයි. ජූන් සහ ඩයස් වොෂිංටන් වල කොංග්‍රස් සභාව ඉදිරියේ තමන්ගේ කණ්ඩායම පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් ඉල්ලනවා. ජූන් ග්‍රිසෙල්ඩාගේ රහස් කේතය විසඳලා ගෑනිගේ මත්ද්‍රව්‍ය ගබඩා හඳුනාගෙන තියෙනවා. ඒ ගබඩා වටලන්න අවසර දෙන්න කියලා කොංග්‍රස් එකෙන් ඉල්ලනවා. හැබැයි ඩයස් සහ ජූන්ට විශ්වාසයි මයාමි පොලීසිය දූෂිතයි කියලා, ඒ නිසා මේක CENTAC එකේ වැඩක් විතරයි.
මයාමිවල ඉන්න ග්‍රිසෙල්ඩාට නම් CENTAC එක කොංග්‍රස් එකෙන් සල්ලි ඉල්ලන එක ගැන බයක් නෑ. ගෑනි හිතන්නේ පරණ විදිහටම ව්‍යාපාරය කරගෙන යන්න. ඒත් හිතපු විදිහටම ප්‍රශ්න ටිකක් එනවා. ඒකෙන් එකක් තමයි රාෆා. මිනිහා ජොන් රොබට්ස් කියන කෙනෙක්ව ග්‍රිසෙල්ඩාට හඳුන්වා දෙනවා. ජොන් කියන්නේ දකුණු ෆ්ලොරිඩාවේ බලවත් කෙනෙක්. රාෆා හිතනවා සැපයුම් පැත්තෙන් මිනිහගෙන් හොඳ උදව්වක් වෙයි කියලා.
ග්‍රිසෙල්ඩා මේකෙන් හිතන්නේ රාෆා තමන්ට ව්‍යාපාරය කරන හැටි උගන්වන්න හදනවා කියලා. මේ නිසා මිනිහවයි මිනිහගේ යාළුවන්වයි අපහාසයට ලක් කරනවා. මේ වෙලාවේ අපිට පැහැදිලිව පේනවා ග්‍රිසෙල්ඩාගේ ගෙදර ඇත්ත තත්ත්වය. දාරියෝ එක්ක ඇති සම්බන්ධතාවය හොඳ නෑ. දාරියෝ හිතන්නේ ග්‍රිසෙල්ඩා රිවිට වැඩියෙන් ඇහුම්කන් දෙනවා, ඒ වගේම මත්ද්‍රව්‍ය වැඩිපුර පාවිච්චි කරනවා කියලා. ඊට අමතරව ගෑනිගේ පුතා ඩික්සන් අම්මාගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ තත්වය හෙන ඔළුවට අරගෙන ඉන්නේ, මත්ද්‍රව්‍ය භාවිතාවත් එක්ක හිතේ පාලනය නැති වෙන්න ළඟයි. හැබැයි ග්‍රිසෙල්ඩා කාර්යබහුල නිසා මේක දකින්නේ නෑ. මෙයා පුතාට කියන්නේ කාටවත් අපිට අත තියන්න බෑ කියලා විතරයි.
ග්‍රිසෙල්ඩා හිතනවා තමන්ට සේරම පාලනය කරගන්න පුළුවන් කියලා. ගෑනි සැලසුම් කරනවා ඩයස්ව නරක පොලිස් නිලධාරියෙක් විදිහට පෙන්නන්න. ඒකට මිනිහගේ බැංකු ගිණුමට සල්ලි දාලා ඒක පුවත්පත්වලට කියනවා. මේකෙන් ඩයස්ට සිද්ධ වෙනවා CENTAC එකේ ප්‍රධාන විමර්ශක තනතුරෙන් අයින් වෙන්න. මිනිහව වෙනත් අංශයකට මාරු කරනවා. ජූන් සහ ඇල් මිනිහගේ තැන ගන්නවා. ජූන්ට මුලින් විශ්වාස නෑ තමන්ට මේක කරගන්න පුළුවන් කියලා, නමුත් පස්සේ ඒක කරන්න හැකියාව තියෙන බව ඔප්පු කරනවා.

ඩයස්ව පන්නලා දැම්මට පස්සේ ග්‍රිසෙල්ඩා හිතනවා CENTAC ප්‍රශ්නය ඉවරයි කියලා. රිවි යෝජනා කරනවා ග්‍රිසෙල්ඩා ගැන හෙළිදරව් කරන්න පුළුවන් අය ඔක්කොම මරලා දාමු කියලා. මේ ඝාතන ලැයිස්තුවේ ඉන්නවා ග්‍රිසෙල්ඩාට විරුද්ධව මොකක්මහරි කියපු අය, පොලීසිය එක්ක කලින් ප්‍රශ්න තිබ්බ අය. රිවි තර්ක කරනවා පොලීසියට මේ අය පාවිච්චි කරලා ග්‍රිසෙල්ඩාට විරුද්ධව හරවගන්න පුළුවන් කියලා. මේ ලැයිස්තුවේ තවත් ඉන්නවා තරඟකාර සැපයුම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය ගත්ත ග්‍රිසෙල්ඩාගෙම මිනිස්සු. ග්‍රිසෙල්ඩා රිවිට කියනවා දාරියෝගේ උපන්දින පාටියට කලින් මේක ඉවර කරන්න කියලා. දාරියෝ නම් හිතන්නේ මේ මිනිස්සු මරන වැඩේ හොඳ එකක් නෙමෙයි කියලා, නමුත් ග්‍රිසෙල්ඩා අහන්නේ රිවිගේ කතාව.
සති දෙකකට පස්සේ, ග්‍රිසෙල්ඩාගේ මිනිස්සු ලැයිස්තුවේ හිටපු අය මරලා ඉවරයි, දැන් දාරියෝගේ පාටිය. ඒ අතරේ CENTAC එක පුදුම වෙලා ග්‍රිසෙල්ඩාගේ මිනීමැරුම් ගැන. ජූන් හිතනවා ග්‍රිසෙල්ඩා බය වෙලා සිහි විකල්ව ඉන්නේ තමන් සමීපයේම පාවාදෙන්නෙක් ඉන්නවා කියලා හිතලා කියලා. ඇත්තටම මෙහෙම කවුරුත් නෑ, ග්‍රිසෙල්ඩා නිකන් බොරුවට කලබල වෙනවා විතරයි. ජූන් යෝජනා කරනවා මේ සිහි විකල් තත්ත්වය පාවිච්චි කරලා ගෑනිව ලොකු වැරැද්දක් කරන්න පොළඹවමු කියලා. මේක අවධානමක් වුණත්, CENTAC කණ්ඩායම තීරණය කරනවා ග්‍රිසෙල්ඩාගේ මත්ද්‍රව්‍ය ගබඩාවකට පහර දෙන්න, එතකොට ගෑනි හිතයි තාමත් පාවාදෙන්නා ජීවත් වෙලා ඉන්නවා කියලා.
දාරියෝගේ උපන්දින සාදය ජයටම පටන් ගන්නවා. ග්‍රිසෙල්ඩා සැමියාට ගැඹුරු උපහාරයක් පුද කරලා රත්තරන් මැෂින් තුවක්කුවක් තෑගි දෙනවා. හැබැයි දෙන්නා අතර පොඩි පරස්පරතාවක් තියෙනවා මොකද දෙන්නට ඕන දේවල් වෙනස්. ටික වෙලාවකින් ග්‍රිසෙල්ඩාට ආරංචි වෙනවා CENTAC එක තමන්ගේ ගබඩාවකට ගහලා කියලා. ජූන් තවදුරටත් ග්‍රිසෙල්ඩාට ළඟම ඉන්න අය ගැන සැක හිතෙන්න සලස්වනවා. මෙයා කාමන් දිහාවට යොමු වෙනවා බලන්න ගෑනි ග්‍රිසෙල්ඩාව පාවා දෙයිද කියලා.
පොලීසිය හිතපු විදිහටම, මේ වැඩෙන් ග්‍රිසෙල්ඩාගේ මරු විකල් වෙනවා. ගෑනි හදිසි රැස්වීමක් කැඳවනවා රිවි සහ දාරියෝ එක්ක. ගෑනි කියනවා තොරතුරු පිට කරන්නා කවුද කියලා දැන් හොයාගන්න ඕනේ කියලා. හැබැයි කවුද තොරතුරු පිට කරන්නා කියලා දන්නේ නෑ. හැමෝම එකිනෙකා ගැන සැක කරන්න පටන් ගන්නවා, මෙතනදි දාරියෝ හිතන්නේ ග්‍රිසෙල්ඩා නිකන් බොරුවට කලබල වෙලා කියලා. සැක කරන අය අතර ඉහළින්ම ඉන්නේ රාෆා. ග්‍රිසෙල්ඩා මාටාගෙන් අහනවා රාෆා කවුරු කාවද මේ දවස් වල හම්බ උනේ කියලා, මාටා කියනවා රාෆා ජොන්ව හම්බු උනා කියලා. මාටා, රිවි සහ දාරියෝ උත්සාහ කරනවා ග්‍රිසෙල්ඩාව සන්සුන් කරන්න, නමුත් ගෑනි තාමත් කලබල වෙලා. ගෑනිගේ මේ මරු විකල් ගතිය දෙගුණ වෙනවා ඩික්සන් රණ්ඩුවක් දාගත්තම, ඒ වගේම රාෆා සහ ජොන් මේ පවුල ගැන විහිළු කරනවා ඇහෙද්දි.

කොහොම හරි, පාටිය දිගටම යනවා. දාරියෝ ග්‍රිසෙල්ඩා එක්ක තනියම කතා කරන්න ඉල්ලනවා. මිනිහා කියනවා ග්‍රිසෙල්ඩා බොරුවට මිනිස්සු මරනවා කියලා. දාරියෝට ඕනේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරෙන් අයින් වෙලා පවුලක් විදිහට අලුතින් පටන් ගන්න. නමුත් ග්‍රිසෙල්ඩා කියනවා දාරියෝ තමන්ගේ දියුණුව නවත්තන්න හදනවා කියලා, ඒ වගේම අහනවා “තමුන්ද මේ තොරතුරු පිට කරන්නා” කියලා. මේකෙන් දෙන්නා අතර තත්වය තවත් අවුල් වෙනවා.
රෑ වෙද්දි, ග්‍රිසෙල්ඩා තවත් බොනවා, කොකේන් ගන්නවා. තමන් වටේ ඉන්න අය ගැන සැකය වැඩි වෙනවා, කාමන් ගැන පවා සැක හිතෙනවා මාටා කියපු දෙයක් නිසා. ග්‍රිසෙල්ඩා රිවිගෙන් චුචෝ කෝ කියලා අහනවා. රිවි කියනවා චුචෝ පාටියට ආවේ නැහැ, ගෙදර පවුල එක්ක ඉන්නවා කියලා. මේකෙන් ග්‍රිසෙල්ඩා තවත් සැක කරනවා, දැන් චුචෝ ගැනත් සැක කරනවා.
කාමන් පාටියෙන් යනවා, ගෙදර ගියාම දැකලා පුදුම වෙනවා ජූන් දොර ළඟ ඉන්නවා. ජූන් ගෑනිට ඩීල් එකක් දෙනවා ග්‍රිසෙල්ඩාව පාවා දෙන්න. නමුත් කාමන් කියනවා “පල යන්න” කියලා. කාමන්ට විශ්වාසයි ජූන් ළඟ තියෙන සාක්ෂි ඒ තරම් ශක්තිමත් නැහැ කියලා, ඒ නිසා ගෑනි බය වුණේ නෑ. ඊට අමතරව කාමන්ට තවමත් උවමනයි ග්‍රිසෙල්ඩාට පක්ෂපාතීව ඉන්න.
ග්‍රිසෙල්ඩාගේ ගෙදර, ගෑනි දකිනවා දාරියෝ කෙල්ලෙක් එක්ක කතා කරනවා. දෙන්නා අතර මේකට ලොකු රණ්ඩුවක් වෙනවා. ග්‍රිසෙල්ඩා චෝදනා කරනවා දාරියෝ වෙන කෙනෙක් එක්ක යනවා කියලා, මිනිහා කියනවා නෑ කියලා. දාරියෝ පැහැදිලි කරනවා ඒ අය කතා කළේ ග්‍රිසෙල්ඩා කොච්චර වෙනස් වෙලාද, මොන තරම් නරක අම්මා කෙනෙක්ද කියලා. දාරියෝ දිවුරනවා මයිකල්ව ග්‍රිසෙල්ඩාගෙන් ආරක්ෂා කරනවා කියලා. මේවා අහලා ග්‍රිසෙල්ඩා මිනිහගේ කාර් එකට වෙඩි තියනවා, මිනිහවත් මරන්න තර්ජනය කරනවා. නමුත් දාරියෝ බය වෙන්නේ නෑ.

ග්‍රිසෙල්ඩා දැන් රාෆා පැත්තට හැරෙනවා. මිනිහට ඇඳුම් ගලවලා දණගහලා බල්ලෙක් වගේ බුරන්න කියනවා. ඊට පස්සේ තව පාටිය හිටපු දෙන්නෙකුට තුවක්කුව දික් කරලා අනිත් අය බලන් ඉද්දි සෙක්ස් කරන්න කියනවා. වාසනාවට කාමන් ඇවිල්ලා මේක නවත්තනවා. ග්‍රිසෙල්ඩාට පොඩි මොහොතකට තේරෙනවා තමන් කරපු දේ වැරදියි කියලා. කාමන් යෝජනා කරනවා වෙන තැනක අලුත් බිස්නස් එකක් පටන් ගන්න කියලා, තමන්ගේ ඉතිරි කිරීම්වලින් උදව් කරන්නම් කියලත් කියනවා. කාමන් හිතන්නේ ග්‍රිසෙල්ඩා හැම යක්ෂයෙක් එක්කම සටන් කරලා, අන්තිමට එයාම යක්ෂයෙක් වෙලා කියලා.
ග්‍රිසෙල්ඩා කියනවා තමන්ට ඕනේ සේරම ඉවරයක් වෙනවා දකින්න කියලා. කාමන් කියනවා තමන් පාටියට ආපහු ආවේ පොලිස් නිලධාරිනියක් එයාගේ ගෙදර ආපු නිසා කියලා. ජූන් එයාට ඩීල් එකක් දුන්නා කියලා ඇහුවම ග්‍රිසෙල්ඩාට ආයෙත් පිස්සු වැහෙනවා. ගෑනි තමන්ගේ හොඳම මිතුරියගේ බෙල්ල මිරිකන්න පටන් ගන්නවා. මේ පාර දාරියෝ මේක ඇවිත් නවත්තලා දානවා. දාරියෝ කියනවා තමන්ට උවමනා මේවා අතඇරලා ගිහින් අලුතින් පටන් ගන්න කියලා.
මිනිහට මේ මිනීමැරීම් එපා වෙලා, මයිකල්ව මේ මත්ද්‍රව්‍ය ලෝකෙන් ආරක්ෂා කරන්න ඕනේ. ග්‍රිසෙල්ඩා කියනවා එයාට සමාවෙන්න, මේ සේරම බොරුවට කියලා. නමුත් ගෑනි තාමත් සූදානම් නෑ මේවා අතහරින්න. ගෑනි දාරියෝට චෝදනා කරනවා තාත්තෙක් වුණාට පස්සේ සියුමැලි වෙලා කියලා. තමන්ට දැන් දාරියෝව විශ්වාස කරන්න බෑ කියලා කියනවා, මේකෙන් දාරියෝගේ හිත කැඩෙනවා.
වෙන තැනක, ඩික්සන් සහ මිනිහගේ කෙල්ල ක්ලබ් එකකට යනවා. මිනිහෙක් ඩික්සන්ගේ කෙල්ලට කරදර කරනවා දකිනවා, මේකට ඩික්සන් ක්ලබ් එකේ වෙඩි තියලා ලොකු අවුලක් හදනවා. මිනිහා දුවගෙන චුචෝගේ ගෙදරට ගිහින් තුවක්කුව හංගන්න කියලා වැඳ වැටෙනවා නමුත් චුචෝ බෑ කියනවා, තමන්ගේ බිරිඳගේ ඉල්ලීම අහනවා. ඩික්සන් තව බැගෑපත් වෙනවා පොලීසිය තමන් පස්සෙන් එනවා කියලා, චුචෝ මිනිහට පාරක් ගහනවා.

ඒ රෑ, ඩික්සන් අම්මට මේ සිද්ධිය කියනවා, ගෑනිට තරහා යනවා. මේ හැමෝම ගැන තිබුණ සැකය නිසා ගෑනි රිවිට අණ කරනවා පක්ෂපාතීත්වය ඔප්පු කරන්න චුචෝව මරලා කියලා. රිවි දන්නවා චුචෝ නම් තොරතුරු සපයන්නා වෙන්න බැරි තරම් කියලා, හැබැයි මිනිහට ඕනේ තමන්ගේ පක්ෂපාතීත්වය පෙන්නන්න. පහුවදා උදේ, මිනිහා චුචෝ පස්සෙන් ගිහින් ට්‍රැෆික් එකේදී වෙඩි තියනවා. වාසනාවට චුචෝ බේරෙනවා, නමුත් කාර් එකේ පිටිපස්සේ හිටපු මිනිහගේ පුංචී පුතා මැරෙනවා.
මුලින්ම, ග්‍රිසෙල්ඩා දන්නේ නෑ මේ ගැන, චුචෝ බේරුණ එකට සන්තෝස වෙනවා. පොඩි එකාගේ මරණය ගැන දැනගන්නේ රූපවාහිනියෙන්. ඇත්තටම ග්‍රිසෙල්ඩාගේ පුතාලා මේකට ගොඩක් දුක් වෙනවා, ඩික්සන්ට දැන් තේරුම් යනවා අම්මා කොච්චර භයානක යක්ෂයෙක්ද කියලා. පොඩි ළමයාගේ මරණය ග්‍රිසෙල්ඩාටත් දැඩි පහරක් වෙනවා. මේක සැලසුමේ තිබ්බේ නෑ, හැබැයි දැන් කරන්න දෙයක් නෑ. ජූන්ටත් හිතෙනවා ළමයාගේ මරණයට එයත් වග කියන්න ඕනේ කියලා. ජූන් අවසානයේ පුදුම වෙනවා කාමන් පොලිස් ස්ථානයට ඇවිල්ලා ඩීල් එක ගන්න කැමති වෙද්දි.

ඉතින් මේ එපිසෝඩ් එක ගැන මම හිතන්නේ මෙහෙමයි,
මේ එපිසෝඩ් එකෙන් පෙන්නුවේ ග්‍රිසෙල්ඩා ඉහළටම ගියාට පස්සේ ගෑනිගේ මානසික තත්වය. ගෑනි ජීවත් වුණේ කවුරුහරි එයාගෙන් දේවල් උදුරගනියි කියන බයෙන්. ජීවිතේ පුරාම, විශේෂයෙන් පිරිමි, එයාගෙන් දේවල් අරන් තියෙනවා, ඒක ආයෙත් වෙන්න දෙන්න ගෑනිට ඕනේ වුණේ නෑ. සාර්ථකත්වය වැඩි වෙන්න වැඩි වෙන්න, වටේ ඉන්න අය එයාව පාවා දෙයි කියන බය වැඩි වුණා.
මිනිස්සු විදිහට, අපිට තියෙන නරකම තැන තමයි අපේම හිත. ඒක අඳුරු වෙන්න පුළුවන්, ඒක තමයි ග්‍රිසෙල්ඩාගේ වැටීමේ ආරම්භය. මරු විකල් ගතිය ගෑනිව ග්‍රහණය කරගත්තා, ඒ නිසා චුචෝ, කාමන් සහ දාරියෝව තමන්ගේ මේ ක්‍රියා නිසා දුරස් කරගත්තා. අපි දැකපු පිරිමි අතරින්, දාරියෝ තමයි ඇත්තටම ග්‍රිසෙල්ඩාට සහ දරුවන්ට ආදරය කරපු කෙනා. මිනිහා උපාසකයෙක් නෙවෙයි තමයි, නමුත් ග්‍රිසෙල්ඩාව එයාගෙන්ම ආරක්ෂා කරන්න දැඩිව උත්සාහ කළා.

ඉතින් අද මේ අවසාන කොටසේ අපි බලමු ග්‍රිසෙල්ඩා මේ විදිහට කඩාවැටෙද්දි මොකද වෙන්නේ කියලා, කාමන් ජූන්ට දෙන සාක්ෂි මොනවද කියලා. ඒවා ඇති වෙයිද ග්‍රිසෙල්ඩාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ගන්න ?
Griselda Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
709 downloadsDownload Griselda-S01-E06-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Griselda Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට....
ජයවේවා........