Watch Trailer

Hell’s Paradise: Jigokuraku [S02 : E12] Sinhala Subtitles | අවසානයේ ආරම්භය [සිංහල උපසිරසි]

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 12 වන කොටස හෙවත් අවසාන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ කියන්නෙ මේ කොටසකින් Hell’s Paradise Season 2 නිමා…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles

එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 12 වන කොටස හෙවත් අවසාන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ කියන්නෙ මේ කොටසකින් Hell’s Paradise Season 2 නිමාවට පත් වෙනවා.

පැන යාමේ මාර්ගය සුරක්ෂිත කිරීම සහ ජීවයේ අමෘතය ලබා ගැනීම කියන ඉලක්ක දෙක අනුව ගබිමරු ප්‍රමුඛ බෙදිල ගිය මුළු කණ්ඩායමම එක් එක් ටෙන්සෙන්වරු එක්ක සටන් කරල ටෙන්සෙන්වරුන්ව පැරැද්දුවා. සගිරි සහ මෙයි තවත් එක ටෙන්සෙන්වරයෙක් ළඟ නතර වෙලා සටන් නොකර කරබාගෙන ඉන්නවා. ඒ අතරේ කවුරුවත් හිතපු නැති විදිහට කතාවේ මැදදි මේ දූපතට ගොඩබැහැපු නින්ජාවරු ප්‍රමුඛ අසයිමොන්වරු දූපතේ ඉන්න රාක්ෂයො එක්ක ගබිමරු ඇතුළු පිරිස මැදිවෙලා ඉන්න සටනට කඩා පාත් වෙනවා.

ඉතින් අන්න එතන ඉඳන් මේ කතාව ඉස්සරහට යනවා. දූපතට අලුතින් ආපු කණ්ඩායම, ගබිමරු ඇතුළු කණ්ඩායම සහ ප්‍රධාන ටෙන්සෙන්වරයා ඇතුළු දූපත් රාක්ෂයො කියන කණ්ඩායම් තුන එකම සටනකට දැන් මැදි වෙනවා. හැබැයි මේ කණ්ඩායම් තුනේම අරමුණු එකිනෙකට වෙනස්. කතාවෙ අවසානයෙදි මොකද වෙන්නෙ. නරඹන්න එහෙනම් මේ අවසාන කොටස. Hell’s Paradise Season 2 මේ කොටසින් අවසාන වීමත් එක්ක මේ කතාවේ මීළඟ අදියර ගැන කිසිම නිළ තොරතුරක් මේ වෙද්දි නිකුත් කරල නෑ. මීළඟ අදියර එන කාලයක ආයෙත් Hell’s Paradise තුළින් හමුවෙමු. එතෙක් හැමෝටම Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name: Endings and Beginnings
• Released Date: 2026.03.29
• IMDB Rating: 8.9 (at 2026.04.01)

 

 

 

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

486 downloadsDownload Hells-Paradise-Jigokuraku-S02E12.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

486 downloadsDownload Subtitles16 KB

1 comment

  1. BP

    Thanks