බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා! එහෙනම් මේ සූදානම මේ වසරේ විකාශය වුණු තවත් සුපිරිම ඇනිමේ කතා මාලාවක් වෙන Hell’s Paradise: Jigokuraku හී අවසාන කොටස සඳහා උපසිරසි ලබා දෙන්නයි. කතා මාලාව විකාශය අවසන් වෙලා දැන් මාස දෙකකටත් කිට්ටු වෙන්න එනවා. ඇත්තටම මේ තරම් ප්‍රමාද වීම ගැන මං හැම…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා! එහෙනම් මේ සූදානම මේ වසරේ විකාශය වුණු තවත් සුපිරිම ඇනිමේ කතා මාලාවක් වෙන Hell’s Paradise: Jigokuraku හී අවසාන කොටස සඳහා උපසිරසි ලබා දෙන්නයි. කතා මාලාව විකාශය අවසන් වෙලා දැන් මාස දෙකකටත් කිට්ටු වෙන්න එනවා. ඇත්තටම මේ තරම් ප්‍රමාද වීම ගැන මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කොහොමහරි වැඩේ අවසානයක් දකින්න ලැබුණු එක ගැන මමත් ගොඩක් සතුටින් ඉන්නෙ. එහෙනම් කලින් කොටසෙ මොකද උනේ කියල බලලා මේ අවසන් කොටසෙ මොකද වෙන්නෙ කියල අපි බලමු.

පසුගිය කොටසින් –

රහසේම පිටත් වුණු ගබිමරුව සොයාගැනීමේ අරමුණ ඇතුව සගිරි, යුසුරිහා, සෙන්තා සහ හෝකෝ හෝරායී වෙතට ගමන් කරන්න පටන් ගන්නවා. ඔවුන් හෝරායී ද්වාරය විවර කරනකොටම තෙන්සෙන් සමා කියන හත් දෙනාගෙන් එකෙක් වෙන “ෆුකූ ජුකුන්” මඟ රැකගෙන ඉන්නවා. සගිරි ඇතුළු පිරිස එක්ක වුණු සංවාදයෙදී මූ කියනවා “ෆුරෝෆුෂි නෝ සෙන්යකූ” කියල අමරණීයත්වය ලබා දෙන්න පුලුවන් කිසිම දෙයක් නෑ කියල. ඉතින් එහෙම දෙයක් නැත්නම් ගබිමරුට සමාව අරගෙන නැවතත් ඔහුගෙ බිරිඳ හා එකතුවීම පිළිබඳව ලොකු ගැටලුවක් පැනනඟිනවා. සගිරි ඒ කාරණය ගැන දැන් ගොඩක් වදවෙනවා. ඉතින් මේ අමරණීයයා මේ කිසිම කෙනෙකුට පැනලා යන්න නොදෙන නිසා යුසුරිහාගෙ මූලිකත්වයෙන් ඔන්න සටන් කරන්න පටන් ගන්නවා. මතක ඇති නේද කොහොමද ඒ මාරක සටන උනේ කියල. අපිට යුසුරිහාගෙත් හැකියාවන් දකින්න ලැබුණා. කොහොමහරි හෝකෝගෙත් සහය ඇතිව මහත් පරිශ්‍රමයකින් සගිරි මේ අමරණීයයාට මාරක පහරක් දෙනවා. නමුත් එයිනුත් වැඩක් වෙන්නෙ නෑ. මේ අමරණීයයා දැන් උගෙ “කිෂිකායී” ස්වරූපයට ඇවිල්ලා ඉන්නෙ. ඒ වගේම යුසුරිහා ඉලක්ක කරලා එල්ල කරපු පහරක් මැද්දට සෙන්තා පැන්න නිසා ඔහුට මොකද උනේ කියලත් මතක ඇතිනෙ? 🤧 කරකියාගන්න කිසිම දෙයක් නැතුව ඉන්නකොටයි මේ සටනට “ෂියෝන්” එකවරම එකතු වෙන්නෙ. 🔥

අද කොටසින් –

ඉතින් අද කොටසින් අපිට බලාගන්න පුලුවන් ෂියෝන් මේ මළ යකාට එදිරිව කරන සටන මොනවගේද කියල. මූව ඉවරයක් කරලා දාන්න ඔහුට පුලුවන් වෙයිද? ඒ කියන්නෙ අමරණීයයෙක්ව මරලා දාන්න පුලුවන් වෙයිද? බලලම පිළිතුරු හොයාගන්න එහෙනම්.

“Yuji Kaku සෙන්සෙයි” විසින් නිර්මාණය කරපු Hell’s Paradise මන්ගා එක මූලාශ්‍ර කරගෙන පෙරළිකාර Mappa Studio ව අතින් තමයි අපිට ඇනිමේ එක මේ විදිහට ලැබෙන්නෙ. Jujitsu Kaisen, Chainsaw Man සහ මේ Hell’s Paradise ඇනිමේ නිර්මාණය වීම එක්ක The Dark 3 ඇනිමේ ලෙස නිර්මාණය වීම සම්පූර්ණ වෙනවා. ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියෙ මේ තුනටමත් දැන් සිංහල උපසිරසි තියෙනවා.😇 ඉතින් Hell’s Paradise දෙවෙනි සීසන් එකත් දැන් නිවේදනය කරලා තියෙනවා. හැබැයි නිකුත් වෙන දිනයක් ගැන සඳහනක් නෑ. කොහොමහරි ඉතින් ඒ නිකුත් වුණු දවසටත් මේ විදිහටම උපසිරසි දෙන්නම්. ඉතින් ඔන්න මං Hell’s Paradise වලට තිත තියනවා. තවත් ඇනිමේ එකකින්ම ඉක්මනින් හමුවෙමු෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

2,851 downloadsDownload Hells-Paradise-Jigokuraku-S01E13.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,851 downloadsDownload Subtitles17 KB

9 comments

  1. [email protected]

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ, මුළු සීරිස් එකටම සුපිරියට සබ් හදලා තිබ්බා..

  2. Anishka

    Thnks bosa

  3. Anishka

    Thnaks bosa

    1. dilshan buddika

      Supiri session 2 enakam apith balagena inne ❤️

  4. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තූතියි සහෝ මේ සුපිරි ඇනිමේ එකට සබ් ගෙනාවට. තවත් සුපිරි කතා ටිකක් ගේමු ඉස්සරහට. ජයවේවා!

  5. Anuja Lakshitha

    thanks saho sub ekt

  6. Anonymous

    Thanks jayawewa.....!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති