හුදෙක් පිරිසක් විසින් දොස් පවරණ අතරතුරම, තවත් පිරිසකට වීරවරුන් පිරිසක් දායද කරන ලද, ලෝක ඉතිහාසයේ දෙවන විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර ෆුකුෂීමා ඩායිචි න්‍යෂ්ටික බලාගාරය… 21වන සියවස ආරම්භයේදී සිදුවූ විශාලතම පාරිසරික ව්‍යසනයන්ගෙන් එකක් වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුර න්‍යෂ්ටික සිදුවීම් පරිමාණයෙන් හත…

හුදෙක් පිරිසක් විසින් දොස් පවරණ අතරතුරම, තවත් පිරිසකට වීරවරුන් පිරිසක් දායද කරන ලද, ලෝක ඉතිහාසයේ දෙවන විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර ෆුකුෂීමා ඩායිචි න්‍යෂ්ටික බලාගාරය…

21වන සියවස ආරම්භයේදී සිදුවූ විශාලතම පාරිසරික ව්‍යසනයන්ගෙන් එකක් වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුර න්‍යෂ්ටික සිදුවීම් පරිමාණයෙන් හත්වන මට්ටමේ විකිරණ අනතුරකට අයත් වේ. න්‍යෂ්ටික බලාගාරය 2013 අවසානයේ වසා දමන ලද අතර, අද දක්වාම, අනතුරේ ප්‍රතිවිපාක තුරන් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු වන අතර, අවම වශයෙන් අවුරුදු 40 ක් වත් ගතවනු ඇත.

2011 මාර්තු 11 වන දින ජපානයට බලනපාන ලද භූකම්පණය හා ඉන් පසු ආ සුනාමියෙන් සෙන්දායි නගරයම විනාශ වී දැවන්ත ව්‍යසනයක් සිදු වුවද මුළු ලෝකයේම අවධානය යොමු වුනේ තවත් අන්තයක තිබූ ෆුකුෂීමා න්‍යෂ්ටික විදුලි බලාගාරය වෙතටයි. ඒ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ ඒත් සමඟම සිදුවූ න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ දැවැන්ත පිපුරුම් මාලාවටයි.

දැවැන්ත ව්‍යසනයට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ Tōhoku භූමිකම්පාව සහ සුනාමිය මෙන්ම ආරක්ෂක දෝෂ සහ නොසැලකිල්ලයි. භූමිකම්පාව බලගතු සුනාමියක් ඇති කළ අතර මීටර් 13 සිට 14 දක්වා උස රළ න්‍යෂ්ටික බලාගාරයේ හදිසි ඩීසල් උත්පාදක යන්ත්‍රවලට හානි කරමින් බලාගාරය යට කර දැමීමට සමත් වීය. මෙම අනතුර මුලින් පස්වන මට්ටම ලෙස වර්ගීකරණය කිරීමෙන් පසු ජාත්‍යන්තර න්‍යෂ්ටික සිදුවීම් පරිමාණයේ (INES) හත්වන මට්ටම ලෙස වර්ගීකරණය කර ඇත.

මෙම භූකම්පණය 2011 මාර්තු 11 සිකුරාදා දින ජපාන වෙලාවෙන් 14:46 ට ප්‍රධාන ගොඩබිමට කිලෝමීටර් 72 පමණ නැගෙනහිරින් පැසිෆික් සාගරයේදී හටගන්නක් විය. විදුලි බලාගාරයේ ආරක්ෂාව උදෙසා භූකම්පනය හඳුනාගත් විගසම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක අක්‍රීය කරමින් බලාගාරය Shut Down තත්වයට පත්කිරීම මෙහිදී සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වී ඇත. මෙම වසා දැමීම නිසාවෙන් ප්‍රධාන විදුලි ජනනය ඇණහිටීම හේතුවෙන් ප්‍රතික්‍රියාකාරක සිසිලන පද්ධති සඳහා විදුලි සැපයුම ඇණහිටින අතර ඒවායේ හදිසි ඩීසල් ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම පසුව සිදු කරණු ලබයි. ප්‍රතික්‍රියාකාරක හරය සිසිලනය කරණු ලබන පොම්ප ක්‍රියා කරවීම සඳහා මෙම බල සැපයුම් අතිරේක ලෙස යොදා ගනී.

කෙසේ වෙතත් භූකම්පනයෙන් පසු පැමිණි සුනාමිය බලාගාරයේ මුහුදු පවුර හරහා ගොස් ප්‍රතික්‍රියාකාරක ඒකක 1 සහ 4 සම්පූර්ණයෙන්ම යට කර දැමීමට සමත් විය. මෙම ජල්ගැල්ම නිසා හදිසි ඩීසල් ජෙනරේටර්ද ක්‍රියා විරහිත වීම සිදු විය.‍ ප්‍රතික්‍රියාකාරක මධ්‍ය සිසිලනය අහිමි වීම නිසා ප්‍රතික්‍රියාකාරක ඒකක 1,2 සහ 3හි අභ්‍යන්තර න්‍යෂ්ටික හායනයන් සිදුවී මාර්තු 12 සහ 13 යන දිනයන්වලදී හයිඩ්‍රජන් පුපුරුම් කිහිපයක්ම සිදු කරමින් විකිරණශීලී අපද්‍රව්‍ය වලාවන් ගුවනට මුසු වීම අරම්භ වුණි.

අනතුරින් දින කිහිපයකට පසුව වායොගෝලයට මුදාහැරෙන ලද විකිරණ හේතුවෙන් බලාගාරය වටා විශාල ඉවත් කිරීමේ කලාපයක් රජය විසින් ප්‍රකාෂයට පත් කරවන ලදී. එය කිලෝමීටර් 30ක පමණ අරයක් සහිත ඉවත් කිරීමේ කලාපයකින් අවසන් විය. මේ විකිරණ ආපදාව නිසාවෙන් බලාගාරය අවට පදිංචිකරුවන් 110,000ක් පමණ ප්‍රජාව ඉවත් කරවීමට ඔවුනට සිදුවිය.

සුනාමිය හේතුවෙන් විකිරනශීලී අපද්‍රව්‍ය වලින් දූෂිත ජලය විශාල පරිමාවක් පැසිෆික් සාගරයට එක් වීමද සිදු වී ඇත. බලාගාරය සඳහා අයඩීන් හා සිසීයම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ලෙස යොදාගෙන ඇත. පාරිසරික විකිරණශීලීතා ආයතනයේ විකිරණශීලී සමස්ථානික භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මිචියෝ අයෝමා ඇස්තමේන්තු කර ඇති පරිදි විකිරණශීලී caesium-137 සමස්ථානික 18,000TBq ක් පමණ අනතුර අතරවාරයේදී සාගරයට මුසුවී ඇත. සහ ඉන් පසු 2013 සිට දෛනිකව 30GBqක පමණ විකිරණශීලී caesium-137 සමස්ථානික සාගරයට තවමත් එක්වන බව තක්සේරු කර ඇත.

ටෝකියෝ විදුලි බල සමාගම (TEPCO) විසින් බලාගාරයේ න්‍යෂ්ටික ඉන්ධන ඉවත් කිරීම සිදු කරන අතර 2014 අවසානයේදී 4වන ප්‍රතික්‍රියක ඒකකයෙන් න්‍යෂ්ටික ඉන්ධන එසෙම්බ්ලි 1535ක් ඉවත් කරල ලද අතර 2021 වන විට 3වන ඒකකයෙන් එසෙම්බ්ලි 566ක් ඉවත් කරන ලදී. TEPCO ආයතනය විසින් 2031 වන විට ඒකක 1,2,5 සහ 6හි සියළුම ඉන්ධන දඬු ඉවත් කරගැනීමටත්, 2040 හෝ 2050 වන විට 1,2 සහ 3හි ප්‍රතික්‍රියක සුන්බුන් කොටස් ඉවත් කිරීමටත් සලසුම් සකස් කර ඇත. සහ බලාගාරය අවට පරිසරය පිරිසිඳු කිරීමේ වඩසටහන සඳහා අඛණ්ඩවම වසර 30-40 දක්වා කාලයක් වැයවණු ඇති බවද සඳහන් කර තිබෙනවා.

ව්‍යසනයේ සෞඛ්‍ය බලපෑම් සම්බන්ධයෙන් දිගින් දිගටම මතභේද පවතින අතර, UNSCEAR (United Nations Scientific Committee on the Effects of Atomic Radiation) හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2014දී වාර්ථාවක් මඟින් අනතුරෙන් පසු උපදින ළදරුවන් ගබ්සාවීම්, මළ දරු උපත් හෝ මානසික ආබාධයන්ගේ වැඩිවීමක් තවදුරටත් සිදු නොවන බවට වාර්ථා කොට තිබෙනවා.

2012 ජූලි 5 වන දින ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරු ස්වාධීන විමර්ශන කොමිසම (NAIIC) අනතුරට හේතු පුරෝකථනය කළ හැකි බවත්,බලාගාර ක්‍රියාකරු වන Tokyo Electric Power Company (TEPCO) සමාගම විසින්,

  • මූලික ආරක්ෂාව සපුරාලීමට අපොහොසත් වී ඇති බව.
  • බලාගාරය සඳහා අවදානම් තක්සේරුව නිසිපරිදි සිදු නොකිරීම.
  • මූලික ආරක්ෂක අවශ්‍යතා පිළිබදව අවධානය නොදැක්වීම
  • නියමිත ඉවත්කිරීමේ සලසුමක් ක්‍රියාත්මක නොකිරීම. ආදිය හේතුකොට ඇතිබව පෙන්වා දී ඇත.

ජපානයේ සමස්ථ විදුලි අවශ්‍යතාවයෙන් 30% පමණ සපයනු ලබන්නේ න්‍යෂ්ටික බලාගාරයන් මඟිනි. ෆුකුෂිමා යනු එම බලාගාර ගොන්නෙන් එකක් පමණි. අනතුරෙන් පසු ජපානය තුල සක්‍රීය සියළුම න්‍යෂ්ටික බලාගාර අක්‍රීය කිරීමට යටයුතු යෙදුණි.

බලාගාරය අක්‍රීය කිරීමෙන් පසු සියළු සේවකයන් එයින් ඉවත් කිරීමට කටයුතු සිදු කළද, පසුව අනාවරණය වූ පරිදි ඔවුන් නැවත රාජකාරියට පැමිණ සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා කටයුතු යොදමින් සිට ඇත. පසුව නිකුත් වූ වාර්ථාවලින් දෙවන පිපිරීමෙන් පසු වායොගෝලයට එක්වූ විකිරණ ප්‍රමාණය සඑක් සාමාන්‍ය පුද්ගලයෙක් වසරක් තුළ නිරාවරණර විය හැකි විකිරණ ප්‍රමාණය මෙන් 8 ගුණයක් පමණ වන බව ප්‍රකාශ කොට ඇත.

ජර්මනියද මේත් සමඟම ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාරයන් 7ක්ම වසා දමා ඒවාද නැවත පරීක්ෂාකිරීම් මේ අතරතුර සිදුකෙරිණි. එමෙන්ම තායිලන්තයද තම රටේ ඉදිකිරීමට නියමිත න්‍යෂ්‍යටික බලාගාරයන්ද හකුලා දමන බවට නිවේදනය කර තිබුණි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියට අනුව චර්නොබිල් තරම් බිය වීමට ෆුකුෂීමා බලාගාරය හේතු නොවන බව පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ලෝකයම තම න්‍යෂ්ටික බලාගාරයන්ගේ ආරක්ෂාව උදෙසා පරීෂණ කටයුතු නැවත වතාවක් සිදු කරවීමට බල කරවිමට මෙම ව්‍යසනය හේතුකාරී විය.

අවසානයේදී මෙම න්‍යෂ්ටික බලාගාර ව්‍යසනයෙන් සහ සුනාමි තත්වයෙන් සමස්ථයක් ලෙස බිලියන 49ක පමණ දැවැන්ත අලාභයක් වගේම වටිනා මිනිස් ජීවිත 19,759ක් අහිමි වී ඇති බවට තක්සේරු කර ඇත. තවත් 6,617 දෙනකු තුවාල ලබා ඇත. උපද්‍රවයෙන් මියගිය අයගෙන් බහුතරයක් සුනාමි රළට ගොදුරු වූවන් වී ඇත.

ඉතිං මේ ව්‍යසනය පාදක කරගෙන නිර්මානය වුණු මේ කතාමාලාව කොටස් 8කින් අවසන් වෙනවා. මිනි සිරීස් එකක් වුන මේ කතා මාලාව IMDB දර්ශකයත් 7.2කට කරකවන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Rotten Tomatoes දර්ශකයෙත් 71% ප්‍රතිශතයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. 2023දි නිකුත් වුන කතා මාලාව මේ වෙනකොට විකාශනය අවසන් වෙලයි තියෙන්නෙ. ඉතිං පුළුවන් ඉක්මණින් මම ඉතිරි කථාංග කිහිපයත් අරගෙන එන්නම්. අද දවසෙ කතාංගයෙන් බලාගාරයට මුහුණදීමට සිදුවූ හදිසි භූකම්පණ තත්වය හා සුනාමි තත්වය ඒ අදාල පසුබිම ඔයාලට දැනගන්න පුළුවන්.

ඒ වගේම Chernobyl 2019 කතා මාලාව වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරපු හසන්ත වික්‍රමරත්න සොහොයුරාගෙ ලිපියත් මෙතනින් කියවල ඒ කතාමාලවත් බලන්න අමතක කරන්න එපා…

ඉක්මණින්ම හමුවෙමු…….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,076 downloadsDownload The.Days_.2023.-S01E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

4,076 downloadsDownload Subtitles20 KB

10 comments

  1. Bimsara Yashan(ඔලිව)

    මේ කතා මාලාවට උපසිරැසි ගේන එක නම් බොහොම වටිනවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට වගේම මේ සවිස්තරාත්මක ලිපියටත්. ජයවේවා!

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    දවසින් දවස ආයෙත් අලුත් අය අපි එක්ක එකතු වෙනවා දකින්න ලැබීම සතුටක් :)

  3. Sanath Indika

    Thx for sub

  4. Lahiru Bandara

    සුපිරි මෙවන කතා. මෙ ටයිප් එකෙ කතා බලන්න පට්ට ආසයි මම නම්. සුපිරි ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න. ඔක්කොම ටික බාන ගමන් මෙ.

    1. dhanushka sanjaya

      torrent down karanne koin da please?

  5. Buddhika Lakmal

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං.. පළවෙනි සබ් එකම දීලා තියෙන්නේ පට්ටම සීරිස් එහෙකට....
    වෙලාවක් තියෙන වෙලාවකට තවත් උපසිරැසියක් කරල ගේන්න....
    කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේවා...
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Manu

    Godak sthuthi..Jaya wewa!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.