බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 10වෙනි කොටසෙ සිංහල උපසිරසි හා සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. මුලින්ම කියන්න ඕනේ මේ Hell’s Paradise කියන්නෙ ටිකක් සටන් පැත්තට බර ඇනිමේ එකක් කියල. මේක බලන ඔයාලා ඒ කාරණය හොඳටම දන්නවා. නමුත් මේ ඇනිමේ එකේ යම් දාර්ශනික පදනමකුත් තියෙනවා…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 10වෙනි කොටසෙ සිංහල උපසිරසි හා සමඟයි ඔයා මේ එකතු වෙන්නෙ. මුලින්ම කියන්න ඕනේ මේ Hell’s Paradise කියන්නෙ ටිකක් සටන් පැත්තට බර ඇනිමේ එකක් කියල. මේක බලන ඔයාලා ඒ කාරණය හොඳටම දන්නවා. නමුත් මේ ඇනිමේ එකේ යම් දාර්ශනික පදනමකුත් තියෙනවා කියල කියන්න ඕනෙ. ඉතින් මින් ඉදිරියට මේක බලාගෙන යද්දී ඒ සංකල්ප ගැන යම් දැනුමක් තියෙන එකත් ඔයාලට වැදගත්. ඉතින් අද එපියෙත් මෙන්න මේ කියන දාර්ශනික සංකල්ප ගැන පොඩි කතිකාවක් යනවා. ඒ වෙලාවට ඔයාලා හොල්මන් වෙයි කියල හිතලා තමයි පොඩි පැහැදිලි කිරීමක් මේ රූප සටහන් සමඟම කරන්නෙ. ඉතින් මේ දේවල් කියවලා බලලම යනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. මොකද ඒක මේ කතාව අවබෝධය වෙනුවෙන් ගොඩක් පහසුවක් වේවී කියල මං හිතනවා. ඇත්තටම Hell’s Paradise කියන්නෙ සෑහෙන Advance ඇනිමේ එකක්. මේක නිර්මාණය කරන “Yuji Kaku සෙන්සෙයි” මේ දාර්ශනික පදනම් ගොඩක් ගැඹුරෙන් අධ්‍යයනය කරලා ඇනිමේ එකට උකහාගෙන තියෙනවා කියල පේනවා.

යින් සහ යැං ( Yin and Yang )

මේක යින් සහ යැං නැතිනම් යින් සහ යාන්ග් කියලත් උච්චාරණය කරනවා. දෙකේම වරදක් නෑ. නමුත් ප්‍රසිද්ධම උච්චාරණය තමයි යින් සහ යැං කියන එක. මේ යින් සහ යැං කියන සංකල්පය, පුරාණ චීනයේ වාසය කළා යැයි කියන “ලා ඔට්සේ” නම් චීන පඬිවරයා විසින් හෙළිකරපු ඉතාමත් ගැඹුරු දර්ශනයක් වෙන “තාඕවාදය” තුළ ඉගැන්වෙන මූලිකම හා ප්‍රධානම සංකල්පයක් වෙනවා. Hell’s Paradise ඇනිමේ කතා මාලාව තුළ මින් ඉදිරියට මේ “තාඕ” කියන වචනය ඔයාලට නිතරම ඇහෙයි. ඇනිමේ එකේදී මේ තාඕ කියන්නෙ එක්තරා විදිහක ශක්තියක් හඳුන්වන නාමයක්. නමුත් “තාඕවාදය” කියන්නෙ ඉතාමත් ගැඹුරු චීන දර්ශනයක් කියල ඔලුවෙ තියාගෙන ඉන්න.

ඉතින් ආපහු යින් සහ යැං වලටම ආවොත්, මේ යින් යැං කියන්නෙ චීන සටන් කලාව, චීන වෙදකම සහ චීන ගෘහ නිර්මාණ ශිල්පය හා ගොඩක් තදින් බද්ධවෙලා තියෙන දෙයක්. පුරාණ තාඕ ඉගැන්වීම්වලට අනුව අහසෙහි ඉන්න දෙවියන් මේ පොළව මවලා තියෙන අතරම, ඒ අනුව ඊට ප්‍රතිවිරුද්ධ සියලුම දේ පහළ උනා කියල කියනවා. මේ යින් යැං වල සරලම තේරුම ගත්තොත් රළුබව සහ මෘදුබව කියන දේ තමයි අන්තර්ගත වෙන්නෙ. ඒ කියන්නෙ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේ කියන එක. අහසෙ ප්‍රතිවිරුද්ධ දේ වෙන්නෙ පොළව. ඒ වගේම ස්ත්‍රිය සහ පුරුෂයා මේ යින් යැං තුළ අන්තර්ගත වෙනවා කියලත් කියනවා. ස්ත්‍රිය යින් සංකල්පයට අනුරූප වෙනකොට පුරුෂයා යැං සංකල්පයට අනුරූප වෙනවා. මෙන්න මේ යින් යැං හි ස්වාභාවය හා පිහිටීම පෙන්වන රෑප සටනහ “තායී ජී රූප සටහන” ලෙස හඳුන්වනවා.


තායී ජී රූප සටහන

ඉතින් මේ සටහන අධ්‍යයනය කරලා බැලුවොත්, කළු පැහැති කොටස මඟින් යින් සහ සුදු පැහැති කොටස මඟින් යැං අදහස් වෙනවා. ඒ වගේම මේක චලනය වෙනවා. ඒ කියන්නෙ කැරකෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ මේ ශක්තීන් දෙකම නොනවත්වා එකිනෙක හඹා යනවා කියන එකයි. එකම වෘත්තයක මේ ශක්තීන් දෙකම නිරූපණය කරල තියෙන එකෙන් අදහස් කරන්නෙ, මේ ලෝකයේ තියෙන සෑම දෙයකම මේ ශක්තීන් දෙකම අන්තර්ගත වෙනවා කියන එකයි. ඒ වගේම ඔයාලට පේනවා ඇති සුදු කොටසේ කුඩා කළු තිතක් සහ කළු කොටසෙ කුඩා සුදු තිතක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ යින් තුළ යැං සහ යැං තුළ යින් අන්තර්ගත වෙන බව. ඒ කියන්නෙ රළුබව තුළ මෘදුබවත්, මෘදුබව තුළ රළුබවත් අන්තර්ගත වෙනවා කියන එකයි.

• සඳු ( යින් ) – හිරු ( යැං )
• සීතල ( යින් ) – උණුසුම ( යැං )
• මෘදු ( යින් ) – රළු ( යැං )
• අඳුර ( යින් ) – ආලෝකය ( යැං )
• මරණය ( යින් ) – ජීවිතය ( යැං )
• නෑ ( යින් ) – ඔව් ( යැං )
• පහළ ( යින් ) – ඉහළ ( යැං )
• ගැහැණු ( යින් ) – පිරිමි ( යැං )
• සිසිරය ( යින් ) – ගිම්හානය ( යැං )

ඉහත සටහන බැලුවනම් එකිනෙක ප්‍රතිවිරුද්ධ දේ යින් සහ යැං වෙන්නෙ කොහොමද කියල තේරෙනවා ඇති.

අෂ්ඨ ත්‍රීරූපක ( Eight Trigrams ) සහ පංච මූල ධාතු ( Five Elements ) : –

යින් සහ යැං ඇරුනාම තාඕවාදයෙ එන තවත් ඉගැන්වීමක් තමයි මේ “අෂ්ඨ ත්‍රීරූපක” සහ “පංච මූලධාතු” කියන්නෙ. මේ න්‍යායට අනුව ලෝකයෙ තියෙන සෑම දෙයක්ම ත්‍රීරූපකවලට සහ මූල ධාතුන්වලට බෙදෙනවා.

අෂ්ඨ ත්‍රීරූපක : –

• ක්විආන් ( Qian )
• ඩුයි ( Dui )
• ලී ( Li )
• සෙන් ( Zhen )
• සුන් ( Xun )
• කාන් ( Kan )
• ගෙන් ( Gen )
• කුන් ( Kun )

පංච මූල ධාතූන් : –

• ලෝහ ( Metal )
• දැව ( Wood )
• ජලය ( Water )
• ගින්න ( Fire )
• පස් ( Earth )

අෂ්ඨක ත්‍රීරූපකවල නොකැඩුණු ඉර මඟින් (—) යැං සහ කැඩුණු ඉර මඟින් (- -) යින් නිරූපණය වෙනවා. මේ වගේ රේඛා තුනක් එකතු වෙලා තමයි එක් ත්‍රීරූපකයක් හැදෙන්නෙ. ඒ වගේ විවිධ ත්‍රීරූපක 8ක් තියෙන නිසා තමයි “අෂ්ඨ ත්‍රීරූපක” විදිහට හ‍‍ඳුන්වන්නෙ. මේ අෂ්ඨ ත්‍රීරූපකවල විශේෂ සැලසුම තමා පහත තියෙන්නෙ.


අෂ්ඨ ත්‍රීරූපකවල විශේෂ සැලැස්ම

මේ ත්‍රීරූපක පිහිටන්නෙ අට දිසාවට අනුවයි. ඒක සකස් වෙන්නෙ පහත විදිහට…

• උතුර ( කාන් )
• ඊශාන ( ගෙන් )
• නැගෙනහිර ( සෙන් )
• ගිණිකොණ ( සුන් )
• දකුණ ( ලී )
• නිරිත ( කුන් )
• බටහිර ( ඩුයි )
• වයඹ ( ක්වීආන් )

මේ අනුව මෙන්න මේ අට දිසාවට යටත්ව මේ ත්‍රීරූපක අට අර ඉහත කිව්ව යින් සහ යැං වටා පිහිටනවා. ඒ සටහන අෂ්ඨ ත්‍රීරූපකවල ලාක්ෂණික සැලසුම විදිහටයි හ‍ඳුන්වන්නෙ.


අෂ්ඨ ත්‍රීරූපකවල තායී ජී රූප සටහන

මෙන්න මේ රූපය ඔයාලා Hell’s Paradise ඇනිමේ එකේ දකින්න ඇති. මේ රූපයේ එක් එක් ත්‍රීරූපක එකේ ප්‍රතිවිරුද්ධ ත්‍රීරූපකයටයි මුහුණලා තියෙන්නෙ. ඒ රේඛාවල යින් සහ යැං ප්‍රතිවිරුද්ධ විදිහට තියෙන නිසා අනූපූරක යුගල විදිහට හ‍‍ඳුන්වනවා. මේ සැලසුම ගොඩක් ස්ථායී එකක්. ඒ වගේම සමබර එකක්. මේ ලෝකයෙ සියලුම දේවල් මීට අනුකූලවයි තියෙන්නෙ. ඒ වගේම එක් එක් ත්‍රීරූපකවල තියෙන යින් සහ යැං ප්‍රමාණය කොච්චරද කියල ත්‍රීරූපක සටහනෙන් පෙන්වනවා. සරලවම කිව්වොත් මේ විශ්වයේ බල ගලායාමක් තමයි මේ සටහනෙන් පැහැදිලි කරන්නෙ.

ඒ වගේම ඉහත කිව්ව පංචමූල ධාතුත් මේ ත්‍රීරූපකවලට ආරෝපණය වෙනවා. පහත තියෙන සැකැස්ම දිහා බලලා ඔයාලට පුලුවන් මේ රූප සටහන් අනුව එක් එක් මූලධාතු යින් සහ යැං වටා පිහිටන්නෙ කොහොමද කියල හොයාගන්න…

ලී – ගින්න
කුන් – පස්
ඩුයි – ලෝහ
ක්විආන් – ලෝහ
කාන් – ජලය
ගෙන් – පස්
සෙන් – දැව
සුන්- දැව

රළුබවින් මෘදුබවත්, මෘදුබවින් රළුබවත් පරාද කළ යුතුයි. රළුබව තුළ මෘදුබව හා මෘදුබව තුළ රළුබව අන්තර්ගතයි. මෙන්න මේ කියන යින් යෑං සංකල්පය බුදු දහමේ අපි අහලා තියෙන “මැදුම් පිළිවෙත” නැතිනම් “මධ්‍යම ප්‍රතිපදාව” හා සම දෙයක් කියල කියන්න ඕනෙ.

ඉතින් මෙන්න මේ වගේ දාර්ශනික පසුබිමක් Hell’s Paradise තුළ අන්තර්ගත වෙනවා. ඇනිමේ එකේ ඉදිරියට මේ දේවල් පැහැදිලි වෙනවා. එතකොට මේ උඩ තියෙන විස්තරවල දැනුවත් බව ගොඩක් වැදගත්. ඉතින් මේ විස්තර ඔලුවෙ තියාගෙන ඉන්න එක Hell’s Paradise බලද්දි වටිනවා කියන එක ඉදිරියට ඔයාට තේරෙයී… 😜

පසුගිය මතකයන් –

ඉක්මනින්ම සෙන්යකූ සොයාගෙන මේ දූවෙන් පිටමං වීමේ අරමුණින් ගබිමරු කාටත් නොකියා හොර රහසේම හෝරායීවලට පිටත් උනා. හෝරායී පිවිසුම ළඟදී තෙන්සව මරාදාපූ අර අමරණීයයා හා ගබිමරු තියුණු සටනක නියැලුණා. නමුත් පරාදය එළිපත්තෙ හිටපු ගබිමරුව, මෙයි විසින් තමයි බේරගන්නෙ. මේ අතරෙ සගිරි, යුසුරිහා, සෙන්තා සහ හෝකෝ ගබිමරු සහ මෙයිව සොයමින් හෝරායීවලට ගමන් කරනවා. ඉතින් හෝකෝ තවත් වැදගත් තොරතුරු අනාවරණය කළා මතක ඇතිනේ. මේ දූවේ වසර ගණනාවකට පෙර මිනිස් වාසයක් තිබුණා සහ ඔවුන්ට මොකද උනේ කියන එක. ඒ වගේම තෙන්සෙන් සමා කියන්නෙ එක් අයෙක් නොව, තාපසයින් හත්දෙනෙක් කියලත් ඔයාලා දැන් දන්නවනේ. මේ අතරෙ අමරණීයයා හා සටන් කරලා දිවි බේරගත්තු ගබිමරු, තවත් අපරාධකාරයෙක් වෙන “තමියා ගන්තෙත්සුසායී” හට මුණ ගැහෙනවා. ඉතින් එතනින් පසුවට මොකද වෙන්නෙ කියල මේ එපියෙන් බලාගන්න.

අද කතාංගය – Yin and Yang
Imdb අගය – 7.8
අධ්‍යක්ෂණය – Taro Kubo
විකාශය වූ දිනය – 2023 ජූනි 10

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

4,935 downloadsDownload Jigokuraku-S01E10.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,935 downloadsDownload Subtitles18 KB

7 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Anonymous

    anith tikath ona ikmanata

  3. chamath

    anith tikath ona

    1. Hirun

      ඉතුරු ටික danne නැද්ද... Ikmanta ona

  4. Devil

    සබ් එකට තෑන්ක්ස් බොසා.. ඉතුරු ටිකත් දෙමු ඉතින්.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති