Heavenly Delusion [S01 : E01 & E02] Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් ආයෙමත් මම ආවා ලංකන් weeb සෙට් එක වෙනුවෙන් සිංහල උපසිරැසියක් අරගෙන Survival type එකක Anime එකක් බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් මේක මේ අවුරුද්දෙ ආපු හොඳම Survival Anime එකක් කියලා කියන්න පුලුවන්. මේකෙ මන්ගා එකට වගේම ඇනිමෙ එ…

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් ආයෙමත් මම ආවා ලංකන් weeb සෙට් එක වෙනුවෙන් සිංහල උපසිරැසියක් අරගෙන Survival type එකක Anime එකක් බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් මේක මේ අවුරුද්දෙ ආපු හොඳම Survival Anime එකක් කියලා කියන්න පුලුවන්. මේකෙ මන්ගා එකට වගේම ඇනිමෙ එකටත් මාරම ප්‍රතිචාර තියනවා. මේක තමයි මම ලංකන් Weebs සෙට් එකත් එක්ක එකතු වෙලා කරන #3 වෙනි උපසිරැසිය.
මුලින්ම අපි මේ Anime එකේ වටපිටාව බලමු……
Heavenly Delusion එහෙමත් නැත්තන් Tengoku Daimakyou ජපානය සහ ලෝකය පුරාම ප්‍රදර්ශණය වෙන්න ගත්තෙ 2023 අප්‍රේල් මාසයේ මුළ සතියෙ. හැබැයි මේක ප්‍රදර්ශණය කරලා ඉවර වෙන්නෙ ජූනි මාසයේ. මේ Anime එක මේ අවුරුද්දෙ නිකුත් කරපු හොඳම Anime වලින් එකක්. ඇයි මම එහෙම කියන්නෙ කියලා ඇහුවොත් මේක තමා ටිකක් Survival ඇඟට දැනෙන්න කාලෙකින් ආපු ඇනිමෙ එක. මේකෙ තියන animation style එක නම් මාරම ලස්සනයි. මේකට IMDB වල පරිශීලකයන් 47.2K පරිශීලකයන් ගානකින් 8.0 ක ප්‍රතිචාර ප්‍රමාණයක් හම්බෙලා තියනවා.
ඒ වගේම කවුරුත් දන්න MAL වල පරිශීලකයන් 400K කින් 8.22 ඉහල ප්‍රතිචාරයක් හම්බෙලා තියනවා Adventure, Mystery, Sci-Fi කියන කාණ්ඩ වලට අයිති වෙන මේ Anime එකේ එක Episode එකක් විනාඩි 23 විතර වගේ දික් වෙනවා. මේක හැබැයි ටිකක් 18+ පැත්තට වැඩියි. ඒක හින්දම ජපානයේ R18 වගේම United States වල TV-MA කියන සහතික දීලා තියනවා. මේකෙ මන්ගා එක කරන්නෙ Masakazu Ishiguro කියන කෙනා. හැබැයි Anime එකේ නම් 18+ සීන් මන්ගා එකේ තරම් නෑ.

දැන් අපි යමු මොන වගේද මේ කතාව කියලා පොඩි අදහසක් ගන්න…..
අවුරුදු 15 විතර කලින් මේ ලෝකෙට මහා විනාසයක් වෙලා තියනවා. ඒකෙන් මුලු මිනිස් ශිෂ්ඨාචාරයටම ලොකු ව්‍යවසනයක් ඇති වෙලා තියනවා. මේ විනාසෙන් පස්සෙ මිනිස්සුන්ව කන රාක්ෂයො, ජාන විකෘති වෙච්ච සත්තු මේ ලෝකෙට පහල වෙනවා. ඒකෙන් මේ ඉතුරු වෙලා ඉන්න මිනිස් සන්හතියම වැටිලා ඉන්නෙ පුදුම අමාරුවක. මේ විනාසෙන් පස්සෙත් ළමයින්ව බලාගන්න අමුතුම ජාතියෙ ලමා නිවාසයක් තියනවා. මේ ළමා නිවාසෙ ඉන්න හැම ලමයෙක්ටම මොකක් හරි විශේශතාවක් තියනවා.
හැබැයි එළියෙ මිනිස්සු අමාරුවෙන් ඉද්දි මේ ඇතුලෙ ඉන්න ලමයි හොඳට කරදරයක් නැතුව ඉන්නවා. මොකද ඇතුළෙ ඉන්න ළමයි දන්නෙත් නෑ පිට ලෝකයක් තියනවා කියලා. පිට ලෝකෙට මේ ළමයින්ට බලපෑමක් කරන්නත් බෑ. මේ අතරෙ පිට ලෝකෙ ඉන්න තරුණ ළමයි දෙන්නෙක් “හෙවන්” එක කියලා විශේශ ස්ථානයක් හොයමින් ඉන්නවා. ඒ දෙන්නට ඒ දෙන්නගෙම හේතු තියනවා මේ තැන හොයන්න. මේ දෙන්නා කොහොම හරි හදන්නෙ මේ භාහිර ලෝකෙ තියන දුක්ඛිත කමි මිදෙන්න ක්‍රමයක්.
එහෙනම් කතාව ගැන අදහසක් ගන්න ඇති කියලා හිතනවා. ඊළග කොටස් වලිනුත් ඉක්මනින්ම හම්බෙනකම් රැඳිලා ඉන්න 03 හා 04 කොටස් වලින් ඉක්මනටම හමුවෙමු…
See ya !!!!
ලංකන් weebs වෙනුවෙන් – ගඟුල් කාව්‍ය

Due to copyright issues, we no longer provide any torrent links.
Tengoku Daimakyou – [1080p]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,343 downloadsDownload Heavenly-Delusion-S01-E01-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
Anonymous
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heavenly Delusion [S01 : E01 & E02] Sinhala Subtitles | ස්වර්ගය සහ අපාය [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/Heavenly-Delusion-Cover-2.jpg)



Thanks jayawewa....!