Heads of State (2025) Sinhala Subtitles කොහොමද යාලුවනේ, සොරි වෙන්න ඕන හොඳේ පරක්කු වුනාට. මොනා කරන්නද, මගේ PC එක සතියක් විතර හොඳටම කෙල වෙලා තිබ්බේ. අපි දැන් කෙලින්ම කතාවට බහිමු. මම අද කියන්න යන්නේ 2025 ආපු නියම action-comedy ෆිල්ම් එකක් ගැන. නම තමයි Heads of State. නම ඇහුවම ටිකක් සීරියස් වගේ හිතුනට,…

Heads of State (2025) Sinhala Subtitles
කොහොමද යාලුවනේ, සොරි වෙන්න ඕන හොඳේ පරක්කු වුනාට. මොනා කරන්නද, මගේ PC එක සතියක් විතර හොඳටම කෙල වෙලා තිබ්බේ.
අපි දැන් කෙලින්ම කතාවට බහිමු. මම අද කියන්න යන්නේ 2025 ආපු නියම action-comedy ෆිල්ම් එකක් ගැන.
නම තමයි Heads of State.
නම ඇහුවම ටිකක් සීරියස් වගේ හිතුනට, මේකේ ඉන්න සෙට් එක ඇහුවම ඔයාලට තේරෙයි වැඩේ. ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, Idris Elba සහ ඔයාල හැමෝම වගේ දන්න John Cena තමයි. මේ දෙන්නට අමතරව ලස්සන Priyanka Chopra ත් ඉන්නවා. කතාව ගැන මම ලොකුවට කියන්න යන්නේ නෑ, එතකොට ෆිල්ම් එක බලද්දි කිසිම ගතියක් නැති වෙනවනේ. මෙච්චරයි කියන්නේ…
ඒකෙ වෙන්නෙ එකිනෙකාව කොහෙත්ම දිරවන්නෙ නැති දෙන්නෙක්ට, ඒ කියන්නෙ ටිකක් සීරියස් බ්‍රිතාන්‍ය අගමැති Sam Clarke ටයි, එක එක බොක්ස් ඔෆිස් ෆිල්ම් වල නළුවෙක් වෙලා පිස්සු නටන ඇමරිකාවෙ Will Derringer ජනාධිපතිටයි හදිසි අවස්ථාවකදී එකට වැඩ කරන්න සිද්ධ වෙනවා.
මේ දෙන්නා එකතු වෙලා ලොකු ගේමක් දීල කරන සුපිරි වැඩ ටිකක් මේ චිත්‍රපටයේ ඔයාලට බලාගන්න පුලුවන්.
මොනව වුනත් මෙයාල කරන ගොඩක් දේවල් හිතුවටත් වඩා ඉක්මනට අල වෙලා යනවා. Action, comedy උපරිමයටම තියෙන, නියම fun ride එකක් විදිහට ගන්න පුලුවන් මේ ෆිල්ම් එක වයස 13න් උඩ ඕනි කෙනෙක්ට බලන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.
ඉතින් Heads Of State 2025 බලලා කමෙන්ට් එකක් දාල යන්න්ත් අමතක කරන්න එපා. හරි එහෙනම්, පස්සෙ තවත් සුපිරිම ෆිල්ම් එකකින් හම්බවෙමු. ජය වේවා!
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,300 downloadsDownload Heads-Of-State-2025.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-09
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heads of State (2025) Sinhala Subtitles
Subtitles by
Sades (Walker)
Subtitles
4 comments
Sahan Gayantha
Buddhika laKMal
මේකනං සුපිරි මචං.............
ස්තූතියි පරක්කුවෙලා හරි සබ්එක අරං ආවට මචංRoshan
Thnx bro.Great job.Good luck.
Malith samarawickrama
Thanks saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
sub denakan balan hitpu film ekak.. thanks a lot saho sub ekata