Hijack Season 01 Sinhala Subtitles හැමෝටම ආයුබෝවන්! මම කොරියන් කතාමාලා හා චිත්‍රපටිවලට විතරක්ම සබ් ගෙනාපු නිසා මේ පාර ඉංග්‍රිසි ආරයකින් හැඩවුණු කතාමාලාවකට සබ් එකක් ගේන්න හිතුනා. මේක 2023 වර්ෂයේ විකාශනය ආරම්භ උණු කොටස් හතකින් සමන්විත මිනි සීරිස් එකක් විදියට දිගහැරෙන කතාමාලාවක්. මේක වර්ගවෙන්නේ Thrill…
Hijack Season 01 Sinhala Subtitles
හැමෝටම ආයුබෝවන්! මම කොරියන් කතාමාලා හා චිත්‍රපටිවලට විතරක්ම සබ් ගෙනාපු නිසා මේ පාර ඉංග්‍රිසි ආරයකින් හැඩවුණු කතාමාලාවකට සබ් එකක් ගේන්න හිතුනා. මේක 2023 වර්ෂයේ විකාශනය ආරම්භ උණු කොටස් හතකින් සමන්විත මිනි සීරිස් එකක් විදියට දිගහැරෙන කතාමාලාවක්. මේක වර්ගවෙන්නේ Thriller කියන ශානර වර්ගයට Thriller කිව්වම ඉතින් දන්නවනේ. එක හුස්මට බලාගෙන යන්න පුලුවන් කතාමාලාවක් තමයි මේක. ඉතින් මේ සුපිරි කතාමාලාව IMDb දර්ශකයේ 7.4/10 වගේම Rotten tomatoes වල 88% ක අගයකුත් ලබාගෙන තියනවා. මේක මුලින්ම විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ Apple TV+ හරහා. මේකට අති සුපිරි Cast එකක් තෝරගන්නත් අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියනවා.
ඉතින් අපි වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. කතාමාලාවේ නමින්ම මේකේ අන්තර්ගතය හිතාගන්න ඔයාලට පුලුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හරියටම හරි. මේ කතාමාලාව දිගහැරෙන්නේ ගුවන් යානා පැහැරගැනීමක් පිළිවදව. ලොව අතිශය කාර්යයබහුලම ස්ථාන කිහිපයෙන් එක් ස්ථානයක් තමයි ගුවන් තොටුපොළක් කියන්නේ ගුවන් යානා පාලක මධ්‍යස්ථාන ඇතුළුව එකී මෙකී නොකී ගොඩක් සංකීර්ණ දේවල් මේ ගුවන් තොටුපොළක් හරහා සිද්දවෙනවා.
ඉතින් ඩුබායි ගුවන් තොටුපොළේ ඉදලා ලන්ඩන්වල හිත්‍රෝ ගුවන් තොටුපොළට පියාසර කරන්න නියමිත වෙලා තියන කින්ඩම් 2-9 ගුවන් යානය එහෙම නැත්තන් KA29 ගුවන් යානය කාර්යය මණ්ඩලයේ පිරිස ඇතුළුව මගීන් 216ක් රැගෙන තම ගමනාන්තය දක්වා පියාසර කිරීම ආරම්භ කරන්නේ සුපුරුදු විදියටම. ප්‍රධාන ගුවන් නියමුවා වන රොබින් ඇලන් සහ සහයක ගුවන් නියමුවරිය ගුවන් යානයේ සිටින සියලුම පුද්ගලයන්ගේ වගකීම භාරගෙන උදෑසනින්ම පියාසැරිය ආරම්භ කරන්නේ සිනාමුසු මුහුණින්. නමුත් මෙය කිසිදා අමතක නොවන ගුවන් ගමනක් බව ඔවුන් මෙන්ම යානයේ සිටින කිසිවෙක්ම නොසිතන්න ඇතිබවනම් විශ්වාසයි.
පියාසැරිය ආරම්භ කරලා විනාඩි කීපයකට පස්සේ ගුවන් යානයේ පාලනය සියතට ගන්න පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සමත් වෙනවා. ගිනිඅවි අමෝරාගෙන සිටින ඔවුන් දැක බියෙන් සලීත වෙලා මගීන් ඉන්නේ කරකියාගන්න දෙයක් නැතිව. ඉතින් මේ කණ්ඩායමට එහෙම නැත්තන් හයිජැකර්ලට මුලින්ම ඕනවෙනවා නියමුවන් රැදිලා ඉන්න නියමු කුටියට ඇතුළු වෙන්න ඒත් නියමු කුටියට ලේසියෙන් කෙනෙක්ට ඇතුළු වෙන්නනම් බෑ. ඉතින් මේකටත් මේ හයිජැකර්වරු උපක්‍රමයක් හොයාගන්නවා. ඒ වගේම ගුවන් යානයට ගිනිඅවි රැගෙන එන්න පුලුවන් විදියේ උපක්‍රමයකුත් මොවුන් හොයාගෙන තමයි එන්නේ.ඒ කොහොමද වගේම මේ හයිජැකර්වරුන්ගේ අරමුණු මෙම ගුවන් යානය පැහැර ගැනීම පිටුපස ඉන්න අය වගේ විස්තර ඉදිරි කථාංගවලින් බලාගන්න පුලුවන්. ඒකට මේ කුතුහලය පිරුණු කතාමාලාව මුල ඉදලා අගට නරඹන්නම වෙනවා.
ආ කියන්න අමතක වුණා. මේ ගුවන් යානයේ ඉන්නවා එක විශේෂ මගියෙක්.ඔහු නමින් සෑම් නෙල්සන් මෙයා මේ යානයට ගොඩවෙන්නේ තම වෙන් වෙලා ඉන්න බිරිඳ සහ එකම පුතා ගාවට ආයෙත් යන්න කියලා හිතාගෙන ඒත් ඉතින් මෙයාගේ බිරිදනම් අලුත් පෙම්වතෙක් ඒ වෙනකොටත් හොයාගෙන. ඒ තමයි ඩැනියෙල් කියන රහස් පරීක්ෂකවරයා. ඉතින් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන සෑම් නෙල්සන්ගේ විශේෂත්වය වෙන්නේ ඔහු ආයතනික ව්‍යාපාරික සාකච්ඡාකරුවෙක්. ඉතින් මොහු උත්සහ කරනවා තම වෘත්තීය දක්ෂතා යොදාගෙන හයිජැකර්වරුන් එක්ක සාකච්ඡා කරලා මේක විසදන්න. ඉතින් සෑම් නෙල්සන් හා හයිජැකර්වරු එකිනෙක ගැටෙන ආකාරයත් අපිට මේකේදි බලාගන්න පුලුවන්.
ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා පුරා කථාංග හතක් ගුවන් යානා පැහැර ගැනීමකට ලක්වෙලා ඉන්න අත්දැකීමක් විදගන්න එන්න කියලා. එහෙනන් දෙවන කොටසෙන් හමුවෙමු.
Hijack Season 01 Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,919 downloadsDownload Hijack-S01-E01-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hijack Season 01 Sinhala Subtitles
Subtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
- #2023
- #Adnan Rashed
- #Aimée Kelly
- #Alex Macqueen
- #Alexis Zegerman
- #Ali Saleh
- #Amanda Douge
- #Antonia Salib
- #Archie Panjabi
- #Ben Ashenden
- #Ben Miles
- #bhin Galeya
- #Camilla Beeput
- #Cecilia Appiah
- #Chantelle Alle
- #Chris Corrigan
- #Christine Adams
- #Editor's Pick
- #Eve Myles
- #Fatima Adoum
- #George Kay
- #Grant Burgin
- #Gretchen Egolf
- #Hanora Kamen
- #Harry Michell
- #Hattie Morahan
- #Hijack
- #Hijack S01
- #Hijack Season 01
- #Hijack Season 01 Sinhala Sub
- #Hijack Season 01 Sinhala Subtitles
- #Holly Aird
- #Ian Burfield
- #Idris Elba
- #Jack McMullen
- #Jack Parry-Jones
- #Jaimi Barbakoff
- #James Barriscale
- #James Burrows
- #Jasper Britton
- #Jeremy Ang Jones
- #Jude Cudjoe
- #Julia Deakin
- #Justin Salinger
- #Jyuddah Jaymes
- #Kaisa Hammarlund
- #Kate Phillips
- #Kevin Eldon
- #Kyan Battick
- #Liv Spencer
- #Liz Kingsman
- #Lucia Aliu
- #Marcus Garvey
- #Max Beesley
- #MaxxA
- #Mei Henri
- #Mohamed Elsandel
- #Mohamed Faisal Mostafa
- #Nasser Memarzia
- #Nebras Jamali
- #Neil Maskell
- #Neil Stuke
- #Nikkita Chadha
- #Paul Hickey
- #Poppy Roe
- #Richard Hope
- #Rochenda Sandall
- #Samson Cox-Vinell
- #Sebastian Jessen
- #Simon McBurney
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Tom Bonington
- #Verity Henry
- #Waleed Elgadi
- #Zaydun Khalaf
- #Zora Bishop
- #ඉෂාරා ගුණරත්න
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Kantha_DLA
Ishara Gunarathna
බොහොම ස්තූතියි
Buddhika laKMal
බොහෝම ස්තූතියි සිස් අලුත් සීරිස් එහෙකට සිංහල සබ් ගෙනාවට
Sahan Gayantha
thanks a lot sahodari sub ekata
Duminda K
තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන ඉෂාරා සොහොයුරියට මාගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
ඔබටත් බයිස්කෝප් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩක්ම ස්තූතියි ඉෂා ....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!