Watch Trailer

Twisted Metal [S02 : E04] Sinhala Subtitles | සුපිරි ආයුධ සොරකම් කිරීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

Twisted Metal [S02 : E01] Sinhala Subtitles 3 වෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ ග්‍රිම්ගෙන්. මිනිහා නිකන් සොහොන් හාරලා මළසිරුරුවලින් ආත්ම උරාගන්න කෙනෙක් වගේ පේන්නේ. ඒ මළසිරුරුවලින් නිල් පාට එළියක් විහිදෙනවා අපිට පෙනුණාට, ඇත්තටම ඒක පේන්නේ ග්‍රිම්ට විතරයි. ඒ කියන්නේ මූට ඇත්තටම බලයක් තියෙනවද නැත්නම් මූට පිස්…

Twisted Metal Sinhala Subtitles

3 වෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ ග්‍රිම්ගෙන්. මිනිහා නිකන් සොහොන් හාරලා මළසිරුරුවලින් ආත්ම උරාගන්න කෙනෙක් වගේ පේන්නේ. ඒ මළසිරුරුවලින් නිල් පාට එළියක් විහිදෙනවා අපිට පෙනුණාට, ඇත්තටම ඒක පේන්නේ ග්‍රිම්ට විතරයි. ඒ කියන්නේ මූට ඇත්තටම බලයක් තියෙනවද නැත්නම් මූට පිස්සුද කියලා සැකයක් එනවා. කොහොමහරි මිනිහා තමන්ගේ පරණ මෝටර් බයික් එක හාරලා අරගෙන රේස් එකට එන්න පිටත් වෙනවා.

තරඟයට තව දවස් දෙකයි තියෙන්නේ. කට්ටිය ඔක්කොම ඩීසල් සිටි නගරෙට යන ගමන් ඉන්නේ. ක්වයට්ට තනියම සින්දු කිය කියා යන්න ඕන හින්දා ජෝන්ව ඩෝල්ෆේස්ගේ කාර් එකට පටවනවා. හැබැයි ක්වයට්ගේ කාර් එකේ ඩිකිය ඇතුළේ “මේහෑම්” කියන කෙල්ල හැංගිලා ඉන්නවා. මේ කෙල්ල කියනවා එයා සුපිරිම ඩ්‍රයිවර් කෙනෙක් කියලා. හැබැයි පස්සේ තමයි තේරෙන්නේ මේ කෙල්ලට කාර් එකක් එළවගන්නවත් බෑ කියලා. පස්සේ ඉතින් ක්වයට්ට පව් කියලා හිතිලා මේ කෙල්ලට කාර් එක එළවන්න උගන්නනවා.

ජෝනුයි ඩෝල්ෆේසුයි දෙන්නා පොඩි කාලේ ගිය “මිලේනියම් ඩ්‍රයිව්-ඉන්” සිනමා ශාලාවට යනවා පරණ මතකයන් අවදි කරගන්න. හැබැයි එතනදී මෙයාලට කෙළවෙන්න යනවා. “ඇක්සෙල්” කියන අමුතු මිනිහෙක් මෙයාලට පහර දෙනවා. ඇක්සෙල් කියන්නේ රෝද දෙකක් මැද හිර කරපු මිනිහෙක් සහ කාර් එකක් එකතු වෙලා හැදුණු හයිබ්‍රිඩ් එකක් වගේ කෙනෙක්.

මෙයාලා දෙන්නට මේ ඇක්සෙල්ව හදපු ඩොක්ටර් සීමෝව හම්බවෙනවා. මිනිහා හරි ආඩම්බරයෙන් කියනවා මිනිස්සුන්වයි කාරුයි එකතු කරලා මෙහෙම සත්තු හදන එක ගැන. කොහොමහරි මෙයාලා දෙන්නා ඒ ඩොක්ටර්ව මරලා දානවා. ඒකෙන් ඇක්සෙල්ට නිදහස ලැබෙනවා.

මේ අතරේ ග්‍රිම් ඇවිත් ඇෂ්ලිවයි ජෙරමිවයි මරලා දානවා. ක්වයටුයි මේහෑමුයි බලාගෙන ඉද්දීමයි මේක වෙන්නේ. බය වෙච්ච පාර මෙයාලා දෙන්නා සින්දු කිය කිය එතනින් පැනලා යනවා. අන්තිමේදී ඇක්සෙල්, ග්‍රිම් එකිනෙකා මුණගැහිලා සටනට ලෑස්ති වෙනවා.

අන්තිමේදී ජෝන්, ක්වයට් සහ ඩෝල්ෆේස් ආයෙත් එකතු වෙනවා. මැරුණු යාළුවන්ට ගෞරව කරලා, මෙයාලා දැන් ඩීසල් සිටි දිහා බලාගෙන ඉන්නවා. මෙයාලගේ ප්ලෑන් එක තමයි එහෙන් පට්ටම සුපිරි ආයුධයක් (Superweapon) හොයාගන්න එක.

ඉතින් මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,

අර “ඇක්සෙල්” ගේ පෙනුම නම් හරිම අමුතුයි නේද? මිනීමරුවෝ එකා එකා දැන් එකතු වෙනවා. මේ එපිසෝඩ් තුනෙන් මේ කොටස ඇත්තටම මාරම ගතියකට තියෙන, ලස්සනට ලියපු එකක්. මේකෙන් ජෝන්, ක්වයට් සහ ඩෝල්ෆේස් ඇතුළු කණ්ඩායමේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා වගේම ඉස්සරහට එන අනතුරේ බරපතළකමත් අපිට දැනෙනවා.

හැබැයි මේ එපිසෝඩ් තුනේම අපේ “ස්වීට් ටූත්” පේන්න හිටියේ නැති එක නම් මට පට්ටම ලොකු අඩුවක් වගේ දැනුනා. ඒ නිසා අර ලේ හලන මිනීමරු සීන් ටිකක් අඩු වුණා. ඒ වෙනුවට මේ පාර වැඩිපුර අවධානය දුන්නේ “ග්‍රිම්” ගේ අතීතයටයි.

තවමත් ප්‍රශ්නයක් තියෙනවා ග්‍රිම්ට ඇත්තටම අමුතු බලයක් තියෙනවද, නැත්නම් ඒ ඔක්කොම මිනිහගේ ඔළුව ඇතුළේ තියෙන මනෝවිකාරද කියලා. කොහොම වුණත් එක දෙයක් ෂුවර් මිනිහා නම් ලෙහෙසි පහසු පොරක් නෙවෙයි. මේ එපිසෝඩ් එකේ කොමඩි ටිකත් උපරිමයටම තිබ්බා. ඉතින් ඊළඟට මම ඔයාලට ගේන එපිසෝඩ් එක වෙනකම් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න !

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

389 downloadsDownload Twisted-Metal-S02E04-Sinhala-Subtitles.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

Next BT1

 

 

Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles by

UD Shehan

Subtitles

389 downloadsDownload Subtitles21 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ සබ්එකට

  2. Sandaru Nimsara

    Thanks