Watch Trailer

Percy Jackson and the Olympians [S01 : E04] Sinhala Subtitles | “මම මාරක පිම්මක් පැන්නා.” [සිංහල උපසිරසි]

දවස් තුනක් පහුවෙලා හරි බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! මේක තමයි අලුත් අවුරුද්දේ මගේ පළවෙනි උපසිරසිය. ඒ තමයි Disney Plus හරහා සතිපතා විකාශය වෙන Percy Jackson & The Olympians කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසිය. මේ එපිය නම් කරලා තියෙන්නේ “I Plunged to My De…

Percy Jackson

දවස් තුනක් පහුවෙලා හරි බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! මේක තමයි අලුත් අවුරුද්දේ මගේ පළවෙනි උපසිරසිය. ඒ තමයි Disney Plus හරහා සතිපතා විකාශය වෙන Percy Jackson & The Olympians කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසිය. මේ එපිය නම් කරලා තියෙන්නේ “I Plunged to My Death” කියලයි. සුපුරුදු පරිදි මේකත් පොතෙන්ම ගත්ත මාතෘකාවක්.

පසුගිය කොටසින්…

තුන්වෙනි එපිසෝඩ් එකේදී තමයි පර්සිලාගේ ගවේෂණය ආරම්භ වුණේ. පර්සි තමන්ගේ ගවේෂණයට ඇනබෙත්ව සහ ග්‍රෝවර්ව තෝරගත්තා. එයා ඇනබෙත්ව තෝරගන්නේ ගවේෂණය සාර්ථක කරගන්න යාළුකම පැත්තකට දානන් වුණොත්, ඇනබෙත් එහෙම කරයි කියල හිතාගෙන. ග්‍රෝවර්ව තෝරගන්නේ එයාට වෙන කාටවත් වඩා එයාව විශ්වාස නිසා.

ඒවගේම කලින් එපියෙන් අපට රත්තරන් ඩ්‍රච්මා හඳුන්වලා දුන්නා. ඩ්‍රච්මා කියන්නේ පුරාණ ග්‍රීසියේ පාවිච්චි කරපු කාසි විශේෂයක්. උපදෙවි ලෝකයේ ගනුදෙනුවලට තාමත් පාවිච්චි කරන්නේ රත්‍තරන් ඩ්‍රච්මා යි. ඒවගේම ලූක්ගෙන් ගවේෂණයට සහයෝගයක් විදියට හර්මීස්ගෙන් හම්බවුණු පියාඹන සපත්තු දෙකක් දුන්නා. ඒක මතක තියාගන්න. ඉස්සරහට සෑහෙන්න වැදගත් වෙනවා.

ඉතින්, පර්සියි, ඇනබෙතුයි, ග්‍රෝවරුයි ලොස් ඇන්ජලිස් වෙත යන්න පිටත්වුණා. ඇනබෙත් සහ පර්සි අතර තියෙන විරසකේ ටිකෙන් ටික වැඩි වුණත් අන්තිමේදී එයාලා සමාදාන වුණා මතක ඇතිනේ. ඇලෙක්ටෝ පර්සිව පාවලා දෙන්න කිව්ව වෙලේ ඇනබෙත් ඒකට කැමති වුණේ නෑ වගේම, මෙඩූසා ඇනබෙත්ව සහ ග්‍රෝවර්ව පාවලා දෙන්න කිව්ව වෙලේ පර්සි ඒකට කැමති වුණෙත් නෑ.

ඒවගේම මෙඩූසාත් එක්ක සිද්ධවුණ සටනත් මතක ඇතිනේ. පොතේ තිබුණ සටනට වඩා නම් කෙටියි, ඒත් ඒකෙන් රසවින්දනයට කිසි බාධාවක් වෙන්නේ නෑ. අන්තිමට පොතේ විදියටම, එයාලා මෙඩූසගේ හිස කඳින් වෙන් කරලා ඒක ඔලිම්පස්වලට අරිනවා. අන්න එයා තමයි අපි දන්න පර්සි ජැක්සන්. අන්තිමේදී, හර්මීස් ඒක අරගෙන ඔලිම්පස්වලට ගියා.

ඉතින් අද එපියට මෙන්න මේකෙන් බලපෑමක් තියෙනවා. අද බලාගන්න පුළුවන් එකිඩ්නාත් එක්ක සිදුවෙන සටන. පොත්වල රසිකයින්ට නම් මාතෘකාව දැක්ක ගමන් ඒක මතක් වෙන්න ඇති. එහෙනම් එපිය බලන්නකෝ. අද බර්ලින් එපියෙන් ආයෙ හමුවෙමු. පීස් ✌️.

 

Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,364 downloadsDownload Percy-Jackson-and-the-Olympians-S01-E04-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Next BT1

Subtitles

13,364 downloadsDownload Subtitles19 KB

11 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Binod Inguruwatta

    Thanks

  3. Piumi

    Thanks ❤️

  4. Sandeep Madushan

    Thank you bro..

  5. viraj

    thanks..............

  6. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  7. sachintha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  8. chinthaka chathuranga

    thanks malli

  9. Dewadithya

    Thanks for Sub!

  10. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.