කොහොමද ඉතින්, තරමක ප්‍රමාදයක් එක්කයි මේ ඇනිමේ එකේ දෙවෙනි කොටසෙ උපසිරසි මේ විදිහට අරගෙන එන්නෙ. මේක ටිකක් වෙලාව අරගෙන සැලකිල්ලෙන් කරන්න ඕනෙ වැඩක් නිසා ප්‍රමාදවීම් වෙන්න පුලුවන්. ඉතින් එවැනි අවස්ථාවල ඉවසීම කියන දෙයින් ලබා දෙන සහයෝගය නම් ඉස්තරම්. මේ ඇනිමේ එකටත් නිසැකවම අවසානය තෙක් උපසිරසි ලබා දෙනවා. 🙂…

කොහොමද ඉතින්, තරමක ප්‍රමාදයක් එක්කයි මේ ඇනිමේ එකේ දෙවෙනි කොටසෙ උපසිරසි මේ විදිහට අරගෙන එන්නෙ. මේක ටිකක් වෙලාව අරගෙන සැලකිල්ලෙන් කරන්න ඕනෙ වැඩක් නිසා ප්‍රමාදවීම් වෙන්න පුලුවන්. ඉතින් එවැනි අවස්ථාවල ඉවසීම කියන දෙයින් ලබා දෙන සහයෝගය නම් ඉස්තරම්. මේ ඇනිමේ එකටත් නිසැකවම අවසානය තෙක් උපසිරසි ලබා දෙනවා. 🙂
ඉතින් මේ Spring Season එකේ Mappa විසින් නිකුත් කරපු සුපිරිම ඇනිමේ එක. පළවෙනි එපිය බැලුවනම් ඉතින් සුපිරියටම දීලා තිබ්බා කියල දකින්න ඇතිනේ. ඉතින් ඇනිමේ එක සම්බන්ධව තවත් පොඩි කරුණු ටිකක් අද දැනගමු. දකින්න ඇතිනේ Opening සහ Ending Theme ටික. ඒ දෙක නම් පට්ටම Visual ටිකක් එක්ක තමා දීලා තිබ්බේ. Opening Theme Song එක “WORK” විදිහටයි නම් වෙලා තියෙන්නේ. ගායනා කරන්නේ Millennium Parade කියන කණ්ඩායම විසින්. ඒ වගේම Ending Theme Song එක “Kamihitoe” විදිහටයි නම් වෙලා තියෙන්නේ. ගායනා කරන්නේ Uru විසින්. ඒ වගේම මේ ඇනිමේ එක ancient vibe එකට ගලාගෙන යන එකක් කියලත් දැන් දන්නවනේ. ඉතින් මේ ඇනිමේ එකේ අපිට දකින්න ලැබෙන සිදුවීම් ජපානයේ එදෝ යුගය ( ක්‍රි.ව. 1603 – ක්‍රි.ව. 1868 ) තුළ සිදුවූ සිද්ධීන් මාලාවක් විදිහටයි ඉදිරිපත් වෙන්නේ. එහෙනම් කලින් කොටසෙ මොකද උනේ කියල මතක් කරගෙන අද කොටසට එමු.
පසුගිය මතකයන් –
ගබිමරු කියන්නේ ඉවගකුරේ ගම්මානයේ හිටපු නින්ජා කෙනෙක්. ඒ ගම්මානයෙන් ලබා ගත් මාරාන්තික “නින්ජුට්සු” පුහුණුවෙන් දිවි බේරාගත් ගබිමරු, ඉවගකුරේ හිටිය දක්ෂම නින්ජාවරයෙක්. සතනෝ ඕසා ( Village Chief/ ගමේ ප්‍රධානියා ) විසින් ලබාදෙන නියෝග අනුව මුදලට මිනීමැරීම තමා මෙයා කළේ. ගබිමරු හිත්පිත් නැති අමානුෂික විදිහට මිනීමරන නිසා ඉතා බිහිසුණු චරිතයක් විදිහට කා අතරත් ජනප්‍රියයි. මිනිසුන් මෙයාව ගරන්නෝ ගබිමරු ( Gabimaru The Hollow ) ලෙසයි හඳුන්වන්නේ. හිත්පිත් නැති හිස් මිනිහෙක් යන අර්ථයෙන් තමයි මේ නම පටබැඳිලා තියෙන්නේ. ගබිමරු කරපු සහාසික මිනීමැරීම් නිසා අත්‍යාවශම අපරාධකරුවෙක් විදිහටයි මෙයා අච්චුවෙලා හිටියේ. ඉතින් කතාව ආරම්භ වෙනකොට මේ ගබිමරු අත්අඩංගුවට පත් වෙලා, ඒ වගේම මරණ දඬුවමට නියම වෙලයි හිටියේ. ඔහුත් සමඟ සිටි සඟයින් කරපු ද්‍රෝහී ක්‍රියාවක් නිසා තමා ගබිමරු මේ විදිහට අත්අඩංගුවට පත්වුණේ.
ජපන් ජනප්‍රවාද වල සඳහන් වෙන විදිහට නම් මේ නින්ජාවරුන්ට අසහාය සටන් හැකියාවක් තිබූ බවත්, ඔවුන්ගෙන් සමහර අයට අසාමාන්‍ය හැකියාවන් තිබූ බවටත් මත පවතිනවා. ගබිමරු ගැන බැලුවොත්, මෙයාටත් ටිකක් අසාමාන්‍ය හැකියාවන් තියෙනවා කියල ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් නඩුකාරයින් විසින් විවිධ ක්‍රම භාවිතා කරලා ගබිමරුව මරන්න උත්සහ කළා. නමුත් ඒ හැම අවස්ථාවකම ගබිමරු නිරුපද්‍රිතව තම ජීවිතය බේරගන්න සමත් වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙමේ. ඔහුට ඔහුගේ බිරිඳ පිළිබඳ පිවිතුරු ආදරයක් පවතින නිසා. තමන්ට ජීවත් වෙන්න හේතුවක් නෑ කියල ඒත්තුගන්වගන්න හැඳුවත්, ඔහුට ජීවත් වෙන්න හේතුවක් තිබෙනවා. ඒ තමා ඔහුගෙ බිරිඳ. ඇය වෙනුවෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකම ඔහු ජීවත් වෙන්න සිය ප්‍රතිරෝධය යෙදුවා. මෙතනින් පස්සෙ තමා සගිරිත් කතාවට එකතු වෙන්නෙ.
සගිරි කියන්නෙ “යමදා අසයිමොන්” පවුලේ කෙනෙක්. අපරාධකරුවන්ගේ හිස්ගසා දැමීම, අසිපත් පිරික්සීම වැනි කටයුතු කරපු කඩු හරඹයේ අති දක්ෂයින් පැවත ආ, ෂෝගුන් ( සමුරායීවරුන්ගේ ප්‍රධානියා: ශබ්දකෝෂ වල හඳුන්වා ඇත්තේ 1192 – 1867 යන වකවානු තුළ ජපානය පාලනය කළ හමුදා ප්‍රධානීන් හඳුන්වපු නාමයක් ලෙසයි. ) වෙනුවෙන් සේවය කරන සමුරායී පවුලක් තමා මේ අසයිමොන් කියන්නේ. සගිරි කිසියම් වාර්තාවක් ලබා ගැනීම වෙනුවෙන් තමයි ගබිමරුව හමුවෙන්න සිපිරිගෙට පැමිණියේ. නමුත් කතාවේ ඉදිරියට යද්දියි ඇය පැමිණි සැබෑම අරමුණ හෙළිවුණේ.
සශ්‍රීකත්වය උතුරන, පුරාවෘතගත දූපතක් පවතිනවා “ෂින්සෙන්කියෝ” යනුවෙන් හඳුන්වන. නිරිතදිගින් පිහිටි රියුකියු රාජධානියට ( වර්තමානයේ ජපානයේ ඔකිනාවා ආශ්‍රිත ප්‍රදේශය ) ඔබ්බෙන් පිහිටා තියෙනවා කියන මේ දූපතෙන් අමරණීයත්වය ලබාදෙන “සෙන්යකූ” ( The Elixir of Life ) නම් ඖෂධයක් සොයාගත හැකිබවයි කියවෙන්නේ. ෂෝගුන්වරයා විසින් මේ සෙන්යකූ හොයන්න පිරික්සුම් කණ්ඩායම් පිටත් කරනවා. එලෙස ගිය කවුරුත් නැවත යහතින් පැමිණියේ නෑ. ඉතින් මීළඟ පිරික්සුම් කණ්ඩායම විදිහට රට වටේම ඉන්න, මරණ දණ්ඩනය නියම වෙලා තියෙන අපරාධකරුවන්ව ඒකරාශී කරනවා. ඒ අනුව තමයි අසයිමොන්වරු රට පුරාම ගොස් මේ විදිහට අපරාධකරුවන්ව රැගෙන එන්නේ. සගිරිත් මේ නිසා තමයි ගබිමරුව හමුවෙන්න එන්නෙ. ඉතින් මේ කියන සෙන්යකූ සොයාගෙන පැමිණෙන අපරාධකරුවන්ව තමන් එතෙක් කරපු සියලුම වැරදිවලින් නිදොස් කර ෂෝගුන්වරයා විසින් ලබාදෙන ආරක්ෂාවට පවා හිමිකම් කියනවා. ඉතින් මේ ලැබෙන සමාවත් එක්ක නැවත වරක් ඔහුගෙ බිරිඳ සමඟ එකතුවීමයි ගබිමරු අපේක්ෂා කරන්නේ. ඉතින් ඒ අනුව ගබිමරු දැන් සගිරි සමඟ එදෝ ( වර්තමානයෙ ජපානයෙ ටෝකියෝව ) වෙත පැමිණෙනවා. ඔන්න ඔය විදිහටයි පළවෙනි කොටසෙ කතාව ගලාගෙන ගියේ.
අද කොටසින් –
අසයිමොන්වරු දැන් රටම පීරලා අපරාධකරුවන්ව එදෝ වෙත රැගෙන ඇවිල්ලා. මේ හැමදෙනාම අතිශය බිහිසුණු අපරාධකරුවන්. ගබිමරුත් දැන් මේ පිරිස අතරෙ ඉන්නවා. ඉතින් ෂෝගුන්වරයා හා මේ අපරාධකරුවන් සම්මුඛ වීමක් තමයි මේ කොටසින් දකින්න ලැබෙන්නෙ. එහෙනම් අමරණීයත්වය සොයායන ගබිමරුගෙ මේ වික්‍රමාන්විත චාරිකාවට ආරම්භය ලැබෙන්නෙ කොහොමද කියල මේ කොටසින් බලාගන්න. හැකි ඉක්මනින් තුන්වෙනි එපිය සමඟ හමුවෙමු. 😌
අද කතාංගය – Screening and Choosing
Imdb අගය – 8.5
අධ්‍යක්ෂණය – Yasuhiro Geshi
විකාශය වූ දිනය – 2023 අප්‍රේල් 08
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,008 downloadsDownload Jigokuraku-Episode-02.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku S01 Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Season 1 Sinhala subtitles
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Dasun
yasindu
ou a
dk
ou a
yasindu
3 weni season eke sub eka kawadda denne
Pavith Wijesooriya
බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා වෙද්දී 3 වෙනි එපියට උපසිරසි ලැබේවී සහෝලා...
podda
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S01 : E02] Sinhala Subtitles | අමරණීයත්වය සොයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Hells-Paradise-S01-a.jpg)



Sub Nam Sub Aaa.. Me wage Dark Anime walata galapennema oya wage sub thamai.. pattama.. dan nam iwasillak na next epiya enakan...