Watch Trailer

Highschool of the Dead [S01 : E03 & E04] Sinhala Subtitles | මළවුන් අතරින් පලායාම ! [සිංහල උපසිරසි] 18+

කොහොමද හැමෝටම. ඔන්න 3 සහ 4 කොටස්වලට උපසිරැසි අරගෙන ආවා. පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියලා හිතනවා. කොහොමද කතාව ? සුපිරියක් නේද ?. අද ගෙනාපු දෙකත් ඒ වගේම නියමයි. මේ කථාංග වලට පිළිවලින් IMDB අගයන් 7.2 ක් හා 6.6 ලැබිලා තියනවා. ඒක ඉතින් කථාංගයක් වෙනුවෙන් ලැබෙන සාමාන්‍ය ප්‍රතිචාර අගයන් දෙකක්. ඒ ප්‍රතිචා…

කොහොමද හැමෝටම. ඔන්න 3 සහ 4 කොටස්වලට උපසිරැසි අරගෙන ආවා. පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියලා හිතනවා. කොහොමද කතාව ? සුපිරියක් නේද ?. අද ගෙනාපු දෙකත් ඒ වගේම නියමයි. මේ කථාංග වලට පිළිවලින් IMDB අගයන් 7.2 ක් හා 6.6 ලැබිලා තියනවා. ඒක ඉතින් කථාංගයක් වෙනුවෙන් ලැබෙන සාමාන්‍ය ප්‍රතිචාර අගයන් දෙකක්. ඒ ප්‍රතිචාර වලින් මිදිලා නරඹන්නා වශයෙන් ඔයාගෙ හිතර දැනෙන විදිහට මේ කතාංග දෙකට ලැබෙන්න ඕනෙ අගයන් 10 / __ කීයද කියලා පහළින් comment එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා.

එහෙනම් දැන් අපි ගිය කථාංග වලින් මොනවද උනේ කියලා පොඩ්ඩක් මතක් කරගමු….


මාරාන්තික වෛරසයක් ඇවිල්ලා ජපානෙ මිනිස්සුන්ව ඇවිදින මළමිනී බවට පත්කරලයි තියෙන්නේ. මුලු ජපානයම ඉතින් ලොකු අවුලක පැටලිලා. කොහොමෙන් කොහොම හරි මේ වෛරසය ජපානෙ උසස් පාසලකට ඇතුලු වෙනවා. ඒකෙ ඉගෙනුම ලබන ටකාශි සහ පොරගෙ අනිත් යාලුවො දෙන්නා මේ මාරාන්තික වෛරසයෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. මුලු පාසලම අවුල් ජාලාවක පැටලිලා. මේ කන්ඩායමට එයාලගෙම පාසලේ තවත් විවිධ හැකියාවන් තියන යාලුවො ටිකක් සෙට් වෙනවා. දැන් ඇත්තටම මේ වෛරසයෙන් දිවිගලවගත්ත අයට සැබෑ තත්වය තේරිලා ඒවට විසඳුම් හොයන ගමන් තමටි ඉන්නේ එතනින් පළමු හා දෙවන කථාංග වල අවසානය සිද්ධ උනා.

 

දැන් අපි එහෙනම් මේ පාර කථාංග වලින් මොනවද වෙන්නෙ කියලා පොඩී දැනුමක් අරගමු.


මේ සෙට් එකම සතුරන්ගෙ දුර්වල ස්ථානය හොයාගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. දෙවියො දැන් මිනිස්සුන්ව පරික්ශාවට ලක් කරමිනුයි ඉන්නේ. ඇයි එහෙම කියන්නෙ ඇහුවොත්, මේ වගේ ව්‍යවසනයකින් බේරෙන්නෙ නම් පට්ට මොළයක් වගේම ඉවසීමකුත් තියෙන්න ඕනෙ. ආතතියෙන් පිරිලා ඊළඟට මොන හෙනගෙඩියක් කඩාපාත්වෙයිද කියලා බලාගෙන ඉන්න ටකාශිට කරදර වලින් නම් අඩුවක් වෙන්නෙ නෑ. මේ අස්සෙ එදිනෙදා කරන කටයුතු පවා ඇන හිටිලා තියෙන්නේ. ඒ අතර රේයි සහ ටකාශි මේ අලුත් ලෝකෙ Zombie ලට අමතරව තවත් බයවෙන්න ගොඩාක් දේවල් තියනවා කියලා දැනගන්නවා.

අන්න ඔහොම තමා මේ පාර කථාංග වල වෙන්නෙ…. මේ කියලා තියන දේවල් වලට අමතරව තව ගොඩාක් රසබර දේවල් වෙනවා මේ කාථාංග අස්සෙ ඒවා ඔයාලා බලලම දැනගන්න.

එහෙනම් ඊළඟ කොටස් වලින් අපි නැවත හමුවෙමු
Ecchi නම් කොච්චි !
see ya !!
– ගඟුල් කාව්‍ය-

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

2,057 downloadsDownload Highschool-of-the-Dead-S01-E03-E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

2,057 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Anonymous

    battle through the heavens cartoon series එක දේන්න පුලුවන්ද එක ගෝඩක් හෝද story එකක් තියන පට්ටම කතාවක්

    1. ලංකන් weebs

      අනිවාරෙන්ම උත්සාහ කරන්නම්

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Ishan Madusha

    8 වැඩි අගයක්.බොහෝම ස්තූතියි...

  4. Akila Dilhara

    Thanks Guys...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P