Watch Trailer

Heeramandi: The Diamond Bazaar [S01 : E02] Sinhala Subtitles | “ෆරීදන්ජාන්: අභියෝගකාරිය යළි පැමිණෙයි” [සිංහල උපසිරැසි සමඟ]

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles මේ අරන් එන්නේ Heeramandi (2024) කතාමාලාවේ දෙවැනි කතාංගයේ සිංහල උපසිරැසියයි. පසුගිය කොටසින් ඇරඹුණු ලාහෝරයේ රැජිණියන්ගේ කතාන්දරයේ අද මොකද වෙන්නේ කියල බලමු. අද පළ වන කතාංගය ගැන: දෙවැනි කොටස – “Fareedanjaan: The Challenger Returns”- “ෆරීදන්ජාන්: අභිය…

Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesHeeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

මේ අරන් එන්නේ Heeramandi (2024) කතාමාලාවේ දෙවැනි කතාංගයේ සිංහල උපසිරැසියයි. පසුගිය කොටසින් ඇරඹුණු ලාහෝරයේ රැජිණියන්ගේ කතාන්දරයේ අද මොකද වෙන්නේ කියල බලමු.

අද පළ වන කතාංගය ගැන:

දෙවැනි කොටස – “Fareedanjaan: The Challenger Returns”-  “ෆරීදන්ජාන්: අභියෝගකාරිය යළි පැමිණෙයි”

අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි

මුල්වරට නිකුත් කෙරුණු දිනය –  2024 මැයි 01

IMDb Ratings –  6.9/10

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

අද කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. මේක ආරම්භ වෙන්නේ අතීතයේ රෙහානා රාජමහලේ අධිපතිනිය වෙලා හිටපු කාලේ, එනම් මල්ලිකාජාන්ගේ තරුණ කාලේ සිදුවීමකින්. මල්ලිකාජාන් සහ රෙහානා අතර සුල්ෆිකර් මහත්මයා එක්ක තියෙන සම්බන්ධයක් ගැන බහින්බස් වීමක් වෙනවා. එහි ප්‍රතිඵලය රෙහානා මල්ලිකාජාන්ව ගණිකාවාසයකට පිටුවහල් කරන්න තීරණය කිරීමයි. ඒ එක්ක මල්ලිකාජාන් රෙහානාගේ හුස්ම හිරකරලා මරල දානවා. මේ අතර මෙතැනට එන සුල්ෆිකර් මහත්මයා එක්ක එකතු වෙලා රෙහානාගේ මිනීමැරුම වසන් කරලා එය දිවිනසාගනිමක් වගේ පෙන්වන්න කුමන්ත්‍රණය කරනවා. නමුත් මේ සිද්ධිය ඇසින් දකින රෙහානාගෙ දියණිය ෆරීදන්ව රාජමහලෙන් පිටමං කෙරෙනවා. සියලුම සාක්ෂි සමඟ පොලිසියට කොටුවන මල්ලිකජාන්ව බේරාගැනීමට සුල්ෆිකර් යොදන උපක්‍රමය මොකක්ද?

රෙහානගේ ඇවෑමෙන් රාජමහලේ අධිපතිනිය වෙන්නේ මල්ලිකාජාන්. වර්තමානයේදී, රාජමහලේ වැසියෝ රෙහානාගේ මරණ සංවත්සරය වෙනුවෙන් ඇයට ගෞරවය පුද කරනවා. එතැනදී මල්ලිකාජාන් දෙවියන්ට යාඥා කරන්නේ රෙහානට ශාප කරමින්. වහීදා මල්ලිකාගෙන් ඉල්ලා සිටින්නේ නවාබ්වරයෙකු වූ සම්මි අලි විසින් රෙහානාට පිරිනැමූ මන්දිරයක් වන සිහින මන්දිරය අයිති කර දෙන ලෙසයි. සැමීගේ වැන්දඹුව සිහින මන්දිරයේ උරුමය සඳහා හිමිකම් පෑ බව සඳහන් කරමින් මල්ලිකා ඒක ලබාදීම ප්‍රමාද කරනවා. මේ අතර, බිබ්බෝජාන් විසින් සොරාවර් ගැන අපේක්ෂා තබාගෙන සිහින මවන ලජ්ජෝ හෙවත් ලජ්වන්තිට සත්‍යය තේරුම් කරදෙන්නට උත්සහ කරනවා. ඒ ඔහු වංශවත් කාන්තාවක් සමඟ විවාහ වීමට සූදානම් බව හෙළි කරමින්.

ඉන්පසු ලජ්ජෝ සොරවර් සිටින සමාජ ශාලාවකට වෙත ගොස් ඔහුගේ විවාහය සම්බන්ධයෙන් බිබ්බෝ කියූ දේ සත්‍යයක් බව තේරුම් ගන්නවා. එය දැනගත්තට පස්සේ ලජ්ජෝ මොකද කරන්නේ? තාජ්ධාර්, ආලම් සමඟ ආදරයෙන් බැඳී ඇයව හොයාගෙන යනවා, ඇය දමා ගිය ලේන්සුවක් ගැන හොයමින්. සොරවර් නවාබ් ස්ත්‍රියක් සමඟ ඔහුගේ විවාහ මංගල්‍යයේදී ශෝකයට පත් ලජ්ජෝව කැදවනව, ඒ රඟමඬලේ නර්තනයේ යෙදෙන්න. ඇය ඔහුව අපහසුතාවට පත් කරන්නේ ඇයගේ නිරූපණය හරහා ඔහු කෙරෙහි ඇති හැඟීම් පාපොච්චාරණය කරමින්. මේ කලබගෑනිය සොරාවර්ගේ විවාහයට කොහොම බලපායිද? එතැනට එන මල්ලිකාජාන් වසර ගණනාවක් සඟවාගෙන හිටි රහසක් හෙළි කරනවා. ඒ මොකක්ද? හිත බිඳී ගිය ලජ්ජෝට අත්වන ඉරණම මොකක්ද? රෙහානා ඝාතනයේ එකම සක්ෂිකාරිනිය ෆරීදන් දැන් කොහෙද ඉන්නේ? මේ දේවල් ගැන අද කතාවෙන් දැනගන්න.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන,  Heeramandi.The.Diamond.Bazaar.S01E02.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [684 MB] පිටපතටයි.

එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්! 

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,982 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E02-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles

1,982 downloadsDownload Subtitles23 KB

5 comments

  1. Dimuthu

    සබ් එකට ස්තූතියි.

  2. Anonymous

    උපසිරැසියට බොහෝම ස්තූතියි කේසර සහෝ

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Dimuthu

    ස්තූතියි සහෝ සබ් එකට.

  5. Gihan

    උපසිරැසියට ස්තූතියි..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.