Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles අද පළවෙන්නේ හීරාමන්ඩි කතාමාලාවේ තුන්වැනි කතාංගය. ඉන්දීය නිදහස් අරගලය වෙනුවෙන් කැප වෙන තාජ්ධාර් සහ පවුල් පසුබිමේ ප්‍රශ්න නිසා පීඩා විඳින ආලම් අතර ආදර කතාවේ අද මොකද වෙන්නෙ? මල්ලිකාජාන්ගෙයි ෆරීදන්ගෙයි වෛරයේ අරගලයේ කතාවේ අද මොකද වෙන්නේ? බලලම ඉමු. අද…
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
අද පළවෙන්නේ හීරාමන්ඩි කතාමාලාවේ තුන්වැනි කතාංගය. ඉන්දීය නිදහස් අරගලය වෙනුවෙන් කැප වෙන තාජ්ධාර් සහ පවුල් පසුබිමේ ප්‍රශ්න නිසා පීඩා විඳින ආලම් අතර ආදර කතාවේ අද මොකද වෙන්නෙ? මල්ලිකාජාන්ගෙයි ෆරීදන්ගෙයි වෛරයේ අරගලයේ කතාවේ අද මොකද වෙන්නේ? බලලම ඉමු.
අද පළ වන කතාංගය ගැන:
සිව්වැනි කොටස – “Alamzeb: The Innocent Pawn” – “ආලම්ෂේබ්: ඉත්තෙක් වුණු අහිංසකාවිය”
අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 මැයි 01
IMDb Ratings – 7.0/10

පසුගිය කොටසේ අන්තිමට මල්ලිකාජන්ගේ උප්පරවැට්ටිය නිසා ෆරීදන්ගේ නාස්මුදුහරණය කඩාකප්පල් වෙනවනේ. ඒ ගැන ශෝකයට පත්වෙන ෆරීදාන් වෙත වලී ගිහින් ඇගේ අනුග්‍රාහකයා බවට පත් වෙනවා. සයිමාගේ ගායන කුසලතාවය දැනගන්න මල්ලිකාජාන් ඇයගෙන් ආලම්ෂේබ්ට වියහැකි තර්ජනයක පෙර නිමිත්තක් දැනගෙන ඇයව වජිඩ් අලි නම් අද්භූත ගැණුම්කරුවෙකුට රුපියල් 10,000ක මිලකට විකිණීමට තීරණය කරනවා. මේක දැනගෙන කම්පාවට පත් වෙන සයිමාගේ පෙම්වතා වන මල්ලිකාජාන්ගේ රියදුරු ඉක්බාල්, සයිමාගේ නිදහස මිලදී ගැනීමට දින පහළොවක් ඇතුළත එම මුදලම උපයාගෙන මල්ලිකාට භාරදීමට පොරොන්දු වෙලා සූදුවට යොමු වෙනවා.
මල්ලිකාජාන්එයට එකඟ වෙනවා. මේ ඉක්බාල් දරණ අහිංසක උත්සාහය සාර්ථක වෙයිද? මේ අතර වහීදා තමන්ගේ අනුග්‍රාහකයා වන ෆෙරෝස් තම දියණිය ෂාමා කෙරෙහි දක්වන ආදරය ගැන දැනගෙන හඬමින් එය මල්ලිකාජාන්ට කියනවා. මේකට මල්ලිකාජාන් මොකද කියන්නේ? තාජ්ධාර් හමීඩ්ව හමුවෙලා හමීඩ්ගේ විප්ලවයට සහය දෙන්න එක්වෙන්න කැමති වුණත්, හමීඩ් විශේෂයක ඉගෙනගෙන ඉන්දියාවට පැමිණි තාජ්ධාර් ගැන විශ්වාසයක් තියන්නේ නැහැ. මේ අතර තාජ්ධාර් කෙරෙහි ආලම්ගේ ආලය ගැන බිබ්බෝජාන් දැනගන්නවා. බිබ්බෝජාන් ආලම්ට මේ ගැන උපකාර කරනවා.
තමන්ගේ තාත්තට හොරෙන් බ්‍රිතාන්‍ය විරෝධී අරගල වලට සහය දෙන තාජ්ධාර්ගේ බ්‍රිතාන්‍ය විරෝධී ක්‍රියාකාරම් අශ්ෆාක්ට හෙළි වෙනවා. බ්‍රිතාන්‍ය පක්ෂපාති අශ්ෆාක් මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මල්ලිකාජාන් සමඟ උරණ වෙන වහීදා මල්ලිකාජාන්ට එරෙහිව ෆරීදන් එක්ක කුමන්ත්‍රණය කරනවා රෙහානගේ ඝාතනය ගැන පොලිසියට සාක්ෂි දීමට. ඒ කුමන්ත්‍රණය සාර්ථක වෙයිද? ඉක්බාල්ට සයිමාගේ නිදහස මිලට ගන්නට හැකි වෙයිද? ආලම්-තාජ්ධාර් ආදරයට ෆරීදන් උපකාර කරන්නේ ඇයි? ආලම්ගේ නාස්මුදුහරණය සිදුවෙයිද? මේ දේවල් අද කොටසින් බලන්න.

මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන, Heeramandi.The.Diamond.Bazaar.S01E04.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [684 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,674 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E04-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2024
- #Abhishek Deswal
- #Aditi Rao Hydari
- #Anuj Sharma
- #Astha Mittal
- #Fardeen Khan
- #Heeramandi: The Diamond Bazaar
- #Heeramandi: The Diamond Bazaar S01
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Sub
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
- #Indresh Malik
- #Jason Shah
- #Jayati Bhatia
- #Manisha Koirala
- #Nivedita Bhargava
- #Richa Chadha
- #Sanjeeda Sheikh
- #Sharmin Segal
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sonakshi Sinha
- #Subs
- #Taha Shah Badussha
- #TV
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika Lakmal
Dimuthu
ස්තූතියි සහෝ සබ් එකට.
Gihan
උපසිරැසියට ස්තුතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි සහෝ උපසිරැසියට