Watch Trailer

Gyeongseong Creature [S01: E04] Sinhala Subtitles | කැටයම් කිරීම [සිංහල උපසිරැසි]

Gyeongseong Creature [S01: E04] Sinhala Subtitles GYEONGSEONG CREATURE සීරීස් එකේ හතරවෙනි එපියට සබ් අරගෙන ආවේ අද. Netflix Original සීරීස් එකක් වෙන මේක Action, Thriller, Historical, Sci-Fi කියන ගනයන්ට අයිති වෙනවා. අධ්‍යක්ෂණය Jang Dong Yoon විසිනුත්, තිර රචනය Kang Eun Kyung විසිනුත් සිදු කර තිබෙනවා.…

Gyeongseong Creature [S01: E04] Sinhala Subtitles

GYEONGSEONG CREATURE සීරීස් එකේ හතරවෙනි එපියට සබ් අරගෙන ආවේ අද. Netflix Original සීරීස් එකක් වෙන මේක Action, Thriller, Historical, Sci-Fi කියන ගනයන්ට අයිති වෙනවා. අධ්‍යක්ෂණය Jang Dong Yoon විසිනුත්, තිර රචනය Kang Eun Kyung විසිනුත් සිදු කර තිබෙනවා. GYEONGSEONG CREATURE සීරීස් එකේ Season 2 මේ වෙද්දිත් නෙට්ෆ්ලික්ස් විසින් තහවුරු කරලා තියෙනවා. පළවෙනි සීසන් එක පාර්ට් දෙකක් විදියට තමා රිලීස් වෙන්නේ. ඉතින් පළවෙනි පාර්ට් එක පහුගිය දෙසැම්බර් 22 වෙනිදා රිලීස් වුනා. දෙවෙනි පාර්ට් එක රිලීස් වෙන්නේ 2024 ජනවාරි 05 වෙනිදා. පළවෙනි පාර්ට් එක එපිසෝඩ් 07ක්ද, දෙවෙනි පාර්ට් එකේ එපිසෝඩ් 03ක්ද සමන්විතයි. ඉතින් පළවෙනි සීසන් එකේ මුළු එපිසෝඩ් ගාණ 10යි. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යං. මේකට සබ් කරන්න ලොකුම හේතුවක් තමා කාස්ට් එක.

CAST – රංගන දායකත්වය

  • Park Seo Joon – ජන්ග් ටේ සන්ග්
  • Han So Hee – යුන් චේ ඔක්

  • Claudia Kim – යුකිකෝ මයෙදා
  • Kim Hae Sook – නා වොල් දෙක්
  • Jo Han Chul – යුන් ජොන්ග් වොන්
  • Wi Ha Joon – ක්වොන් ජුන් ටෙක්
  • Choi Young Joon – ලුතිනන් කර්නල් කටෝ
  • Hyun Bong Sik – ඉචිරෝ
  • Park Ji Hwan – ගු ගප් ප්යොන්ග්

 

SUMMARY – සාරාංශය 

Behold, the powers of destiny. Beware, the powers of karma.

“දෛවයේ බලමහිමය දැක, කර්මයේ බලමහිමයෙන් ප්‍රවේසම් වනු”

කතාව ගැන කියන්න කලින් පොඩ්ඩක් කතාවට පාදක වෙච්ච පසුබිම පැහැදිලි කරලා ඉන්නම්. Unit 731 සිදුවීම ගැන දන්නවද? දෙවෙනි ලෝක යුද්ධෙ කාලේ ජපානය යුද්ධය ජයග්‍රහණය කරන්න නොකරපු දෙයක් නෑනේ. ඔන්න අය අතරේ ජෛව අවි නිර්මාණය සහ මානව අත්හදා බැලීම් ප්‍රධානයි. ජපන් අධිරාජ්‍ය හමුදාවේ ජීව විද්‍යාත්මක හා රසායනික යුධ පර්යේෂණ සහ සවර්ධන ඒකකවල තමා ඔය සේරම කරලා තියෙන්නේ. ඔතනින් එක ඒකකයක් තමා Unit 731. ඕක පිහිටුවලා තිබ්බේ හාර්බින්වල පින්ග්ෆන්ග් දිස්ත්‍රික්කයේ (වර්තමාන ඊසානදිග චීනය). තව මේකේ ශාඛා චීනයේ වගේම අග්නිදිග ආසියාව පුරා ව්‍යාප්ත වෙලා තිබුනයි කියලා සදහන් වෙනවා. මේ මානව අත්හදා බැලීම් නිසා මිනිසුන් 200,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් මිය ගියයි කියලා සදහන් වෙනවා.  මෙන්න මේ සිදුවීම පසුබිම් කරගෙන නිර්මාණය කරපු ප්‍රබන්ධ කතාවක් තමා මේක. Gyeongseong Creature

එහෙනම් දැන් කතාව පැත්තට යං. කතාව පටන් ගන්නේ ජපන් හමුදාව මානව අත්හදා බැලීම් කරපු ඊසානදිග චීනයේ පර්යේෂණාගාරයක් විනාශ කරලා වෙන තැනකට හුවමාරු වෙනවා. ඒ ග්යොන්ග්සොන්ග් (පැරණි සෝල්) වලට. මෙන්න මේ ග්යොන්ග්සොන්ග්වල ඉන්න කැපී පෙනෙන ධනවතෙක් තමා ජන්ග් ටේ සන්ග් කියන්නේ. දවසක් ජන්ග් ටේ සන්ග්ට පොලිස් කොමසාරිස්ගේ බල කිරීමට අතුරුදහන් වෙච්ච කෙනෙක්ව හොයාගන්න වෙනවා. ඒ අතුරුදහන් වෙච්ච කෙනා ඉන්නේ ජපන් හමුදාව ග්යොන්ග්සොන්ග්වල පිහිටුවපු මානව අත් හදා බැලීම් පර්යේෂණාගාරයේ. ඉතින් ජන්ග් ටේ සන්ග්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ මානව අත්හදා බැලීම්වල ප්‍රතිඵලය මොකක් වෙයිද?  ඒවට උත්තර දැනගන්න අනිවාරෙන් GYEONGSEONG CREATURE නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් පස්වෙනි කොටසින් හමුවෙමු. අමතක කරන්නැතුව අනිවාරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සුභ දවසක්!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,457 downloadsDownload Gyeongseong-Creature-S01E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

නයන බුද්ධික

Subtitles

5,457 downloadsDownload Subtitles20 KB

8 comments

  1. J.kaushalya

    Ela bro...

  2. Kantha_DLA

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි නයන සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika Lakmal

    සුබ නව වසරක් වේවා සහෝ...
    සබට බොහෝම ස්තූතියි

  4. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  5. Akila Dilhara

    Thanks for Subtitles...❤❤❤

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Krishani

    Thank you ️