Gyeongseong Creature [S01: E10] Sinhala Subtitles GYEONGSEONG CREATURE කතාමාලාවේ පළවෙනි සීසන් එකේ අන්තිම කොටසට සබ් අරගෙනයි අද ආවේ. ඉතින් ආසාවෙන් බලපු කතාවක පළවෙනි සීසන් එක මේ විදියට අවසන් වෙනවා. 2023 දෙසැම්බර් 22 වෙනිදා පළවෙනි පාර්ට් එකත්, 2024 ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට පළවෙනි සීසන…
Gyeongseong Creature [S01: E10] Sinhala Subtitles
GYEONGSEONG CREATURE කතාමාලාවේ පළවෙනි සීසන් එකේ අන්තිම කොටසට සබ් අරගෙනයි අද ආවේ. ඉතින් ආසාවෙන් බලපු කතාවක පළවෙනි සීසන් එක මේ විදියට අවසන් වෙනවා. 2023 දෙසැම්බර් 22 වෙනිදා පළවෙනි පාර්ට් එකත්, 2024 ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට පළවෙනි සීසන් එක Netflix හරහා නිකුත් වුන මේ සීරීස් එක IMDB දර්ශකයේ 7.4/10 කුත්, MyDramaList දර්ශකයේ 8.5/10 වැනි ඉහළ අගයකුත් ලබාගන්න සමත් වෙනවා. වොන් බිලියන 70ක් වගේ දැවැන්ත පිරිවැයක් යොදලා තමා GYEONGSEONG CREATURE නිර්මාණය කරන්නේ. ඒ අනුව එදා මෙදා තුර වැඩිම පිරිවැයක් දරලා නිර්මාණය කරපු කොරියානු කතාමාලාව තමා මේක. It’s Okay Not To Be Okay, Stove League වගේ කතාමාලාවල අධ්‍යක්ෂකවරයා වන Jang Dong Yoon අධ්‍යක්ෂණයෙනුත්, Dr. Romantic කතාමාලාවේ තිරරචකයා වන Kang Eun Kyung තිර රචනයෙනුත් එකතු වෙනවා.

Park Seo Joon, Han So Hee, Claudia Kim, Jo Han Chul & Kim Hae Sook
කතාව ගැන කියන්න කලින් පොඩ්ඩක් කතාවට පාදක වෙච්ච පසුබිම පැහැදිලි කරලා ඉන්නම්. Unit 731 සිදුවීම ගැන දන්නවද? දෙවෙනි ලෝක යුද්ධෙ කාලේ ජපානය යුද්ධය ජයග්‍රහණය කරන්න නොකරපු දෙයක් නෑනේ. ඔන්න අය අතරේ ජෛව අවි නිර්මාණය සහ මානව අත්හදා බැලීම් ප්‍රධානයි. ජපන් අධිරාජ්‍ය හමුදාවේ ජීව විද්‍යාත්මක හා රසායනික යුධ පර්යේෂණ සහ සවර්ධන ඒකකවල තමා ඔය සේරම කරලා තියෙන්නේ. ඔතනින් එක ඒකකයක් තමා Unit 731. ඕක පිහිටුවලා තිබ්බේ හාර්බින්වල පින්ග්ෆන්ග් දිස්ත්‍රික්කයේ (වර්තමාන ඊසානදිග චීනය). තව මේකේ ශාඛා චීනයේ වගේම අග්නිදිග ආසියාව පුරා ව්‍යාප්ත වෙලා තිබුනයි කියලා සදහන් වෙනවා. මේ මානව අත්හදා බැලීම් නිසා මිනිසුන් 200,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් මිය ගියයි කියලා සදහන් වෙනවා. මෙන්න මේ සිදුවීම පසුබිම් කරගෙන නිර්මාණය කරපු ප්‍රබන්ධ කතාවක් තමා මේක. එහෙනම් දැන් කතාව පැත්තට යං. කතාව පටන් ගන්නේ ජපන් හමුදාව මානව අත්හදා බැලීම් කරපු ඊසානදිග චීනයේ පර්යේෂණාගාරයක් විනාශ කරලා වෙන තැනකට හුවමාරු වෙනවා. ඒ ග්යොන්ග්සොන්ග් (පැරණි සෝල්) වලට. මෙන්න මේ ග්යොන්ග්සොන්ග්වල ඉන්න කැපී පෙනෙන ධනවතෙක් තමා ජන්ග් ටේ සන්ග් කියන්නේ. දවසක් ජන්ග් ටේ සන්ග්ට පොලිස් කොමසාරිස්ගේ බල කිරීමට අතුරුදහන් වෙච්ච කෙනෙක්ව හොයාගන්න වෙනවා. ඒ අතුරුදහන් වෙච්ච කෙනා ඉන්නේ ජපන් හමුදාව ග්යොන්ග්සොන්ග්වල පිහිටුවපු මානව අත් හදා බැලීම් පර්යේෂණාගාරයේ. ඉතින් ජන්ග් ටේ සන්ග්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ මානව අත්හදා බැලීම්වල ප්‍රතිඵලය මොකක් වෙයිද?

Behind The Scenes
කුතුහලය නැති වෙන හින්දා අද අන්තිම කොටස ගැන මුකුත් කියන්න යන්නේ නෑ මන්. ආ මතක ඇතුව End Credits වලට පස්සේ තියන ටිකත් බලන්න. දැනටමත් මේකේ Netflix එකෙන් සීසන් 2 තහවුරු කරලයි තියෙන්නේ. මේ අවුරුද්දෙම එනවා කියලා තමා ආරංචිය නම්. ගොඩක් වෙලාවට මේ දෙසැම්බර්වල එන්න ඉඩ තියෙනවා. හැබැයි තාම දිනයක් තහවුරු කරලා නම් නෑ. Netflix එකෙන් රිලීස් කරපු දෙවෙනි සීසන් එකේ Still Cuts තමා මේ පහළෙන් තියෙන්නේ.

Season 02 Still Cuts
End Credits වලින් පස්සේ තියන සීන් එක ගැන ගොඩක් fan theory තියේ. ඔයාලා ළගත් ඒවගේ fan theory හරි අදහස් හරි තියේ නම් අපිටත් දැනගන්න පහළින් කමෙන්ට් කරගෙන යන්න. කොහොමහරි ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා තමා පළවෙනි සීසන් එක අවසන් වෙන්නේ. එහෙනම් දෙවෙනි සීසන් එකටත් අනිවාරෙන් උපසිරැසි අරන් එනවයි කියන පොරොන්දුව උඩ GYEONGSEONG CREATURE පළවෙනි සීසන් එක සමගින් අදට මන් සමුගන්නවා. මුළු සීරීස් එක පුරාවටම සබ් කොහොමද කියලා අමතක කරන්නැතුව කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!
An Another Beginning…. තවත් ආරම්භයක්…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,376 downloadsDownload Gyeongseong-Creature-S01E10-END-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
12 comments
Kathu
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නයන සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!kotas seratama sub dunnata godak pin ............!!!!
Samadhi Premarathne
Thankyou sub ekata ❤
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Samadhi Premarathne
අනේ Exhuma ෆිල්ම් එකට සබ් දෙන්නකෝ plssss
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Nethmi Nethsarani
Gyeongseong Creature 2 ත් ඉක්මනට දෙන්න හෙට Netflix එකට දැම්මහම please
Anonymous
බොහොම ස්තූතියි
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gyeongseong Creature [S01: E10] Sinhala Subtitles | කදුළ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Gyeongseong-Creature-8.jpg)




Thank brother sub ekata
Supiri bn