Watch Trailer

Highschool of the Dead [S01 : E05 & E06] Sinhala Subtitles | මළවුන්ගේ රාත්‍රිය ! [සිංහල උපසිරසි] 18+

Hello…. කොහොමද ඉතින් ? කලින් කථාංග හොඳට රස විඳින්න ඇති කියලා හිතනවා. කථාව හිතුවට වඩා පට්ට ආතල් නේද ? මේ ආතල් එක ඉතුරු කථාංග වලදිත් එහෙම්මම තියනවා. ඒ නිසා හොඳට කට ඇරන් මේක බලන්න පුලුවන්. මගේ මතේට අනූව තවම මේ වගේ Zombie anime එකක් ඇවිල්ලා නෑ. මේක ඒ තරමටම පට්ට. මේ කථාංගවලට IMDB දර්ශකයේ ප්‍රතිචාර […]

Hello…. කොහොමද ඉතින් ? කලින් කථාංග හොඳට රස විඳින්න ඇති කියලා හිතනවා. කථාව හිතුවට වඩා පට්ට ආතල් නේද ? මේ ආතල් එක ඉතුරු කථාංග වලදිත් එහෙම්මම තියනවා. ඒ නිසා හොඳට කට ඇරන් මේක බලන්න පුලුවන්. මගේ මතේට අනූව තවම මේ වගේ Zombie anime එකක් ඇවිල්ලා නෑ. මේක ඒ තරමටම පට්ට. මේ කථාංගවලට IMDB දර්ශකයේ ප්‍රතිචාර පිලිවෙලින් 7.0 සහා 7.3 ක් ලැබිලා තියනවා. ඔව් කලින් කථාංග වලට වඩා මේ පාර දෙකට වැඩි පුර ප්‍රතිචාර හම්බෙලා තියනවා.

කියව කියව ඉන්නෙ නැතුව අපි යමු ගිය පාර කථාංග වල මොකද්ද උනේ කියලා පොඩ්ඩක් විතර මතක් කරගන්න…. ටකාශි ඇතුලු යාලුවො රංචුව සතුරන්ගෙ දුර්වල ස්ථානය හොයාගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. දෙවියො දැන් මිනිස්සුන්ව පරික්ශාවට ලක් කරමිනුයි ඉන්නේ. ඇයි එහෙම කියන්නෙ ඇහුවොත්, මේ වගේ ව්‍යවසනයකින් බේරෙන්නෙ නම් පට්ට මොළයක් වගේම ඉවසීමකුත් තියෙන්න ඕනෙ. ආතතියෙන් පිරිලා ඊළඟට මොන හෙනගෙඩියක් කඩාපාත්වෙයිද කියලා බලාගෙන ඉන්න ටකාශිට කරදර වලින් නම් අඩුවක් වෙන්නෙ නෑ. මේ අස්සෙ එදිනෙදා කරන කටයුතු පවා ඇන හිටිලා තියෙන්නේ. ඒ අතර රේයි සහ ටකාශි මේ අලුත් ලෝකෙ Zombie ලට අමතරව තවත් බයවෙන්න ගොඩාක් දේවල් තියනවා කියලා දැනගන්නවා.

දැන් ඉතින් මේ පාර ඊටත් වඩා රසවත් දේවල් ගොඩාක් වෙයි…. මේ මළවුන්ගෙ ජනගහනය පිස්සුවෙ වගේ එන්න එන්නම වැඩි වැඩි වෙනවා. මේ රාක්ශයො එන්න එන්නම ජපානෙ වීදි වල වැඩි වෙනවා. ටකාශි සහ රේයි ඇතුලු සෙට් එකටම දැන් කරකියාගන්න දෙයක් නැතුවයි ඉන්නේ. බේරුණු මිනිස්සු හැමෝම තමන්ව ආරක්ශා කරගන්න විතරයි බලන්නේ. ඒක නිසා ටකාශිට ගොඩක් අවුල් වලට මුහුණ දෙන්න වෙනවා. පොලීසියට දැන් මේ තත්වය එක්ක එයාලගෙ උපරිම බලය පාවිච්චි කරන්න කියලා අවසර දීලා තියෙන්නේ. මේ කලබලය අස්සෙ ඒක වැඩකට නැති රජ විසින් ගත්ත හොඳ තීරණයක්. මේ කාලයේදි ටකාශි ඇතුලු පිරිස ඉස්සරහට එන අභියෝග වලට මුහුන දෙන්න සූදානම් වෙනවා.

අන්න ඒ විදිහට මේ පාර කොටස් දෙකත් ඉවර වෙනවා. මීට අමතරවත් තව දේවල් මේ කථාංග අස්සෙ වෙනවා, ඒවා බලලම රසවිඳින්න. එහෙනම් ඊළඟ කොටස් දෙකට උපසිරැසි අරන් එන්නම්
See ya !!

– ගඟුල් කාව්‍ය –

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

5,686 downloadsDownload Highschool-of-the-Dead-S01-E05-E06.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

5,686 downloadsDownload Subtitles20 KB

3 comments

  1. Anonymous

    Thanks jayawewa.....!

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P