Watch Trailer

Heeramandi: The Diamond Bazaar [S01 : E03] Sinhala Subtitles | “වහීදාජාන්: දිවි ඇතිතෙක් කැළැල් දරන්නිය” [සිංහල උපසිරැසි සමඟ]

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles හොඳයි එහෙම නම් අද හීරාමණ්ඩියේ තුන්වැනි කොටසට සිංහල උපසිරැසිය අරගෙන ආවා. යළි පැමිණි අභියෝගකාරිණිය මල්ලිකාජාන්ගේ අධිකාරිත්වයට කරන බලපෑම මොකක්ද? තජ්ධාර්ගෙයි ආලම්ගෙයි ආදර කතාවට මොකද වෙන්නේ? අද කොටසට යොමුවෙමු එහෙනම්. අද පළ වන කතාංගය ගැන: තෙවැනි කොටස –…

Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesHeeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

හොඳයි එහෙම නම් අද හීරාමණ්ඩියේ තුන්වැනි කොටසට සිංහල උපසිරැසිය අරගෙන ආවා. යළි පැමිණි අභියෝගකාරිණිය මල්ලිකාජාන්ගේ අධිකාරිත්වයට කරන බලපෑම මොකක්ද? තජ්ධාර්ගෙයි ආලම්ගෙයි ආදර කතාවට මොකද වෙන්නේ? අද කොටසට යොමුවෙමු එහෙනම්.

අද පළ වන කතාංගය ගැන:

තෙවැනි කොටස – “Waheedajaan: Scarred for Life” –  “වහීදාජාන්: දිවි ඇතිතෙක් කැළැල් දරන්නිය”

අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි

මුල්වරට නිකුත් කෙරුණු දිනය –  2024 මැයි 01

IMDb Ratings –  7.2/10

Heeramandi: The Diamond Bazaar

අද කතාව ගැන කෙටියෙන් කියන්නම්. අද කොටසත් අතීතයේ සිදුවීමකින් පටන් ගන්නේ. රෙහානගේ මරණයෙන් පස්සේ සුල්ෆිකර් සහ මල්ලිකාජාන් යහන්ගතව ඉන්න අතරේම එතැනට එන වහීදාජාන්, තමන් රෙහානාගේ ඝාතනයේ සාක්ෂිකාරියක් බව හෙළි කරමින්, මල්ලිකාගෙන් සිහින මන්දිරය හෙවත් ඛ්වාබ්ගාව ඉල්ලා සිටින්නේ, ඇය සහ සුල්ෆිකාර් වෙනත් ආකාරයකින් සිරගත කරන බවට තර්ජනය කරමින්. කෝපයට පත් සුල්ෆිකාර් ඇයට පහර දෙමින් ඇගේ මුහුණ කැළැල් කරනවා. වර්තමානයේදී, මල්ලිකා සහ වහීදා ඔවුන්ට පක්ෂව තීන්දුව ලැබීමෙන්, සිහින මන්දිරය හිමිකරගත්තත්, මල්ලිකා, වහීදාට පොරොන්දු වූ දෙයට පටහැනිව, ෆරීදාන්ගෙන් නඩුවක් වැටෙන එක වළක්වන්න, සම්මිගේ පවුලට මන්දිරය පවරා දෙනවා.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

ඒත් ෆරීඩන් සම්මිගේ වැන්දඹුවගෙන් මන්දිරය මිලදී ගෙන ඇගේ නාස්මුදුහරණය සංවිධානය කරන්න සූදානම් වෙනවා. උස්තාද් හරහා, මල්ලිකා සමඟ ආලම්ගේ ආරවුල සහ කාට්රයිට්ට මල්ලිකා කෙරෙහි තියෙන වෛරය ගැන ෆරීදාන් සොයා ගන්නවා. වෙනත් තැනක, තජ්ධාර් කැරැල්ලට සම්බන්ධ වීමට අදහස් කරමින් හමීඩ් විසින් පවත්වනු ලබන නිදහස් ගැති රැස්වීමකට සහභාගී වෙනවා. ෆරීදාන් ආලම්ව තාජ්ධාර් සමඟ එකතු කරන්න කියමින් ඔවුන් රවටනව. ඒ වගේම, ඇය වලී පොළඹවා ගැනීමට උත්සාහ කරන අතර රෙහානාගේ ඝාතන නඩුව නැවත ආරම්භ කිරීමට අභියාචනයක් ඉදිරිපත් කරමින් කාට්රයිට්ව පොළඹවා ගන්න හදනවා.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

ෆරීදන්ගේ ක්‍රියාමාර්ග ගැන බයවෙන සුල්ෆිකාර් මල්ලිකාට තර්ජනය කරන්නේ රෙහානාගේ නඩුවට අදාළ ලිපිගොනුවක් සොයාගෙන විනාශ කරන ලෙසයි. ෆරීදන්ගේ පළිගැනීම සඵල වෙයිද? මල්ලිකාජාන් කළ රෙහානගේ මිනීමැරුම එළියට එයිද? ආලම්-තාජ්ධාර් ආදර අන්දරයට මොකක් වෙයිද? රෙහානගේ නස්මුදුහරණය ගැන මල්ලිකාජාන්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? තාජ්ධාර්ගේ නිදහස් අරගලය ගැන තියෙන බැඳීම එක්ක මොනවගේ ක්‍රියාමර්ග ගනීවිද? අද කොටසින් මේ දේවල් දැනගන්න

Heeramandi: The Diamond Bazaar

මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන,  Heeramandi.The.Diamond.Bazaar.S01E03.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [684 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්! 

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,714 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E03-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,714 downloadsDownload Subtitles30 KB

5 comments

  1. Bhathiya

    Thankss....macho...
    Jaya wewa...!!!!

  2. Buddhika Lakmal

    thanks sub ekata

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Dimuthu

    ස්තූතියි සහෝ සබ් එකට.

  5. Gihan

    උපසිරැසියට ස්තුතියි!