අවසාන එපිසෝඩ් එකට කලින් එපිසෝඩ් එකටයි මේ උපසිරසි අරගෙන එන්නේ. මේ 6 වෙනි එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ ‘Revelations’ හෙවත් ‘දේවවාක්‍ය’ කියලා. මේකෙදී අපට වැඩි වශයෙන් එළි කරන්නේ බ්‍රෙන්ඩා සහ රොන් ගැනයි. කලින් එපිසෝඩ් එක ගැන කියනවා නම්, බිෂොප් ලෝ හෙළි කරානේ රොන්ව සහ ඩෑන්ව ආගමෙන් නෙරපූ බව. ඩෑන්ව ආගමෙන් න…

අවසාන එපිසෝඩ් එකට කලින් එපිසෝඩ් එකටයි මේ උපසිරසි අරගෙන එන්නේ. මේ 6 වෙනි එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ ‘Revelations’ හෙවත් ‘දේවවාක්‍ය’ කියලා. මේකෙදී අපට වැඩි වශයෙන් එළි කරන්නේ බ්‍රෙන්ඩා සහ රොන් ගැනයි.

කලින් එපිසෝඩ් එක ගැන කියනවා නම්, බිෂොප් ලෝ හෙළි කරානේ රොන්ව සහ ඩෑන්ව ආගමෙන් නෙරපූ බව. ඩෑන්ව ආගමෙන් නෙරපන්න හේතුව තමයි එයා FLDS සංකල්ප විශ්වාස කරන්න පටන් අරගෙන එයාගේ සුළු දූලා දෙන්නවම කසාද බැඳගන්න හදපු එක. රොන්ව ආගමෙන් නෙරපුවේ එයාගේ බිෂොප්ට තර්ජනය කිරීම හා බිරිඳ සමඟ ආරවුල්වල පැටලීම කියන චෝදනාවලින්. ඉතින් ආගමෙන් නෙරපන එක කොච්චර දරුණු දෙයක්ද කියලා අපි දැක්කනේ. ඒවගේම රොන්ට ගෙදරින් යන්න සිද්ධ වුණු විදියත්, ‘ප්‍රොෆට්වරුන්ගේ පාසල’ ගැනත්, ඕනායස් කියලා ප්‍රොෆට් කෙනෙක් ගැනත් බ්‍රේඩි හෙළි කරානේ. ජෙබ් සහ ටාබා ‘ගොවිපළ’ට ගිය විදියටත්, ඒකෙදී ලේ වගුරවන්න නියමිත අයගේ ලැයිස්තුවත් හම්බවුණා මතක ඇතිනේ. ඒවගේම එපිසෝඩ් එක අවසානයේදී රොන්, එයා තමයි දෙවියන්ගේ ගැළවුම්කාරයා හෙවත් ‘ශක්තිවන්තයා’ කියලා විශ්වාස කරන්න ගත්තා.

මේ එපිසෝඩ් එකෙන් අභිරහස බාගයක් දුරට ලිහනවා. ඒවගේම අලුත් සක්ෂිකාරයෝ දෙන්නෙකුත් හඳුන්වලා දෙනවා. ඉතින් ඒත් එක්කම, අපි කතා මාලාවේ අවසාන එපිසෝඩ් එකටත් ළං වෙනවා. එහෙනම්, ඒ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. සුබ දවසක්.

පීස් ✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

636 downloadsDownload Under.the_.Banner.of_.Heaven.S01E06.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles

636 downloadsDownload Subtitles38 KB

4 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි සහෝ!

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.