Watch Trailer

Bon Appétit, Your Majesty [S01 : E01] Sinhala Subtitles | බටර් සුවඳැති ගොචුජං බිබිම්බප් [සිංහල උපසිරසි]

Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles කොරියානු නාට්‍ය ලෝලීන්ට 2025 වසරේ අලුතෙන්ම ලැබුණු තවත් අපූරු තිළිණයක් තමයි Bon Appétit, Your Majesty කියන්නේ. ෆැන්ටසි, ඉතිහාස කතා, ආදරය සහ රසවත් කෑම වට්ටෝරු එකට මුසු වුණු මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වන ජං තේ-යූ (Jang Tae-yo…

Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles

කොරියානු නාට්‍ය ලෝලීන්ට 2025 වසරේ අලුතෙන්ම ලැබුණු තවත් අපූරු තිළිණයක් තමයි Bon Appétit, Your Majesty කියන්නේ. ෆැන්ටසි, ඉතිහාස කතා, ආදරය සහ රසවත් කෑම වට්ටෝරු එකට මුසු වුණු මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වන ජං තේ-යූ (Jang Tae-yoo) විසින්. 2025 අගෝස්තු 23 වෙනිදා සිට දකුණු කොරියාවේ tvN නාලිකාවේ විකාශය වන මෙය, Netflix හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා.

රංගනයෙන් දායක වන තරු

ඉම් යූන්-ආ (Im Yoon-ah) – යොන් ජි-යොන්ග් ලෙස

ලෝක ප්‍රකට Girls’ Generation කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට වගේම, King the Land සහ You Are My Destiny වැනි නාට්‍ය හරහා හිත් දිනාගත්ත යූන්-ආ තමයි මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඇය මෙහි නිරූපණය කරන්නේ තම වෘත්තියේ ඉහළටම ගියත්, හදිසියේම අතීතයට යන දක්ෂ ප්‍රංශ Chef කෙනෙක්ගේ චරිතයක්.

ලී චේ-මින් (Lee Chae-min) – යි හියොන් රජු ලෙස

 

Crash Course in Romance වැනි නාට්‍ය වලින් ජනප්‍රිය වුණු, ඒ වගේම Music Bank වැඩසටහනේ නිවේදකයෙක් විදිහටත්ස මීප වුණු ලී චේ-මින්, මෙහි ප්‍රධාන පුරුෂ චරිතය නිරූපණය කරනවා. ඔහු පණ පොවන්නේ ඉතිහාසයේ සිටි විශිෂ්ටතම රස බලන්නා මෙන්ම දරුණුතම ඒකාධිපතියා ලෙස සැලකෙන, හිතුවක්කාර ජොසොන් රජුගේ චරිතයටයි.

කන්ග් හන්-නා (Kang Han-na) – කන්ග් මොක්-ජු ලෙස

Moon Lovers: Scarlet Heart Ryeo, Start-Up සහ My Roommate Is a Gumiho වැනි නාට්‍ය වලින්ක වුරුත් හඳුනන කන්ග් හන්-නා, මෙහි රජුගේ හිත දිනාගත්, ඔහුගේ දිගුකාලීන කුරිරු උපබිසව වන කන්ග් මොක්-ජුගේ චරිතය නිරූපණය කරනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේක ගෙතෙන්නේ 2025 වර්ශයේ ජීවත් වෙන chef කෙනෙක් වන යොන් ජි-යොන්ග් වටා. සූර්යග්‍රහණයක් අතරතුර ඇය හිතාගන්නවත් බැරි විදිහට කාල තරණය කරලා ජොසොන් රාජවංශ යුගයට පැමිණෙනවා. ඇය එන්නේ, තම මවගේ මරණයෙන් උන කම්පනයෙන් පීඩා විඳිමින්, දූෂිත නිලධාරීන්ගෙන් පළිගැනීමේ අරමුණින් සිටින තරුණ රජෙකු වන යි හියොන් ගේ කාලයටයි.

ජි-යොන්ග් එයාගේ නවීන ඉවුම් පිහුම් ක්‍රම සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කරමින් රජුගේ හිත පැහැර ගැනීමට සමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඇයව මාලිගයේ සූපවේදිනිය විදිහට පත් කරනවා. නමුත් මේකට රජුගේ ප්‍රධාන උප බිසව වන මොක්-ජු එතරම් කැමති වෙන්නේ නැහැ, ඒ වගේම රජුගේ සිංහාසනය පැහැරගන්න කුමන්ත්‍රණය කරන ජේ සොන් කුමරුගේ උපාය වලට මුහුණ දෙන්නටත් සිද්ධ වෙනවා. ඉතිහාසයේ දැක්වෙන්නේ යි හියොන් රජු ඉතාමත් කුරිරු පාලකයෙක් විදිහට. ඉතින් ජී-යොන්ග් ට පුළුවන් වෙයිද ඉතිහාසය වෙනස් කරන්න.

තව දෙයක්, මේකේ ඉවුම් පිහුම් වටා ගෙතන කතාවක් නිසා සුජාත දියණි එකේ වගේ ලස්සනට කෑම හදන හැටි බලාගන්නත් පුළුවන්

                

Bon Appétit, Your Majesty Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,225 downloadsDownload Bon-Appetit-Your-Majesty-S01E01.zip37 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

2,225 downloadsDownload Subtitles37 KB

5 comments

  1. Shashi

    ඉතිහාස කතාවක් නිසා පොඩ්ඩක් ඉතිහාසයේ කතා කරන විදියට උපසිරැසිය කලා නම් හොදයි.
    ඉදිරියට හදගන්න.
    උපසිරැසියට ස්තුතියි.

  2. Buddhika laKMal

    Thanks machan mekata sub denawata

    1. SS

      Thanks සබ් එකට ❤️

  3. Dulaa

    අනේ මේකෙන් download karana vidiha kohamada. Therenne nane

  4. SS

    Thanks සබ් එකට..❤️