බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 11වෙනි එපියෙ උපසිරසි තමා මේ අරගෙන ආවේ. අපි දැන් මේ ඇනිමේ එකේ පළවෙනි සීසන් එකේ අන්තිම කොටස් කීපයෙ තමා මේ ඉන්නෙ. මේ කොටසෙ උපසිරසි ලබා දීමත් එක්ක තව කොටස් දෙකක් පමණයි ඔබට ලබාදෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. මේ මස අග වෙනකොට ඒ දෙකත් ඔබට…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 11වෙනි එපියෙ උපසිරසි තමා මේ අරගෙන ආවේ. අපි දැන් මේ ඇනිමේ එකේ පළවෙනි සීසන් එකේ අන්තිම කොටස් කීපයෙ තමා මේ ඉන්නෙ. මේ කොටසෙ උපසිරසි ලබා දීමත් එක්ක තව කොටස් දෙකක් පමණයි ඔබට ලබාදෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. මේ මස අග වෙනකොට ඒ දෙකත් ඔබට ලැබෙයි. 🙂
පසුගිය මතකයන් : –
ඉක්මනින්ම සෙන්යකූ සොයාගෙන මේ දූපතෙන් පිටවීමේ අරමුණින්, ගබිමරු කාටත්ම නොකියා හොර රහසේම පිටත් වෙනවා. ඒ විදිහට ගමන් අරඹන ඔහු කෙළින්ම එන්නෙ හෝරායී ප්‍රධාන ද්වාරය අභියසට. මෙතනදී අපි කලින් එපියක දැකපු අර තෙන්සව මරා දාපු අමරණීයයා ගබිමරුට මුණගැහෙනවා. මතක ඇතිනේ දෙන්නගෙ සුපිරි වලියක් යනවා? කොහොමහරි ත්‍රීව සටනක් දුන්නත් ගබිමරුට ගොඩක් තුවාල වෙනවා. පරාදයේ එළිපත්ත උඩ හිටපු ඔහුව මුදාගන්නෙ “මෙයි” විසින්. නැවත සිහිය එන ගබිමරු අවදිවෙන්නෙ තවත් අපරාධකරුවෙක් වෙන තමියා ගන්තෙත්සුසායී සහ ඔහුට යුගල් කරපු අසයිමොන්වරයා වෙන “ෆුචි” හා මුහුණට මුහුණලායී. තෙන්සෙන් සමාව පරාදකරන්න තමාට ඉතා විශාල ශක්තියක් ඕනේ නිසා, සියලු කරුණුකාරණා පැහැදිලි කරලා ගබිමරු මේ තමියා ගන්තෙත්සුසායී හා ෆුචී සමඟ එකඟතාවයකට එනවා.
මේ අතරෙ පොඩි කෙල්ලෙක් වගේ හිටපු “මෙයි” දැන් ටිකක් ශරීර ප්‍රමාණයෙන් වර්ධනය වෙලා. ටිකක් වැඩුණු දැරිවියක් වගේ. මේත් එක්කම දූපතේ එක් පසකින් සගිරි සහ යුසුරිහා සෙන්තා හෝකෝ, ගබිමරුව හොයාගෙන හෝරායී වෙතට යනවා. තවත් පසකින් ෂියෝන් දැන් නුරුගායීව පුහුණු කරන්න පටන් අරගෙන. “යින් සහ යැං” නැතිනම් “රළුබව සහ මෘදුබව” කියන සංකල්ප ගැන කලින් එපියෙ සෑහෙන කතිකාවක් ගියා මතක ඇති. කලින් ලිපියෙ විස්තර කියෙව්වා නම් දළ අදහසක් ඇති කියල හිතනවා.
මේ අතර තවත් අපරාධකරුවෙක් වෙන ආසා චොබේ සහ ඔහුගේ බාල සහෝදරයා දැන් අර වළෙන් ගොඩ ඇවිල්ලා. ඒ විගසම ඔවුන් දෙදෙනා තවත් රාස්සයෙක් හා සටන් වඳිනවා. ගබිමරු ඇතුළු පිරිසත් දැන් හිටි හැටියෙම මේ වගේ සතුරන් පිරිසකට මුහුණලා ඉන්නෙ. කරදරවල ඉවරයක් නෑ… කලින් එපිය අවසන් උනේ අර ආපු රාස්සයා අතින් චොබේ මාරක පහරක් කෑමත් එක්කයි.
අද කොටසින් : –
සමස්ථ කතාවෙන් මේ එපිය නම් මං ගොඩක්ම කැමති එකක්. ගබිමරුගෙ පෞරුෂය කොහොමද කියල මේ එපියෙන් හරි ලස්සනට උලුප්පලා පෙන්නනවා. අද කොටසෙදි “මෙයි”ට ලොකු අකරතැබ්බයක් වෙන්න යනවා. ඉතින් ඇයව ආරක්ෂා කරන්න ගබිමරු කරන සටනට තමා මේ එපිය වැඩි බර තැබීමක් කරන්නෙ. ඒ වගේම කියන්න ඕනේ මේ කොටසෙදි ගබිමරු විශේෂ හැකියාවකුත් ලබාගන්නවා කියල. එහෙනම් වැඩි දෙයක් කියන්නෙ නැතුව ඔයාලටම දෙන්නම් මොකද වෙන්නෙ කියල බලන්න. පුලුවන් ඉක්මනින් 12වෙනි එපිය හා හමුවෙමු.
අද කතාංගය – Weak and Strong
Imdb අගය – 8.5
අධ්‍යක්ෂණය – Yasuhiro Geshi
විකාශය වූ දිනය – 2023 ජූනී 17
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
2,849 downloadsDownload Jigokuraku-S01E11.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku S01 Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Season 1 Sinhala subtitles
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Anonymous
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S01 : E11] Sinhala Subtitles | රකුසු වෙසින් ආ කාමාතුරයින්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Hells-Paradise-S01-a.jpg)



Thanks jayawewa...!
!