Watch Trailer

Griselda [S01 : E04] Sinhala Subtitles | බෝම්බ පුපුරා අවුල් ජාලයක් වන මයාමි නගරය [සිංහල උපසිරසි]

Griselda Sinhala Subtitles පෙර කොටසින්… ග්‍රිසෙල්ඩා තුන්වන කොටස ආරම්භ වුණේ මාස තුනක කාල පරතරයකින් පස්සේ. ග්‍රිසෙල්ඩාගේ කල්ලියේ ඩැනී කියන මනුස්සයට තරඟකාර මත් කල්ලියක් ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් ග්‍රිසෙල්ඩා, තමන්ගේ පවුල සහ කුඩු බෙදන කෙල්ලෝ ටික මන්දිරයක ජීවත් වෙනවා. ජීවිතේ හොඳට යනවා. තියෙන එකම ප්‍රශ්…

Griselda Sinhala Subtitles

පෙර කොටසින්…

ග්‍රිසෙල්ඩා තුන්වන කොටස ආරම්භ වුණේ මාස තුනක කාල පරතරයකින් පස්සේ. ග්‍රිසෙල්ඩාගේ කල්ලියේ ඩැනී කියන මනුස්සයට තරඟකාර මත් කල්ලියක් ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් ග්‍රිසෙල්ඩා, තමන්ගේ පවුල සහ කුඩු බෙදන කෙල්ලෝ ටික මන්දිරයක ජීවත් වෙනවා. ජීවිතේ හොඳට යනවා. තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔසී තාමත් මානසිකව වැටිලා ඉන්න එක. අර නවාතැන්පොළේදී දැකපු දේවල් ළමයට අමතක වෙලා නෑ. ග්‍රිසෙල්ඩා මාළුවෙක් තමන්ගේ පුතාට ගෙනත් දීලා සතුටු කරන්න උත්සාහ කරා.

ඩැනී තුවාල වෙලා මන්දිරයට ඇවිත් ග්‍රිසෙල්ඩාගෙන් ඉල්ලුවා තමන්ට ගහපු එකට පියවරක් ගන්න කියලා. තරඟකාරී නායකයා තමයි පාපෝ. මිනිහා ග්‍රිසෙල්ඩා එක්ක තරහින් ඉන්නේ මොකද මිනිහා අමිල්කාර්ගේ ප්‍රධාන සැපයුම්කරු නිසා. ග්‍රිසෙල්ඩත් අමිල්කාර්ට සැපයුම් කළොත් ඒකෙන් මිනිහගේ ව්‍යාපාරය කඩාගෙන වැටෙනවනේ. ඒකට විරෝධය පාන්න මිනිහා හිතාමතාම ග්‍රිසෙල්ඩාගේ ව්‍යාපාරයට හානි කරනවා. දාරියෝ කියනවා අමිල්කාර්ගේ මිනිස්සුත් එයාලට වෙඩි තියනවා කියලා. ග්‍රිසෙල්ඩා දාරියෝට අණ කරනවා තත්ත්වය සාමාන්‍ය වෙනකම් ඩැනීව ආරක්ෂා කරන්න කියලා.

ආටුරෝ ග්‍රිසෙල්ඩාට දැනුම් දෙනවා ඔචෝවා පවුලේ රාෆා තමන්ව සහ ජර්මන්ව හමුවෙන්න ඉල්ලලා තියෙනවා කියලා. මෙයාලා හිතනවා රාෆා මයාමි වෙළඳපොළෙන් එයාලව මිලදී ගන්න කැමතියි කියලා. ආටුරෝ ග්‍රිසෙල්ඩාව එකඟ කරවනවා “මේක හොඳ දෙයක්” කියලා. මොකද මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ අවාසි, ගැටුම්, කෝලහාල, මිනීමැරුම්, මානසික පීඩනය, වේදනාව කියන මේ මුකුත් ග්‍රිසෙල්ඩලට දරාගන්න වෙන්නේ නැතුව ඒ ඔක්කොම මේක සල්ලි වලට ගන්න අයට විඳින්න දීලා හොඳ ගාණකුත් සාක්කු වල පුරවන් අයින් වෙන්න පුළුවන් වෙන නිසා. ග්‍රිසෙල්ඩා මේ ආරංචිය තමන්ගේ පුතාලට කියනවා. එයාලා සතුටු වෙනවා. එයාලා පවුලේ විනෝද සංචාර ගැන සහ පවුලේ අය එක්ක විනෝද වෙන එක ගැන කතා කරන්න පටන් ගන්නවා.

 


අනිත් පැත්තෙන්, අමිල්කාර්ට විරුද්ධව සාක්ෂි දෙන්න හිටපු කෙනෙක් මරා දාපු නඩුවකට පොලීසිය මැදිහත් වෙනවා. වෙඩි තැබීමේ සාක්ෂිකරුවෙක් අමිල්කාර්ගේ වීදි නම සඳහන් කරනවා. ජූන් මේක බිල්ට පැහැදිලි කරනවා. නමුත් මිනිහා ඒක නොසලකා හරිනවා. ඒ වෙනුවට මිනිහා ජූන්ට අණ කරනවා සාක්ෂිකරුට පොලිස් ස්ථානයට එන්න කියලා ඝාතකයාව හඳුනාගන්න ඡායාරූප බලන්න කියලා. බිල් ජූන්ගේ උපදෙස් නොසලකා හරිනවා රියදුරු දොරේ ඉහළ වම් පැත්තෙන් තවත් ඇඟිලි සලකුණු ගන්න කියලා. සාක්ෂිකරුගේ විස්තරය අනුව ජූන් විශ්වාස කරනවා ඝාතකයා වම් අත් කෙනෙක් කියලා. මේක නිසා මෙයා මිනීමැරුම් අංශයෙන් අයින් වෙන්න තීරණය කරනවා. මෙයා බොස්ට දැනුම් දීලා කාර්යාල රැකියාවකට මාරුවීමක් ඉල්ලනවා.

ග්‍රිසෙල්ඩා ගැන ආපහු කියනවා නම්, ගැනි හැංඟිහොරා දාරියෝ එක්ක නිදාගන්නවා කියලා අපිට දැකගන්න ලැබෙනවා. ග්‍රිසෙල්ඩා ගෙදර සහ මයාමි ප්‍රදේශයේ කීර්තිනාමයක් හදාගෙන තියෙනවා. මිනිස්සු මෙයාව ගොඩ්මදර් (දේවමාතාව) කියලා හඳුන්වනවා. ඒක ගැනිට මාර විදියට හිතට දැනුනා, ඒකට ආස කළා. දවස් කිහිපයකට පස්සේ, ග්‍රිසෙල්ඩා, ජර්මන් සහ දාරියෝව බහාමාස්වල නෝමන්ස් කායි වලට එක්කන් යනවා රාෆා සලසාර් හමුවෙන්න. බලාපොරොත්තු වුණු විදිහටම, රාෆා මෙයාලව බය කරන්නත් එක්ක කියලා තමන් ළඟ තියෙන කොකේන් ප්‍රමාණය පෙන්නලා යෝජනාවක් කරනවා. මේ වෙලාවේ ග්‍රිසෙල්ඩා වැඩිපුර විශ්වාස කරන්නේ දාරියෝව. මිනිහා රාෆාගේ කිට්ටු කට්ටිය ගැන ගැනිට විස්තර කියලා දෙනවා.

යෝජනාව තමයි ග්‍රිසෙල්ඩාගේ බිස්නස් එක ඩොලර් මිලියන 15කට මිලදී ගන්න එක. මිනිහා කියනවා මයාමි තමන්ට විතරක්ම ඕනේ කියලා. මිනිහා තමන්ගෙම කණ්ඩායමත් එක්ක ඉහළ ඉඳන් පහළට වැඩ කරන්න යනවා කියලා. මිනිහා වෙළඳපොළ පාලනය කරන්න කැමතියි. මයාමි ඩීලර්ලාගෙන් කිසිම බාධාවක් තමන් අපේක්ෂා නොකරන බව. ග්‍රිසෙල්ඩා මේ ගනුදෙනුවෙන් අපහසුතාවයට පත් වෙනවා. ජර්මන් මේකට තදින්ම කැමති වුණත් ගැනි රාෆාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතිචාරයක් විදිහට රාෆා පොරොන්දු වෙනවා ඕනෑම විදිහකින් මයාමි අල්ලගන්න කියලා. මිනිහා කියනවා දැන් ග්‍රිසෙල්ඩාට සහ ජර්මන් එක්ක ගනුදෙනු අහවරයි කියලා.

ආපහු එන ගමන් ජර්මන් ග්‍රිසෙල්ඩාව මුහුණට මුහුණ ලා හමු වෙනවා. ග්‍රිසෙල්ඩා දිවුරනවා තමන්ට සැලැස්මක් තියෙනවා කියලා. පොරොන්දු වෙනවා මිනිහට 25%ක් දෙන්නම්, මිලියන 15ට වැඩියෙන් හම්බ කරමු කියලා. ජර්මන් ගැනිට අවස්ථාවක් දෙන්න එකඟ වෙනවා. සැලැස්ම තමයි මයාමි වල පොහොසත් මිනිස්සුන්ට විශේෂයෙන්ම කොකේන් විකුණන එක. කෙල්ලෝ මේකට කැමතියි. ග්‍රිසෙල්ඩා ආටුරෝව එකඟ කරගන්න උත්සාහ කරනවා. මිනිහා බය වෙනවා අනිත් ඩීලර්ලා රාෆාගේ ගනුදෙනුව භාර ගනීවි කියලා.

 


පහුවදා ග්‍රිසෙල්ඩා උත්සාහ කරනවා ඩීලර්ලා එකතු කරලා රාෆාගේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරලා පාලනය අල්ලගන්න කියලා එයාලව එකඟ කරවන්න. නමුත් පාපෝ ඩීලර්ලා අනිත් පැත්ත හරවනවා ග්‍රිසෙල්ඩාව විශ්වාස කරන්න බැහැ කියලා, ගැනියෙකුට මේක මෙහෙයවන්න බැහැ කියලා. ග්‍රිසෙල්ඩා කියනවා කාටවත් නායකයෙක් උවමනා නැහැ, අපි ඔක්කොම සමානයි කියලා. නමුත් ග්‍රිසෙල්ඩා හැමෝම වෙනුවෙන් කතා කරන කෙනා වෙන්න භාර ගන්නවා. ඩීලර්ලා කලබල වෙනවා අමිල්කාර් රැස්වීමට ඇවිත් නැති නිසා. මිනිහා එවලා තියෙන්නේ මිනිහගේ දකුණත වන රිවිව විතරයි. ඩීලර්ලා තීරණය කරනවා අමිල්කාර්ගේ තීරණය නොදැන ඉදිරියට යන්න බැහැ කියලා.

ඊට පස්සේ ග්‍රිසෙල්ඩා රිවි ළඟට ගිහින් අමිල්කාර් එක්ක හමු වෙන්න ඉල්ලනවා. රිවි එකඟ වෙනවා ගැනිව අමිල්කාර් ළඟට එක්කන් යන්න. අමිල්කාර් කියනවා තමන් රාෆාගේ ගනුදෙනුව ගැන හිතනවා මොකද දැන් මිනිහට පොලීසිය එක්ක ප්‍රශ්න තියෙන නිසා. මිනිහා කියනවා සාක්ෂිකරුවෙක් ඉන්නවා කියලා. ග්‍රිසෙල්ඩා යෝජනා කරනවා ඒ සාක්ෂිකරුවාව “මම මරලා දාන්නම්” කියලා. ගැනිට විශ්වාසයි කියනවා කවුරුත් තමන්ව සැක කරන්නේ නැහැ කියලා. පස්සේ මේ ගැන දාරියෝ එක්ක හිතට වදින කතාබහකුත් යනවා, ග්‍රිසෙල්ඩා දාරියෝට අණ කරනවා චූචෝව අරන් ගිහින් සාක්ෂිකරුව මරන්න කියලා.

දාරියෝගේ හිත අවුල් යනවා මිනිහට මේක කරන්න කිව්ව එකට. මිනිහා බලාපොරොත්තු වුණේ මිනී මරන එක නවත්තන්න. නමුත් ග්‍රිසෙල්ඩා කියනවා තමන්ගේ බිස්නස් එක බේරගන්න මේක කරන්නම වෙනවා කියලා. ආයේ මේ ගැන නැවත සලකා බලන්න බැහැ කියනවා. දාරියෝ සහ චූචෝ සාක්ෂිකරුගේ ගෙදරට කඩා වැදුණම මෙයාලගේ හිත වෙනස් වෙනවා. මොකද මේ පවුලේ කුඩා දරුවෙක් සහ බිරිඳක් ඉන්නවා. දාරියෝ ග්‍රිසෙල්ඩාට කතා කරලා තව අවස්ථාවක් දෙනවා නැවත සලකා බලන්න. නමුත් ග්‍රිසෙල්ඩා අණ කරනවා අත දරුවා හැර අනිත් ඔක්කොම මරන්න කියලා. විනාඩි කිහිපයකට පස්සේ, දාරියෝගෙන් ඇමතුමක් එනවා සාක්ෂිකරුව ඉවරයක් කළා කියලා.

පහුවදා උදේ පොලීසිය මේ දරුණු සිදුවීම සොයාගන්නවා. ළමා සේවා එකෙන් එනකම් බබාව බලාගන්න ජූන්ට කතා කරනවා. තමන්ට විරුද්ධව තිබුණ නඩුව ඉවර නිසා අමිල්කාර් පොරොන්දු වෙනවා ග්‍රිසෙල්ඩා එක්ක වැඩ කරන්න. මිනිහා සහතික වෙනවා අනිත් ඩීලර්ලාට රාෆාගේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන්න කියලා පවසනවා කියලා. ගොඩක් ඩීලර්ලා මිනිහා කියන විදිහට හිතන්න පටන් ගන්නවා. හැමෝම එකඟ වෙනවා මේකට සාදයක් පවත්වන්න. නමුත් සාදය දවසේ, දැඩි පොලිස් වෙඩි හුවමාරුවකින් පස්සේ අමිල්කාර් අත්අඩංගුවට ගත්තා.

මේක සිද්ධ වෙන්නේ ජූන්ගේ සැකය මත ඇඟිලි සලකුණු ගත්ත නිසා. තවත් රහස් පොලිස් නිලධාරියෙක් වන ඩියෑස් ජූන්ට කියනවා මේ අත්අඩංගුවට ගැනීම දකින්න කියලා සමුගැනීමේ තෑග්ගක් විදිහට. පස්සේ, ඩියෑස් ජූන්ව එකඟ කරවගන්නවා තමන්ගේ අලුත් කණ්ඩායමට එකතු වෙන්න. ඒ තමයි CENTAC. මේක මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ ගැන බලන ඒකකයක්.

ජර්මන් තමන්ව පාවා දුන්නම ග්‍රිසෙල්ඩා දුක් වෙනවා. ජර්මන් පාපෝ එක්ක එකතු වෙලා අනිත් අයව එකඟ කරවනවා රාෆාගේ ගනුදෙනුව භාර ගන්න. ග්‍රිසෙල්ඩා දාරියෝගේ ඔඩොක්කුවේ අඬනවා අර සාක්ෂිකරුව මැරුවේ නිකන් බොරුවට කියලා. දාරියෝ ගැනිව වැළඳගන්නවා. මෙයාලා එකට නිදාගන්නවා. ග්‍රිසෙල්ඩා පහුවදා උදේ අලුත් ජවයකින් නැගිටිනවා පළිගැනීමේ සැලසුම් හදන්න.

 


මේ කොටස ගැන මගේ අදහස මේකයි,

මේ කොටස පටන් ගන්න වෙලාවේ ග්‍රිසෙල්ඩා තමන්ගේ පුතාලට සහ තමන් යටතේ ඉන්න අයට කන්න දෙන්න මහන්සි වෙන කාන්තාවක් විතරයි. නමුත් කොටස අවසානයේදී ගැනි බලය සහ සල්ලි නිසා අන්ධ වෙලා, තමන්ගෙම දරුණු කීර්තිනාමයක් ගොඩනඟාගන්න උත්සාහ කරනවා. ග්‍රිසෙල්ඩාට මේ ඔක්කොගෙන්ම ඈත් වෙන්න අවස්ථාවක් තිබුණා. නමුත් ඒ වෙනුවට ගැනි තෝරා ගත්තේ අහිංසකයන්ගේ ලේ වගුරවන්න.

ඔසීව මානසික කම්පනයෙන් ගොඩගන්න බලන ගමන් තමන් ළඟ ඉන්න එක ආරක්ෂිතයි කියලා ළමයට කියන දර්ශනය, ඒත් එක්කම දාරියෝ කතා කරලා සාක්ෂිකරුවයි එයාගේ බිරිඳවයි මැරුවා කියන තුරු ග්‍රිසෙල්ඩා බලන් ඉන්න හැටි හරිම පරස්පර විරෝධියි. මත්ද්‍රව්‍ය ලෝකය ලේ වැගිරෙන යුද්ධයක දැන් මායිමේ ඉන්නේ. ජර්මන් සහ පාපෝ පරිස්සම් වෙන්න ඕනේ. මොකද දැන් අපේ දේවමාතාව මෙයාලා පස්සේ එනවා 😉  මෙයාලට දැනගන්න වෙනවා ගැහැනියකට රිදෙව්වොත් ඒකෙන් ලැබෙන ප්‍රතිවිපාකයට යක්ෂයා පවා බය වෙන්නේ ඇයි කියලා!

 

Griselda Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

794 downloadsDownload Griselda-S01E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Griselda Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

794 downloadsDownload Subtitles26 KB

2 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට